යෙහෝවඃ වහන්සේ සොයන්නට කාලය දැන් ය
“නුවණින් [තීක්ෂණ බුද්ධියෙන් NW] ක්‍රියාකරන්නාවූ, දෙවියන්වහන්සේ සොයන්නාවූ යමෙක් ඇද්දැයි දකින පිණිස ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] ස්වර්ගයේ සිට මනුෂ්‍යපුත්‍රයන් දෙස බැලූසේක.”—ගීතාවලිය 14:2.
අද අදේවවාදීන්, අඥෙයවාදීන්, මිථ්‍යා දෙවිවරුන් නමස්කාර කරන්නන්, මෙන් ම දෙවියන් වහන්සේ විශ්වාස කරන බව කියා සිටිනමුත් තමන්ගේ ක්‍රියාවලින් උන් වහන්සේ නැතැයි අඟවන්නා වූ මිලියන සංඛ්‍යාත අය විසින් සැබෑ දෙවියන් වන යෙහෝවඃ වහන්සේ ව ප්‍රතික්ෂේප කරනු ලැබේ. (තීතස් 1:16) දහනව වන ශත වර්ෂයේ ජර්මන් දර්ශනවාදී නිට්ෂ්කි හා සමාන ව, “දෙවියන් වහන්සේ මැරී සිටින්නේ” යයි බොහෝ දෙනෙක් විශ්වාස කරත්. යෙහෝවඃ වහන්සේ මෙම මහත් උදාසීනත්වය ගැන නොදැන සිටින සේක් ද? නැත, මන්දයත් උන් වහන්සේ දාවිත්ට මෙසේ ලියන්නට පෙලඹවූ සේක: “අඥානයා: දෙවිකෙනෙක් නැතැයි සිතින් [හෘදයෙන් NW] කීය. ඔව්හු දුශ්චරිතයෙහි සිටිති, ඔව්හු පිළිකුල් ක්‍රියා කළෝය; යහපත කරන්නෙක් නැත.”—ගීතාවලිය 14:1.
2 දාවිත් තවදුරටත් මෙසේ ලීවේ ය: “නුවණින් [තීක්ෂණ බුද්ධියෙන් NW] ක්‍රියාකරන්නාවූ, දෙවියන්වහන්සේ සොයන්නාවූ යමෙක් ඇද්දැයි දකින පිණිස, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] ස්වර්ගයේ සිට මනුෂ්‍යපුත්‍රයන් දෙස බැලූසේක.” එසේ ය, තමන් හැඳින, තමන්ට සේවය කිරීමට සොයන්නා වූ අය පිළිබඳ ව ස්වාධිපති ස්වාමීන් වහන්සේ දන්නා සේක. මෙසේ, අප දැන් උන් වහන්සේ ව අප්‍රමාද ව සෙවීම අති වැදගත් ය. මෙය සදාකාල ජීවිතය හා සදාකාල අභාවය අතර වෙනස අදහස් කරනු ඇත.—ගීතාවලිය 14:2; මතෙව් 25:41, 46; හෙබ්‍රෙව් 11:6.
3 එබැවින්, යෙහෝවඃ වහන්සේ සෙවීමට අප අන්‍යයන්ට දැන් උපකාර කිරීම මෙතරම් වැදගත් වීමට හේතුව අපට පෙනේ. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙක් හමු වී නොමැති, නොඑසේ නම් “රාජ්‍යයේ මේ ශුභාරංචිය” අසා නොමැති තවත් මිලියන සංඛ්‍යාත ජනකායක් සිටිති. තව ද “මහත් පීඩාවට” පෙර “මහත් සමූහය” කොතරම් විශාල සංඛ්‍යාවක් දක්වා ඉහළ යනු ඇද්දැයි, අප දන්නේ නැත. එහෙත් බොහෝ ප්‍රමාද වන්නට පෙරාතුව, නුදුරු අනාගතයේ දී ම, තවත් වැඩි පිරිසක් විසින් යෙහෝවඃ දෙවියන් වහන්සේ සොයා දැන ගැනීමට ස්ථිර ව ම ප්‍රස්තාවක් ඇත. දැන් ප්රශ්නය වනුයේ, තවත් දස දහස් ගණන් පිරිසකට දෙවියන් වහන්සේ සොයා ගැනීමට උපකාර කිරීම සඳහා අපට කළ හැක්කේ කුමක් ද? යන්න ය.—මතෙව් 24:14; එළිදරව් 7:9, 14.
4 අද දවසේ ලෝකයේ බොහෝ දෙනෙක් සොයමින් සිටිනමුත් ඔවුන් සොයමින් සිටිනුයේ කුමක් ද? සැබෑ දෙවි වූ යෙහෝවඃ වහන්සේ සොයමින් සිටිනුයේ ඇත්තෙන් ම ඉතා සුළු පිරිසකි. බොහෝ දෙනෙක් තමුන්ගේ ම පුද්ගලික ආශාවන් හා අගති හැඟීම්වලට උචිත දෙවිකෙනෙකුට වැඩි කැමැත්තක් දක්වති. එක්සත් ජනපද ජනමත විචාරකයෙකු වන, ජෝජ් ගැලප් කණිෂ්ඨ පැවසූ ලෙසින්: “සමාජමය ආගම බොහෝ දුරට තිබෙන බැවින්, වංචාකිරීම, බදු මගහැරීම, හා සුළු සොරකම් යනාදි ක්ෂේත්රයන් සම්බන්ධයෙන් පල්ලි යන අය හා පල්ලි නොයන අය අතර එතරම් වෙනසක් ඔබට සැබවින් දැකබලා ගත නොහැකි ය.” ඔහු තවදුරටත් “බොහෝ දෙනෙක් තමන් පහසු එමෙන් ම තමන් පිනවන ආගමක් හුදෙක් සකසමින් සිටිති, . . . එය මනාපේ පරිදි ආගම [religion à la carte] ලෙස එක්කෙනෙකු හඳුන්වා ඇත,” යනුවෙන් ද පැවසී ය.
5 වෙනත් අය මෙසේ පවසති, “මගේ ආගම මට හොඳයි.” ඇත්ත වශයෙන් ම, ප්රශ්නය සැබවින් විය යුත්තේ, “මගේ ආගම දෙවියන් වහන්සේට හොඳයි ද?” යන්න ය. ක්‍රිස්තියානි ලෝකයට හා හින්දු ධර්මයට අයත් බහුතරය, සිය පිළිම හා දේව ප්රතිමාවලට මහත් ගෞරවයක් දැක්වීමෙන් සෑහීමකට පත්වන බව සැබෑවකි. ක්‍රිස්තියානින් යයි කියා ගන්නා වූ බොහෝ දෙනෙක් තමන්ට නිර්නාමික ත්රිත්වමය දෙවිකෙනෙකු සෑහේ යයි සිතති. එමෙන් ම මිලියන 900කට අධික මුස්ලිම් ජාතිකයෝ, අල්ලා කෙරෙහි විශ්වාස කරති. අනෙක් අතට, මිලියන සංඛ්‍යාත අදේවවාදීහු දෙවිකෙනෙකු නැතැයි කියති.
උපකාරය අවශ්‍ය කරන්නා වූ අය
6 එහෙත් නිරතුරු ව ම මෙම සඟරාව කියවන්නා වූ අප ගැන කුමක් කිව හැකි ද? අප සැබෑ දෙවියන් වහන්සේ සොයා ඇති අතර, උන් වහන්සේ අපට සම්බ වී ඇත. යාකොබ් 4:8 හි සඳහන් වචන සැබෑ බව සනාථ කර ඇත්තෙමු: “දෙවියන්වහන්සේට ළංවෙයල්ලා, එවිට උන්වහන්සේ නුඹලාට ළංවනසේක.” ක්‍රිස්තියානි සභාව සමඟ ක්‍රියාකාරී ආශ්‍රය තුළින් අප දෙවියන් වහන්සේ වෙත ළං වී ඇති අතර යෙහෝවඃ වහන්සේ අපට ළං වන ආකාරය අපි ම අත්දැක ඇත්තෙමු.—යොහන් 6:44, 65.
7 කෙසේ නමුත්, යෙහෝවඃ වහන්සේගේ ජනයා සමඟ වරින් වර ඇසුරු කිරීමට කැමති වන එහෙත් කැපවීමෙන් හා බව්තීස්මයෙන් යෙහෝවඃ වහන්සේ වෙතට ළං වීමට තවමත් ඒකාන්ත පියවර ගෙන නොමැති බොහෝ දෙනෙක් සිටින බව අපි දනිමු. අප මෙය දන්නේ කෙසේ ද? වර්ෂ 1990 මිලියන දහයක් පමණ දෙනෙක් යේසුස් වහන්සේගේ මරණය සිහිකිරීමේ උත්සවයට සහභාගි වූහ. එහෙත් ක්‍රියාකාරී ලෙස රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කරන්නේ කී දෙනෙක් ද? හුදෙක් මිලියන හතරකට වැඩි සංඛ්‍යාවකි. සත්‍යයට මිත්‍රශීලී එමෙන් ම ඇතැම් අවස්ථාවල අප හා ඇසුරු කිරීමෙන් වින්දනයක් ලබන නමුත්, රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමෙන් සත්‍යයේ පවිත්‍ර භාෂාව අනුමත කිරීමට තවමත් පටන් ගෙන නොමැති මිලියන හයක් පමණ දෙනා අපට සිටින බව මෙය අදහස් කරයි. නිසැක ව ම, අනියම් අවස්ථාවන්හි මින් බොහෝ දෙනෙක් යෙහෝවඃ වහන්සේ හා උන් වහන්සේගේ පාලනය වෙනුවෙන් කථා කරනවා ඇත. කෙසේ නමුත්, ඔවුන් තවමත් තමන් ව යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයින් ලෙස පැහැදිලි ව හඳුන්වා දී නැත. මොවුන්ටත් උපකාර කිරීමට අපට උවමනාවක් ඇත.—ශෙපනියා 3:9; මාර්ක් 13:10.
8 දැන් ලෝක ව්‍යාප්ත ව ඉටු වෙමින් පවතින ශ්‍රේෂ්ඨ ක්රියාදාමයේ අවසාන අදියරයෙහි, ප්‍රීතිමත්, ක්‍රියාශීලී යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් වීමට මොවුන්ට දිරිගැන්වීම ලබාදීමට අපි කැමැත්තෙමු. හිතෝපදේශ 1:23 හි යෙහෝවඃ වහන්සේගේ ප්‍රේමනීය ආරාධනාව කරුණාවෙන් සැලකිල්ලට ගන්න: “මාගේ අවවාදයට හැරියල්ලා. මෙන්න, මාගේ ආත්මය නුඹලා කෙරෙහි වගුරුවන්නෙමි, මාගේ වචන නුඹලාට දන්වන්නෙමි.” (යොහන් 4:14, සසඳන්න) ස්වකීය නාමය හා නමස්කාරය සමඟ අප ව හඳුන්වා දීමට අප ඒකාන්ත පියවර ගැනීම වෙනුවෙන් යෙහෝවඃ වහන්සේ ප්‍රතිචාරය දක්වනු ඇතැයි දැන ගැනීම කොතරම් දිරිගන්වන සුලු ද! නිසැක ව ම, හිතෝපදේශ 1:24, 25 හි විස්තර කර ඇති අය අතරට පත් වීමට අපට අවශ්‍යතාවයක් නැත: “මක්නිසාද මම අඬගැසීමි, නුඹලා අකැමැතිවූහුය; මාගේ අත දිගුකෙළෙමි, කවරෙක්වත් සැලකුවේ නැත; නුඹලා මාගේ සියලු දැනමුතුකම් සුළුකොට, මාගේ අවවාදය කොහෙත්ම පිළිනොගත්තාහුය.”
9 තමන් වහන්සේ ව සොයා ගැනීමට හැකියාව තිබිය දී, තමන්, උන් වහන්සේ ව සෙවිය යුතු බවට වූ යෙහෝවඃ වහන්සේගේ උපදේශය නොසලකා හරින, එසේ ම තමන් මහත් පීඩාව පටන් ගන්නා බව සැබවින් ම දකිනතුරු තම තීරණ පමා කරන අය, තමන් බොහෝ සේ පමා වී ඇති බව අත්දකිනු ඇත. මෙවන් ක්‍රියාදාමයක්, ඇදහිල්ල හා ප්‍රඥාව නොමැතිකමක් අඟවනු ඇති අතර යෙහෝවඃ වහන්සේගේ අනුග්‍රහයට [ලැබීමට නොවටිනා කරුණාවට NW] අවමන් කිරීමක් ද වනු ඇත.—2 කොරින්ති 6:1, 2.
10 මෙහිලා හදිසියේ ක්‍රියා කිරීමේ අවශ්‍යතාව විස්තර කරන්නට, ඔබ වෛද්‍යවරයෙකුගේ යහපත් අවවාද අනුගමනය කරනුයේ, ඔබට දෙගුණයක් නියුමෝනියාව වැලඳී තිබුණේ නම් පමණ ද? නොඑසේ නම්, ඔබ පළමු රෝග ලක්ෂණ නිරීක්ෂණය කළ අවස්ථාවෙහි ද? එසේ නම්, ඔබ සාතන්ගේ රෝගී ලෝකයෙන් වෙන් වී, යෙහෝවඃ වහන්සේ හා ස්වකීය සාක්ෂිකාරයින් සමඟ හා එක් වීමට තවදුරටත් බලා සිටිය යුත්තේ මක්නිසා ද? මන්දෝත්සාහයේ, උදාසීනත්වයේ, හා නොසැලකිල්ලේ විපාක හිතෝපදේශ 1:26-29 හි [න. අ.] වදන්වල පැහැදිලි කර ඇත: “ඔබ විපතට වැටෙන විට මම සිනාසෙන්නෙමි; භීතිය පැමිණෙන විට ද මම සමච්චල් කරන්නෙමි. . . . එවිට ඔබ මට හඬගසන නමුත් මම උත්තර නොදෙමි; ඔබ හැමතැන ම මා සොයන නමුත් මා සම්බ වන්නේ නැත. ඔබ කවදත් දැනුම හෙළා දුටුවහුය; දේව ගරුබිය එපා කළහු ය.” අපත්, පමණට වඩා ප්‍රමාද වී ඇති අවධියක ‘යෙහෝවඃ වහන්සේ’ සොයන්නන් ලෙස ගොදුරු නොවෙමු.
11 මෙම සඟරාව කියවන සමහරෙක් තවමත් සැබෑ දෙවියන් වහන්සේ සොයන්නා වූ ක්‍රියාදාමයෙහි යෙදී සිටිනවා විය හැකි ය. ඔබ තවදුරටත් ඔබගේ සෙවිල්ලෙහි නොනැවතී යෙදී සිටීම ගැන අපි සතුටු වෙමු. ඔබගේ බයිබල් අවබෝධය, සත්‍යය වෙනුවෙන් ස්ථිර ව සිටීමෙහි ලා තවදුරටත් ඒකාන්ත පියවර ගැනීමට ඔබ ව පොලඹවනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරන්නෙමු. ඔබගේ සෙවිල්ලෙහි ඔබට උපකාර කිරීමට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයින්ගේ සෑම සභාවක් ම සූදානමින් සිටින බව නිසැක වන්න.—පිලිප්පි 2:1-4.
ජ්වලිතය හා ක්‍රියාකිරීම සඳහා කාලයයි
12 අප සැම, යෙහෝවඃ දෙවියන් වහන්සේ හා ස්වකීය සැබෑ නමස්කාරය සමඟ අප ව හඳුනා ගැනීමට ක්‍රියා කිරීම, ඉතා වැදගත් වනුයේ මක්නිසා ද? හේතුව, ලෝක සිද්ධීන් අග්රප්රාප්තියක් කරා යොමු වෙමින් පවතින නිසා ය. ඉතිහාසයේ පිටු මිනිසා විසින් එය කියවිය හැකි පමණට වඩා වේගයෙන් පෙරළෙමින් තිබේ. දැන් වැට උඩ සිටින්නට, එසේත් නැතහොත් ඇල් මැරුණු ස්වභාවයෙන් සිටින්නට කාලය නොවේ ය. යේසුස් වහන්සේ ඉතා පැහැදිලි ව: “මාගේ පක්ෂයට නොසිටින්නා මට විරුද්ධය; මා සමග රැස් නොකරන්නා විසුරුවයි” යයි වදාළ සේක. උන් වහන්සේ තවදුරටත් මෙසේ ද වදාළ සේක: “යමෙක් මා ගැනත් මාගේ වචන ගැනත් ලජ්ජාවන්නේද, මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේද පියාණන්ගේද ශුද්ධවූ දේවදූතයන්ගේද තේජසින් යුක්තව එන කල උන්වහන්සේ ඔහු ගැනත් ලජ්ජාවනසේක.”—මතෙව් 12:30; ලූක් 9:26.
13 ජ්වලිතය හා ක්‍රියාකිරීම සඳහා කාලය දැන් ය. ලෝක සිද්ධීන් ගමන් කරන්නේ කිනම් දිසාවකටදැයි අප දන්නා අතර අර්මගෙදොනය, ක්ෂිතිජයේ ක්‍රමක්‍රමයෙන් විශාල ලෙස පෙනෙන්නට ඇත. එබැවින්, ඇමතුම වනුයේ, උන් වහන්සේ තවදුරටත් සොයා ගත හැකි ව තිබිය දී, ‘උන් වහන්සේගේ උදහස් දවසට’ පෙර දැන්, යෙහෝවඃ වහන්සේ සොයන ලෙස ය. මහත් පීඩාවෙහි දී, එය ප්‍රමාද වැඩි වනු ඇත.—ශෙපනියා 2:2, 3; රෝම 13:11, 12; එළිදරව් 16:14, 16.
14 ඇත්ත වශයෙන් ම, සියලු මිනිස් වර්ගයා දැන් දෙවියන් වහන්සේගේ අනුග්‍රහය සොයමින් සිටිය යුතු ය. ක්‍රියා 17:26-28 හි ප්‍රේරිත පාවුල් එය උචිත ලෙස පැහැදිලි කළේ ය: “උන්වහන්සේ [දෙවියන් වහන්සේ] පිළියෙලකළ කාලවල්ද සියලු මනුෂ්‍ය ජාතීන්ගේ වාසස්ථානවල සීමාද නියම කොට, මුළු පොළෝතලයෙහි වාසය කරන පිණිස එක්කෙනෙකුගෙන් ඔවුන් මැවූසේක. මෙසේ කළේ අතගා යමින්වත් යම් අන්දමකින් දෙවියන්වහන්සේව සම්බවන ලෙස ඔවුන් තමන්වහන්සේව සොයන පිණිසය; එහෙත් උන්වහන්සේ අප එකිනෙකාට නුදුරුව සිටිනසේක. මක්නිසාද අපි උන්වහන්සේ තුළ ජීවත්වමුව, හැසිරෙමුව, සිටිමුව.” “අපි උන්වහන්සේ තුළ ජීවත්වමුව, හැසිරෙමුව, සිටිමුව” යන එහි අවසාන ප්‍රකාශය, දෙවියන් වහන්සේ සොයන්නට අපට අවශ්‍ය තරම් හේතු සාධක ඉදිරිපත් කරයි. යෙහෝවඃ වහන්සේගේ ලැබීමට නොවටිනා කරුණාව හේතුවෙන්, අපි මෙම කුඩා පොළොවේ පටු එහෙත් අති වැදගත් ජෛවගෝලයේ ජීවත් වන්නෙමු. විශ්වයේ ස්වාධිපති ස්වාමීන් වහන්සේ වෙත අප කෘතඥ පූර්වක නොවිය යුතු ද? එමෙන් ම අප, ප්‍රායෝගික අන්දමින් අපගේ කෘතඥ පූර්වකත්වය පෙන්විය යුතු නොවේ ද?—ක්‍රියා 4:24.
15 ඉතිහාසඥ ආනල්ඩ් ටොයින්බි වරක් මෙසේ ලීවේ ය: “උත්තරීතර ආගමේ සැබෑ අරමුණ වනුයේ, එක් එක් ආත්මයට එමගින් මනුෂ්‍යයාගේ සැබෑ අවසානය සම්පූර්ණ කර ගැනීමට හැකි වනු පිණිස, එහි සාරය වන ආත්මික උපදෙස් හා සත්‍යයන්, ළඟා විය හැකි තරම් ආත්මවලට එය විහිදුවාලීම ය. මනුෂ්‍යයාගේ සැබෑ අරමුණ වනුයේ දෙවියන් වහන්සේ මහිමවත් කිරීම හා සදාකාලයට ම උන් වහන්සේ භුක්ති විඳීම ය.” (ඇන් හිස්ටෝරියන්’ස් ඇප්රෝච් ටු රිලිජන්, පිටු 268-9) දෙවියන් වහන්සේ මහිමවත් කරවනු පිණිස, අප පළමුකොට උන් වහන්සේ සොයා, උන් වහන්සේ හා උන් වහන්සේගේ අරමුණු පිළිබඳ ව නිවැරදි දැනගැන්මක් ලබා ගත යුතු ය. මෙබැවින්, යෙසායාගේ ආරාධනාව එතරම් උචිත ය: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] සම්බවෙන්ට සිටිද්දී උන්වහන්සේ සොයා, උන්වහන්සේ ළංව සිටිද්දී උන් වහන්සේට යාච්ඤාකරපල්ලා. [හඬගසන්න. NW] දුෂ්ටයා තමාගේ මාර්ගයද අධර්මිෂ්ඨ මනුෂ්‍යයා තමාගේ යෝජනාද අත්හැර, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] වෙතට හැරී ඒවා, උන්වහන්සේ ඔහුට අනුකම්පාකරනවා ඇත; අපේ දෙවියන්වහන්සේ වෙතට ඔහු හැරී ඒවා, මක්නිසාද උන්වහන්සේ අතිශයින් කමාවෙනවා ඇත.”—යෙසායා 55:6, 7.
අපට පිරිනැමිය හැක්කේ කිනම් ප්‍රායෝගික උපකාර ද?
16 තවමත් ක්‍රියාකාරී ප්‍රචාරකයන් වී නොමැති උනන්දුව දක්වන මිලියන සංඛ්‍යාත ජනයා, අප සියල්ලන්ට අභියෝගයක් ඉදිරිපත් කරත්. වැඩිමහල්ලන්, උපස්ථා සේවකයන්, පුරෝගාමීන්, හා ප්‍රචාරකයන් වශයෙන් සත්‍යය කෙරෙහි මිත්‍රශීලී අයට අප සමඟ සැබෑ නමස්කාරයේ ක්‍රියාකාරී හවුල්වන්නන් වීමට ප්‍රායෝගික ආකාරයකින් අප කරන්නේ කුමක් ද? අවශ්‍යතාව ඇති විට ප්‍රායෝගික උපකාරය පිරිනැමිය හැකි එක් ක්‍රමයක් වනුයේ, නිතිපතා පදනමක් මත යෙහෝවඃ වහන්සේගේ ආත්මයේ ප්‍රයෝජන ඔවුන්ට භුක්ති විඳිය හැකි ලෙසින් ඔවුන්ගේ නිවෙස්වලට ගොස් රාජ්‍ය ශාලාවේ රැස්වීම්වලට ඔවුන් කැඳවාගෙන යාම ය. හෙබ්‍රෙව් 10 වන පරිච්ඡේදයේ, 24 හා 25 වන වගන්තිවල හෙබ්‍රෙව්වරුන්ට වූ පාවුල්ගේ උපදේශයෙහි, එදා මෙන් අදත්, හදිසිතාවයක් පවති: “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබා ගනිමු. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නෑර, ඒ දවස ළංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාදකරමු.” යෙහෝවඃ වහන්සේගේ අනුමැතිය අත්දකින්නට කැමති කරන සියල්ලන්, තම පළාතේ රාජ්‍ය ශාලාවන්හි නිතිපතා ම යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ඇසුරු කරන ලෙස අපි දිරිගන්වමු.
17 රැස්වීම්වලට නිරතුරුව සහභාගි වන යමෙක් සමඟ අප බයිබලය පාඩම් කරන්නේ නම්, එම තැනැත්තාට ශුභාරංචියේ ප්‍රචාරකයෙක් ලෙස සුදුසුකම් ලැබීමට අපට උපකාර කළ හැකි ද? (ඔර්ගනයිස්ඩ් ටු එකොම්ප්ලිෂ් අවර් මිනිස්ට්‍රි, පිටු 97-9 බලන්න.) තව ද ඔහු හෝ ඇය, වරක් බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් වූ විට, අප සමඟ නිරතුරුව ප්‍රසිද්ධ දේශනා කිරීමේ ක්රියාවලියෙහි මෙන් ම අපගේ පාඩම් සමහරකට හා නැවත බැලීම්වලට අප සමඟ යාමට අපේ ආරාධනා පුළුල් කරනු ඇත්ද? (වර්ෂ 1989, දෙසැම්බර් 1 වන දිනැති ද වොච්ටවර් කලාපයේ 31 වන පිටුව බලන්න.) වෙනත් වචනවලින් කියතොත්, අලුත් අය වරක් සුදුසුකම් ලැබීමත් සමඟ, අපගේ දේශනා ක්රියාවලියෙහි ඒකාන්ත විපාක සමහරක් කෙළින් ම දැකබලා ගැනීමට සැලැස්වීමෙන් අප ඔවුන් දිරිගන්වන්නෙමු ද?—මතෙව් 28:19, 20.
යෙහෝවඃ වහන්සේ සොයනු ලැබීමට සුදුසු තැනැන්වහන්සේ ය
18 අප පසුතැවිලි වී ඇදහිල්ල දක්වන්නේ නම්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මිදීමේ මිලය නිසා, යෙහෝවඃ වහන්සේ අපගේ පෙර කළ පාප හා නොසැලකිලිමත්කම අපට එරෙහි ව තබන්නේ නැත. දාවිත්ගේ වචන සැලකිල්ලට ගන්න: “උන්වහන්සේ අපේ පාපවල ප්‍රකාරයට අප කෙරෙහි ක්‍රියා නොකළ සේක, අපේ අයුතුකම්වල ප්‍රකාරයට විපාක නුදුන්සේක. මක්නිසාද පොළොවට උඩින් අහස උස්ව තිබෙන්නාක්මෙන් උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන්ට උන්වහන්සේගේ කරුණාව මහත්ය. නැගෙනහිර බස්නාහිරෙන් දුරව තිබෙන්නාක්මෙන් උන්වහන්සේ අපේ වරද අපෙන් දුරු කළසේක. පියෙක් තම දරුවන්ට අනුකම්පා කරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] තමන් කෙරෙහි භය ඇත්තන්ට අනුකම්පාකරන සේක. මක්නිසාද උන්වහන්සේ අපේ ස්වභාවය දන්නාසේක; අප ධූලි බව උන්වහන්සේ සිහිකරන සේක.”—ගීතාවලිය 103:10-14; හෙබ්‍රෙව් 10:10, 12-14.
19 යෙහෝවඃ වහන්සේ සැබවින් ම ත්‍යාගශීලී එමෙන් ම දයාන්විත දෙවියන් වහන්සේ වන සේක. අප යටහත් පහත් ව හා පසුතැවිලි ව උන් වහන්සේ වෙතට එන්නේ නම්, උන් වහන්සේ සමාව දානය කර අමතක කරන සේක. උන් වහන්සේ විපාක ලෙස සදාකාලික ව නිරාගින්නේ වදදීමක් සමඟින් සදා පවතින අමනාපයක් නොදරන සේක. නැත, එය යෙහෝවඃ වහන්සේ පැවසුවාක් මෙන් වන්නේ ය: “මම, මමම, මා නිසා නුඹේ පාපවල් සිහි නොකොට, නුඹේ වරද මකාදමන තැනන්වහන්සේය.” මෙය, යෙහෝවඃ වහන්සේ සමඟ තිබූ සිය සබඳතාව නොසලකා හැර සත්‍යයෙන් ක්‍රමක්‍රමයෙන් දුරස් වූ යම් කෙනෙක් හට කොතරම් දිරිගැන්වීමක් විය යුතු ද! දැන් යෙහෝවඃ වහන්සේ සොයා උන් වහන්සේගේ නාමය දරන ජනයා සමඟ ක්‍රියාශීලී ඇසුරකට යළි පැමිණීමට ඔවුන්ටත් උනන්දු කෙරේ.—යෙසායා 43:25.
20 මේ සම්බන්ධයෙන් අපට, පුරාතන යුදයේ ආසා රජ තුළ දිරිගන්වන සුලු ආදර්ශයක් ඇත. හෙතෙම සිය රාජ්‍යයෙන් බොරු නමස්කාරය මුලින් උදුරා දැමූ නමුත්, මිථ්‍යා නමස්කාරයේ අංශුමාත්‍රයන් තවදුරටත් පැවතිණ. දෙවැනි ලේකම් 15 හි 2 සිට 4 දක්වා වගන්තිවල අඩංගු වාර්තාව, මතක් කරවීමක් ලෙස අනාගතවක්තෘ අසරියා ආසාට කී දෙය අපට පවසයි: “නුඹලා ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] සමග සිටින තුරු උන්වහන්සේ නුඹලා සමග සිටිනසේක; නුඹලා උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹලාට සම්බවෙනවා ඇත. නුඹලා උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේද නුඹලා අත්හරිනවා ඇත. බොහෝ කාලයක සිට ඉශ්රායෙල්වරු සැබෑවූ දෙවියන්වහන්සේ . . . නැතුව සිටියෝය. නුමුත් ඔවුන් තමුන්ගේ විපතේදී ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] දෙසට හැරී උන්වහන්සේ සෙවූ කල උන්වහන්සේ ඔවුන්ට සම්බවූසේක. [තමන් වහන්සේ ව ම හමු වීමට ඔවුන්ට සැලැස්වූ සේක. NW]”
21 යෙහෝවඃ වහන්සේ ආසා රජු සමඟ හැංගිමුත්තන් සෙල්ලම් කරමින් නොසිටිමුත්, “තමන් වහන්සේ ව හමු වීමට සැලැස්වූ සේක.” එම රජ මෙම පණිවුඩයට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේ ද? එම පරිච්ඡේදයේ ම 8 වන සහ 12 වන වගන්ති පිළිතුරු දෙන්නේ ය: “ආසා මේ වචනය . . . ඇසූ කල ධෛර්ය්ය උපදවාගන, . . . මුළු දේශයෙන් . . . පිළිකුල් දේවල් අහක්කෙළේය; ඔහු ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] ද්වාරමණ්ඩපය ඉදිරිපිට තිබුණු ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] පූජාසනයද අලුත්වැඩියා කෙළේය. තවද ඔව්හු [යුදා] තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] තමුන්ගේ මුළු සිතින්ද [හෘදයෙන් ද NW] මුළු ආත්මයෙන්ද සොයන්ටත්, ගිවිසුමක් කළෝය.” එසේ ය, ඔවුහු අවංක ව “තමුන්ගේ මුළු සිතින්ද [හෘදයෙන් ද NW] මුළු ආත්මයෙන්ද” යෙහෝවඃ වහන්සේ සෙව්වෝ ය. එම ජාතිය සඳහා විපාකය කුමක් වී ද? පහළොස්වන වගන්තිය අපට මෙසේ පවසයි: “සියලු යුදාවරු ඒ දිවුරුම ගැන ප්‍රීතිවූහ. මක්නිසාද ඔව්හු තමුන්ගේ මුළු සිතින් [හෘදයෙන් NW] දිවුරා, තමුන්ගේ මුළු කැමැත්තෙන් උන්වහන්සේ සෙව්වෝය; ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] ද ඔවුන්ට සම්බව හාත්පසින්ම ඔවුන්ට විශ්‍රාමය දුන්සේක.”
22 දැන්, එම සිද්ධිය, යෙහෝවඃ වහන්සේගේ නිර්මල නමස්කාරය සම්බන්ධයෙන් ඒකාන්ත පියවර ගැනීමට අප සියල්ලන්ට දිරිගැන්වීමක් නොවේ ද? තවත් මිලියන සංඛ්‍යාවක් යෙහෝවඃ වහන්සේ ප්‍රශංසා කිරීමට හැකියාව ඇති බව අපි දනිමු. නිසැක ව ම මොවුන්ගෙන් බොහෝ දෙනෙක් යෙහෝවඃ වහන්සේගේ සේවය සඳහා ශුද්ධ ලියවිලිමය සුදුසුකම් ලැබීමට සිය ජීවිතයේ වෙනස්කම් සිදුකරමින් සිටිති. අන්‍යයන් තීක්ෂණ බුද්ධියෙහි හා ඇදහිල්ලෙහි වර්ධනය වෙමින් යෙහෝවඃ වහන්සේ සොයන අතර, යෙහෝවඃ වහන්සේ හා ස්වකීය රාජ්‍ය සම්බන්ධ පුළුල් අවබෝධයක් අන්‍යයන්ට දැන්වීමෙන් පවිත්‍ර භාෂාව බෙදා ගැනීමට පෙලඹීම් ඉදිරියේ දී ලැබෙනු ඇත. එමෙන් ම උන් වහන්සේ සොයා ගත හැකි ව තිබිය දී දැන් අප සියල්ලන් යෙහෝවඃ වහන්සේ සෙවීම මෙතරම් අති වැදගත් වනුයේ මක්නිසා ද? ඊට හේතුව උන් වහන්සේගේ පොරොන්දු වූ නව ලෝකය අතළඟ ව ඇති නිසා ය!—යෙසායා 65:17-25; ලූක් 21:29-33; රෝම 10:13-15. w91 04/01
ඔබට මතක ද?
◻ සැබෑ දෙවි වූ යෙහෝවඃ වහන්සේ කෙරෙහි උදාසීනත්වය පෙන්වනුයේ කවරෙක් ද?
◻ ආගම බොහෝ විට හැසිරීම කෙරෙහි බලපානුයේ කොතරම් දුරට ද?
◻ ක්‍රියාකාරී සාක්ෂිකාරයින්ගේ වැඩිවීමක් සඳහා ඇත්තේ කිනම් අපේක්ෂාවක් ද?
◻ ජ්වලිතය හා ක්‍රියාකාරකම සඳහා කාලය දැන් වනුයේ මක්නිසා ද?
◻ යෙහෝවඃ වහන්සේ සොයනු ලබන්ට වටින්නේ මක්නිසා ද?
[පාඩම සඳහා ප්‍රශ්න]
1, 2. (අ) බොහෝ දෙනෙක් සැබෑ දෙවි වූ යෙහෝවඃ වහන්සේ ගැන සලකන්නේ කෙසේ ද? (ආ) යෙහෝවඃ වහන්සේ මනුෂ්‍ය වර්ගයාගේ උදාසීනත්වය ගැන දන්නා බව අප දන්නේ කෙසේ ද?
3. අනාගතය සඳහා සිදුවිය හැකි කුමන ප්‍රස්තාවක් ඇත්ද?
4, 5. දෙවිකෙනෙකු සඳහා වූ සිය සෙවිල්ලෙහි, බොහෝ දෙනෙක් වැඩි කැමැත්තක් දක්වනුයේ කුමකට ද?
6. මුරටැඹ සඟරාවේ පාඨකයින් බොහෝ දෙනෙක් සොයාගෙන ඇත්තේ කුමක් ද?
7. සත්යයයේ ක්‍රියාශීලී වීමට තවදුරටත් උනන්දුවක් දක්වන බොහෝ දෙනෙක් සිටින බව අප දන්නේ කෙසේ ද?
8, 9. (අ) යෙහෝවඃ වහන්සේ කුමක් කිරීමට අපට දිරිගන්වන සේක් ද? (ආ) යෙහෝවඃ වහන්සේගේ උපදේශය නොසලකා හැරීම අඥාන වනුයේ මක්නිසා ද?
10. මන්දෝත්සාහය හා උදාසීනත්වය අන්තරාදායක විය හැක්කේ මක්නිසා ද?
11. දෙවියන් වහන්සේට සේවය කරන්නට සොයන්නන් උදෙසා ඇති උපකාරය කුමක් ද?
12, 13. සැබෑ නමස්කාරය සම්බන්ධයෙන් අප ක්‍රියාකාරී වීම අවශ්‍ය වනුයේ මක්නිසා ද?
14. දෙවියන් වහන්සේ සෙවීම සඳහා අපට ඇති හේතු මොනවා ද?
15. (අ) උත්තරීතර ආගමේ අරමුණ ඉතිහාසඥ ආනල්ඩ් ටොයින්බිට හැඟුණේ කුමක් ලෙස ද? (ආ) දෙවියන් වහන්සේ මහිමවත් කරවිය හැකි වනු පිණිස අප කුමක් කළ යුතු ද?
16. (අ) ක්‍රිස්තියානි සභාවට මුහුණ දීමට ඇති අභියෝගය කුමක් ද? (ආ) අන්‍යයන්ට යෙහෝවඃ වහන්සේට සේවය කිරීමට සහාය වීමට අපට හැක්කේ කිනම් ප්‍රායෝගික ක්‍රමයෙන් ද?
17. යෙහෝවඃ වහන්සේ සඳහා වූ සිය සෙවිල්ලෙහි වර්ධනය වීමට අප බයිබල් ශිෂ්‍යයින්ට උපකාර කරන්නට යන්නේ නම්, කිනම් ප්‍රශ්නවලට පිළිතුරු අවශ්‍ය වේ ද?
18. යෙහෝවඃ වහන්සේ මනුෂ්‍යවර්ගයා කෙරෙහි ස්වකීය අනුකම්පාව පෙන්වා ඇත්තේ කෙසේ ද?
19. සත්‍යයයෙන් ක්‍රමක්‍රමයෙන් දුරස් වී ඇති අය වෙනුවෙන් ඇති දිරිගැන්වීම කුමක් ද?
20, 21. (අ) පුරාතන යුදයේ අපට ඇත්තේ කිනම් දිරිගන්වන සුලු ආදර්ශය ද? (ආ) යෙහෝවඃ වහන්සේගේ ආශීර්වාදය අත්කර ගනු පිණිස යුදයේ පුරවැසියන්ට කරන්නට සිදු වූයේ කුමක් ද?
22. යෙහෝවඃ වහන්සේගේ සේවයෙහි දැන් ක්‍රියාකාරී වීමට අපට දිරිගන්වනුයේ කුමක් ද?
සිහි කිරීමේ උත්සවයට පැමිණෙන යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයින්ගේ මිත්‍රයින්ගෙන් බොහෝ දෙනෙකුට දෙවියන් වහන්සේගේ සේවකයින් වීමේ හැකියාව ඇත
1990 හි මරණ සිහිකිරීමට පැමිණි සංඛ්‍යාව: 99,50,058කි
1990 හි ඉහළ ම ප්රචාරක සංඛ්‍යාව: 40,17,213කි
ආසා රජුගේ කාලයේ, ජාතිය යෙහෝවඃ වහන්සේ වෙතට හැරුණෝ ය