ව්‍යාපාර ප්‍රදේශයන්හි සාක්ෂි දැරීම ජපන් ක්‍රමය
“පොළොවේ බොහෝ ඈත ප්‍රදේශයන් දක්වා” ශුභාරංචිය ව්‍යාප්ත විය යුතු බවට වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආඥාව, ව්‍යාපාර ප්‍රදේශයන් දක්වා විහිදී යා යුතු ය. (ක්‍රියා 1:8, NW) ජපානයේ, මහජන ආයතනවල සහ විශාල සමාගම්වල සේවය කරන ජනයාට රාජ්‍යය පිළිබඳව සාක්ෂි දැරීම; යම් තරමක අභියෝගයකි. එක් සභාවකට අයත් රාජ්‍ය ප්‍රචාරකයෝ, නගරයක පිහිටා තිබූ එක් කාර්යාල ගොඩනැගිල්ලක දිවා ආහාරය අතරතුරේදී සඟරා සාක්ෂි දැරීමක් කිරීමට අවසර ලබා ගත්හ. මෙම ප්‍රචාරකයෝ මේ සඳහා ධෛර්ය දෙන ලෙස යෙහෝවඃ වහන්සේට යාච්ඤා කළා පමණක් නොව, තමන්ගේ ඇඳුම් සහ හැසිරීම ගැන වැඩි අවධානයක් යොමු කළ අතර, තමන් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයන් ලෙස හඳුන්වා දෙන සහ තම නම් පෙන්නුම් කරන හැඳුනුම් පත් පවා සූදානම් කර ගත්හ.
එක් සාක්ෂිකාරයෙක් වැඩ කරන සේවකයෙක් වෙත ලඟා වී මෙසේ පවසයි: “සමාවෙන්න, මෙහි සිටින අයට කථා කිරීමට මට අවසර ලැබුණා. ඔබ ආහාර ගන්නා අතරතුරේදී මම ඔබට කථා කලාට කමක් නැද්ද?” සාක්ෂිකරුවන් හට හොඳ විනිශ්චයක් පෙන්වීමට ද, “ලුණෙන් රසවත් වූ” වචන පාවිච්චි කිරීමට ද සිදුවිණ. (කොලොස්සි 4:6) තම පළමු ප්රයත්නයේ දී ඔවුන් සඟරා 39ක් බෙදාදුන් අතර, එහෙත් තට්ටු අටකින් සමන්විත එම මුළු ගොඩනැගිල්ලේ සේවය කරන මිනිසුන් 1500 හමුවීමට වතාවන් හතරක් එහි යාමට සිදුවිය. සඟරා සිය ගණනකටත් වඩා වැඩියෙන් ඔවුන් ඒ අය සමඟ තබා ආ අතර, සඟරා මාර්ගයන් හා නැවත බැලීම් ඇති කර ගැනීමට ඔවුනට හැකියාව ලැබිණි.
මේ අතරින් එක් ප්‍රචාරකයෙක් කළමනාකාරවරයෙකු වෙත ගොස් නැවත බැලීමක් කළේ ය. ඔහු නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් බයිබල් පරිවර්තනයෙන් බයිබල් පදයක් කියවනවා ඇසූ පසු, ඔහු පැවසුවේ: “මේ බයිබලය තේරුම් ගන්නට හරි පහසුයි. මම මීට පෙර කියවූ බයිබලය යල් පැන ගිය ජපන් භාෂාවෙන් තිබෙන එකක්. අනෙක, එය කියවන්නට හරි අමාරුයි.” ඊළඟ සතියේ දී නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් හි බයිබලයක් ඔහු හට ලබාදුණි.
ව්‍යාපාර ප්‍රදේශයන් හි සිටින අය ඇතුලු, “සියලු ආකාර මිනිසුන්ට” ශුභාරංචිය දේශනා කිරීම පිණිස ඔබගේ සභා ප්‍රදේශය තුළ වැඩියෙන් වැඩ කිරීමට ඔබට හැකි ද?—1 තිමෝති 2:4. w90 2/1