ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 4 පරි. 16 පි.-17 පි. 3 ¶
  • අවිවාහකව සිටිද්දී ගැබ්ගත් මරියා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අවිවාහකව සිටිද්දී ගැබ්ගත් මරියා
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • අවිවාහක වුවත් ගැබිනි මවක්
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • මරියාගෙන් අපට ගත හැකි පාඩම්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “මම යෙහෝවා දෙවිගේ දාසියක් පමණයි”
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • ‘මරියා වැදගත් දේ සිතේ තබාගත්තා’
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 4 පරි. 16 පි.-17 පි. 3 ¶
තමන් ගැබ්ගෙන ඇති බව මරියා යෝසෙප්ට කියයි

4වෙනි පරිච්ඡේදය

අවිවාහකව සිටිද්දී ගැබ්ගත් මරියා

මතෙව් 1:18-25 ලූක් 1:56

  • මරියා ගැබ්ගෙන ඇති බව යෝසෙප් දැනගනියි

  • යෝසෙප් මරියාව විවාහ කරගනියි

මරියා ගැබ්ගෙන දැන් මාස තුනක් ගෙවිලා. ඇය ගැබ්ගත් මුල් කාලයේදී යූදා කඳුකරයේ ඉන්න ඇගේ නෑදෑයෙක් වුණු එලිසබෙත්ව බලන්න ගියා. දැන් ඇය නැවතත් නාසරෙත්වල ඇගේ නිවසට ඇවිත්. වැඩි කල් යන්න කලින් ඇය ගැබ්ගෙන කියලා හැමෝම දැනගනියි. ඒ ගැන හිතද්දී මරියාට මොන තරම් මානසික පීඩනයක් දැනෙන්න ඇද්ද!

මේ වෙද්දීත් මරියා යෝසෙප් නම් වඩුවා එක්ක විවාහ ගිවිසගෙනයි ඉන්නේ. පුරුෂයෙක් එක්ක විවාහ ගිවිසගත් තරුණියක්, වෙන කෙනෙක් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවොත් ලැබෙන දඬුවම ගැන මරියා හොඳින්ම දැනගෙන හිටියා. දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට දීපු නීතියේ සඳහන් වුණේ ඒ වගේ අයව ගල් ගහලා මරන්න කියලයි. (ද්විතීය කතාව 22:23, 24) තමන් ඒ වගේ වරදක් කරලා නැති වුණත් ගැබ්ගත් විදිහ ගැන යෝසෙප්ට තේරුම් කරලා දෙන්නේ කොහොමද, ඒ ගැන කිව්වාට පස්සේ මොනවා වෙයිද කියා මරියා කල්පනා කරන්න ඇති.

මාස තුනකින් මරියාව දැකලා තිබුණේ නැති යෝසෙප් ඇයව දැකගන්න ඉන්නේ ලොකු ආශාවකින්. ඔවුන් මුණගැහුණාම තමන් ගැබ්ගෙන ඉන්නවා කියලත් ගැබ්ගත්තේ දෙවිගේ බලයෙන් කියලත් යෝසෙප්ට තේරුම් කරලා දෙන්න මරියා වෑයම් කරනවා. ඒත් යෝසෙප් ඒ දේ විශ්වාස කරන්නේ කොහොමද?

යෝසෙප් මරියාට පණ වගේ ආදරෙයි. මරියා නරක විදිහට හැසිරෙන්නේ නැති ගුණ යහපත් කෙනෙක් කියලා ඔහු හොඳින්ම දන්නවා. ඒත් පුරුෂයෙක් එක්ක සම්බන්ධ වෙන්නේ නැතුව දරුවෙක් කුසට එන්න විදිහක් නැහැ කියලා යෝසෙප් දැනගෙන හිටියා. මරියාව ගල් ගහලා මරනවාටවත් ඇය නින්දා විඳිනවාටවත් ඔහු කැමති නැහැ. ඒ නිසා හොර රහසේම ඇගෙන් දික්කසාද වෙන්න ඔහු තීරණය කරනවා. ඒ කාලයේදී විවාහ ගිවිසගෙන හිටපු අයව සැලකුවේ විවාහ වුණු අය විදිහට නිසා විවාහ ගිවිසගැනීමක් අවලංගු කරන්න නම් දික්කසාද වෙන්න අවශ්‍ය වුණා.

දේවදූතයෙක් යෝසෙප්ට සිහිනෙන් පෙනෙයි

මේ දේවල් ගැන කල්පනා කරමින් ඉද්දී යෝසෙප් නින්දට වැටෙනවා. ඒ වෙලාවේදී දේවදූතයෙක් සිහිනෙන් පෙනී යෝසෙප්ට මෙහෙම කියනවා. “කිසි දෙයකට භය නොවන්න. ඔබේ බිරිඳ වන මරියාව නිවසට කැන්දාගෙන යන්න. මන්ද ඇගේ කුසෙහි සිටින දරුවා පිළිසිඳගෙන ඇත්තේ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය නිසයි. ඇය පුත්‍රයෙක් බිහි කරයි. ඔබ ඔහුට යේසුස් යන නම තැබිය යුතුයි. මන්ද ඔහු තම ජනයාව ඔවුන්ගේ පාපවලින් ගලවාගනියි.”—මතෙව් 1:20, 21.

යෝසෙප් නින්දෙන් අවදි වෙද්දී දේවදූතයා කියපු දේවල් ගැන ඔහුට මොන තරම් සතුටක් දැනෙන්න ඇද්ද! මොහොතක්වත් ප්‍රමාද වෙන්නේ නැතුව ඔහු දේවදූතයා කියපු දේට කීකරු වෙමින් මරියාව තමන්ගේ නිවසට කැන්දාගෙන එනවා. ප්‍රසිද්ධියේ කරන ඒ දෙයින් සංකේතවත් වෙන්නේ ඔවුන් විවාහ වී සිටින බවයි. කොහොමවුණත් මරියා දරුවා බිහි කරන කල් යෝසෙප් ඇය සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නැහැ.

මරියා බූරුවා මත ඉද්දී යෝසෙප් ගමන් මලු ඌ මත තබයි

මාස කිහිපයකට පස්සේ මරියා සහ යෝසෙප් නාසරෙත් නුවරේ ඉඳන් දුර ඈත ගමනක් යන්න සූදානම් වෙනවා. මරියා දරුවා බිහි කරන්න ආසන්නයේ ඉන්න මේ වගේ වෙලාවක ඔවුන් මේ යන්න සූදානම් වෙන්නේ කොහේද?

  • මරියා ගැබ්ගෙන ඉන්නවා කියලා දැනගන්න ලැබුණාම යෝසෙප්ට මොනවා හිතෙන්න ඇද්ද? ඒ ඇයි?

  • යෝසෙප් මරියාව විවාහ කරගෙන හිටියේ නැත්නම් ඔහු ඇයව දික්කසාද කරන්න තීරණය කළේ ඇයි?

  • යෝසෙප් මරියාව විවාහ කරගත් බව පැහැදිලි වුණේ මොන සිද්ධියෙන්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න