සහභාගි වන අයගේ දැනගැනීම සඳහා
පරිවාරකයෝ පරිවාරකයන්ව පත් කරලා තියෙන්නේ ඔයාලට උදව් කරන්නයි. වාහන නවත්වද්දී, රැස් වෙලා ඉන්න අයට මඟ පෙන්වද්දී, පුටු වෙන් කරද්දී සහ වෙනත් කාරණාවලදී එයාලට සම්පූර්ණ සහයෝගය දෙන්න.
බව්තීස්මය බව්තීස්ම වෙන අයට වේදිකාවේ ඉදිරිපස පුටු වෙන් කරලා තියෙනවා. යම් වෙනසක් කරනවා නම් ඒ ගැන දැනුම් දෙයි. එයාලා සෙනසුරාදා උදෑසන බව්තීස්ම දේශනය පටන්ගන්න කලින් ඒ පුටුවල වාඩි වෙලා ඉන්න ඕනේ. තුවායක් සහ විනීත ඇඳුමක් අරගෙන එන්න.
සම්මාදම් ප්‍රමාණවත් පුටු, ශබ්ද විකාශන, වීඩියෝ උපකරණ සහ වෙනත් බොහෝ සේවාවන් අපිට ලබා දෙන්නේ සමුළුවෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන දෙවියන්ට ළං වෙන්නයි. ඒ වෙනුවෙන් දරන වියදම් පියවගන්න ලෝක ව්‍යාප්ත සේවය සඳහා ඔයා ලබා දෙන ස්වේච්ඡා සම්මාදම් උදව් වෙනවා. ඔයාගේ පහසුව සඳහා පැහැදිලිව ලකුණු කර ඇති සම්මාදම් පෙට්ටි ශාලාවේ තැනින් තැන තියලා තියෙනවා. කැමති නම් donate.jw.org. වෙබ් අඩවිය හරහාත් සම්මාදම් කරන්න පුළුවන්. ඔයා කරන හැම සම්මාදමක්ම හුඟක් අගය කරනවා. රාජ්‍යයේ වැඩකටයුතුවලට ඔයාලා දෙන සහයෝගයට පාලක මණ්ඩලය හුඟක් ස්තුතිවන්ත වෙනවා.
ප්‍රථමාධාර මෙය හදිසි අවස්ථාවන් සඳහා පමණක් බව මතක තියාගන්න.
නැති වූ භාණ්ඩ ඔයාට අයිති නැති දෙයක් හම්බ වුණොත්, නැති වූ භාණ්ඩ අංශයට භාර දෙන්න. ඔයාට අයිති දෙයක් නැති වුණා නම් මේ අංශයට ගිහින් ඒක ලැබිලා තියෙනවාද කියලා හොයලා බලන්න. දෙමව්පියන්ව හොයාගන්න බැරුව අතරමං වුණ දරුවන්වත් මෙම අංශයට භාර දෙන්න පුළුවන්. ඒත් දෙමාපියෙනි, දරුවන් ඔයාලා එක්ක ඉන්නවාද කියලා නිතරම සැලකිලිමත් වෙන්න. ඒක හැමෝටම සමුළුවෙන් ප්‍රයෝජන ගන්න උදව් වෙයි.
පුටු අනිත් අය ගැන සැලකිලිමත් වෙන්න. පුටු වෙන් කරන්න පුළුවන් ඔයා එක්ක වාහනයෙන් එන අයට, ඔයාගේ ගෙදර ඉන්න අයට නැත්නම් ඔයා එක්ක බයිබලය පාඩම් කරන අයට විතරයි කියලා මතක තියාගන්න. ඔයා පුටුවක් වෙන් කරලා නැත්නම් ඒවා උඩ බඩු තියන්න එපා.
ස්වේච්ඡා සේවය සමුළුවට සම්බන්ධ වැඩවලට සහය වෙන්න ඔබ කැමති නම් තොරතුරු සහ ස්වේච්ඡා සේවා අංශයට දැනුම් දෙන්න.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය විසින් සැලසුම් කර ඇත
© 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania