ක්‍රිස්තුස් වහන්සේ තුළින් එක්සත්කම සහතික ය
එපීස පොතෙන් මූලික කරුණු
පො.යු. 52 මුල් අවදියේ දී ප්‍රේරිත පාවුල් එපීසයේ දේශනා කළේ ය. කුඩා ආසියාවේ පිහිටි මෙම වෙළඳ නගරය ද බොරු ආගමේ මධ්‍යස්ථානයක් වූයේ ය. නමුත් පෙනෙන අයුරින්, පො.යු. 52⁄53 ශීත ඍතුවේ දී පමණ පාවුල් එපීසයට නැවත පැමිණීමෙන් පසු, එහි ක්‍රිස්තියානි ධර්මය සමෘද්ධිමත් විය. ඔහු ශිල්ප ශාලාවක දවස්පතා කථා ඉදිරිපත් කළ අතර, වසර තුනක් පමණ කාලයක් එහි නැවතී සිටින අතරතුර, ගෙයින් ගෙට යමින් සාක්ෂි දැරී ය.—ක්‍රියා 19:8-10; 20:20, 21, 31.
පො.යු. 60-61 පමණ රෝමයේ සිරගත වී සිටිය දී, පාවුල් එපීස ක්‍රිස්තියානින් හට ලීවේ ය. ක්‍රිස්තුස් වහන්සේ තුළින් එක්සත්කම ඇතිවීම ඔහුගේ ලිපියේ තේමාවයි. ඇත්ත වශයෙන් ම, පාවුල් ලියූ අනෙක් ලිපිවලට වඩා ‘ක්‍රිස්තුස් වහන්සේ තුළින් එක්සත් වන්න’ යන යෙදුම 13 වරක් මෙහි සඳහන් වෙයි. දුරාචාරයෙන් සහ දුෂ්ට ආත්ම බලවේගයන්ට එරෙහි ව සිටීමෙන්, එපීසවරුන් මෙන් අපට ද ක්‍රිස්තුස් වහන්සේගේ ක්‍රියා කලාපය පිළිබඳ පාවුල්ගේ වචනවලින් ප්‍රයෝජන ගත හැකි ය.
එක්සත්කම දෙවියන් වහන්සේගේ අරමුණ වෙයි.
පළමුවෙන් ම, පාවුල් විස්තර කළේ, ක්‍රිස්තුස් වහන්සේ තුළින් දෙවියන් වහන්සේ එක්සත්කම ගෙන එන ආකාරයයි. (1:1-23) ස්වර්ගයේ ද පොළොවේ ද සියලු දේවල් “පරිපාලනයක්” (කාරණා පරිපාලනය කිරීමේ මාර්ගයක්) මගින් නැවත ඒකරාශී කිරීමට යෙහෝවඃ වහන්සේ අරමුණු කළ සේක. ක්‍රිස්තුස් වහන්සේ තුළින්, ස්වර්ගීය ජීවනයට තෝරා ගනු ලැබ තිබෙන අය ව හා පොළොව මත ජීවත් වන අයව දෙවියන් වහන්සේ තමන් වහන්සේ සමඟ එක්සත් කර ගන්නා සේක. අද දින, දෙවියන් වහන්සේ ආලේපලත් අය හා “මහත් සමූහය” එක්සත් කොට තිබෙන අතර, ‘පොළොවේ සියලු දේවල් ඒකරාශි කිරීම’, සිහිවීමේ සොහොන් ගෙවල සිටින අය යේසුස් වහන්සේගේ හඬ අසා පිටතට පැමිණෙන තෙක්, නොකඩවා සිදුවනු ඇත. (එළිදරව් 7:9; යොහන් 5:28, 29) තමන් වෙත වූ දෙවියන් වහන්සේගේ සැපයුම කෙරෙහි එපීසවරුන් අගය දක්වන පිණිස පාවුල් යාච්ඤා කළාක් මෙන්, අප ද මේ ගැන කෘතඥපූර්වක විය යුතු ය.
කලක පාපය තුළ මිය ගොස් සිටි අන්‍ය ජාතික ක්‍රිස්තියානින් වෙතට ඊළඟට අවධානය යොමු කරන ලදි. (2:1–3:21) ක්‍රිස්තුස් වහන්සේ මගින්, ව්‍යවස්ථාව අහෝසි කරන ලද අතර, යුදෙව්වන් හා අන්‍ය ජාතීන් එක්සත් වී, ආත්මය මගින් දෙවියන් වහන්සේට වාසය කිරීම සඳහා මාළිගාවක් බවට පත් වනු පිණිස පදනමක් දමන ලදි. පාවුල්ගේ භාරකාරත්වය වූයේ, අන්‍යජාතීන්ට ක්‍රිස්තුස් වහන්සේ තුළ එක්සත් විය හැකි බවටත්, කථාවේ නිදහස්කම ඇති ව උන් වහන්සේ තුළින් දෙවියන් වහන්සේ වෙතට එළඹිය හැකි බවටත් වූ ශුද්ධ රහස දැනගැනීමට සැලැස්වීම ය. පාවුල් එපීසවරුන් වෙනුවෙන් නැවත යාච්ඤා කළ අතර, මේ වතාවේ ඔහු අයැද සිටියේ, යෙහෝවඃ වහන්සේ ඔවුන් ව ඇදහිල්ල සහ ප්‍රේමය මගින් ස්ථීර ලෙස පිහිටුවීමට සලස්වන ලෙස ට ය.
එක්සත්කමට අනුබල දෙන සාධක
දෙවියන් වහන්සේ එක්සත් කරවන සාධකයන් සපයා තිබෙන බව පාවුල් පෙන් වී ය. (4:1-16 මේවා අතර, එක ආත්මික ශරීරයක් වන සභාව වෙයි. ක්‍රිස්තුස් වහන්සේගේ නායකත්වය යටතේ එක්සත්කමින් ශරීරය ක්‍රියාත්මක වෙයි. එමෙන් ම සියල්ලන්ට ම ඇදහිල්ලේ ඒකත්වයක් වීමට උපකාර කිරීමට මනුෂ්‍යයන් තුළ දීමනාවන් උන් වහන්සේ සපයා තිබෙන සේක.
එක්සත්කම වැඩි දියුණු කරවන ක්‍රිස්තියානි ගුණාංග විදහා පෑමට ද යෙහෝවඃ වහන්සේ සලස්වන සේක. (4:17–6:9) “අලුත් පුද්ගලිකත්වයක්” පැළඳගෙන සිටීමෙන්, දුරාචාර අශික්ෂිත කථාවන් වැනි අභක්තිකකම්වලින් ක්‍රිස්තියානිහු වැළකෙති. ඔව්හු ඥානවන්ත ව හැසිරෙති, ක්‍රිස්තුස් වහන්සේට ගෞරවය පෙන්වති, එමෙන් ම නිසි යටහත්කම විදහා පාති.
මීට අමතර ව, අපගේ එක්සත්කම බිඳ දැමීමට මාන බලන දුෂ්ට ආත්ම බලවේගයන්ට එරෙහි ව සිටීමට දෙවියන් වහන්සේ ක්‍රිස්තියානින්ට හැකි කරවන සේක. (6:10-24) දෙවියන් වහන්සේගෙන් පැමිණෙන යුද්ධායුධ එවැනි ආරක්ෂාවක් සපයයි. එබැවින් අපි ඒවා පාවිච්චි කරමු, එමෙන් ම අපගේ කන්නනලව්වල දී, සෙසු අදහිලිවන්තයන්ව ද ඇතුළත් කරමින්, මහත් උනන්දුවෙන් යාච්ඤා කරමු.
පාවුල් එපීසවරුන්ට දුන් උපදෙස් මොන තරම් කදිම ද! දුරාචාරයෙන් වැළකී සිටීමෙන් සහ දුෂ්ට ආත්ම බලවේගයන්ට එරෙහි ව සිටීමෙන් අපි ඒවාට කීකරු වන්නන් වෙමු. එලෙස ම, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් අපි භුක්ති විඳින එක්සත්කම ගැඹුරින් අගය කරමු. w90 11⁄15
ගිනිමය මිසයිලයන්: ආත්මික යුද්ධායුධවලට, සාතන්ගේ “ගිනිමය මිසයිලයන්” මැඩපැවැත්වීමට උපකාරවත් වන “ඇදහිල්ලේ විශාල පලිහ” ඇතුළත් වෙයි. (එපීස 6:16, NW) රෝමවරු භාවිතා කරන ලද සමහරක් මිසයිලයන් වූයේ, තුඩ යට සවි කොට තිබූ, ගිනිමය නැප්තාවලින් (අඟුරු වලින් පෙරා ගන්නා වහා ගිනි ගන්නා සුළු තෙල් වර්ගයක්) පුරවා තිබූ යකඩ ග්‍රාහකයකින් සමන්විත කුහර සහිත ඊතලය. ගින්න නිවීම වළක්වනු පිණිස ඒවා බුරුල් දුනුවලින් විදිනු ලැබූ අතර, ඒවාට වතුර ඉස නිවන්නට යාමෙන් සිදු වන්නේ, ඒවායේ ගිනි රස්නය තවත් වැඩිවීම පමණි. නමුත් විශාල පලිස් එවැනි ඊතලවලින් සොල්දාදුවන් ව ආරක්ෂා කළ අතර, යෙහෝවඃ වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ල, ස්වකීය සේවකයන් හට “දුෂ්ටයාගේ සියලු ගිනිමය මිසයිල මැඩපැවැත්වීමට” හැකි කරවයි. එසේ ය, දුෂ්ට ආත්ම බලවේගයන්ගෙන් පැමිණෙන ප්රහාරයන්ට එරෙහි ව සිටීමට හා, වැරදි දේ කිරීමටත්, ද්‍රව්‍යවාදි ජීවිතයක් ලුහුබැඳීමටත්, බිය හා සැක ඇති වීමටත් සලස්වන පරීක්ෂාවන්ගෙන් ද, ජය ගැනීමට ඇදහිල්ල අපට උපකාර කරයි.