ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • rk 1 කොටස 3 පි.
  • දෙවියන්ට අපේ දුක දැනෙන්නේ නැද්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන්ට අපේ දුක දැනෙන්නේ නැද්ද?
  • ප්‍රීතිමත් ජීවිතයකට මඟ පාදන විශ්වාසය
  • සමාන තොරතුරු
  • “මම කිසිදා ඔබව අමතක නොකරන්නෙමි”
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සැබෑ විශ්වාසය කියන්නේ මොකක්ද?
    ප්‍රීතිමත් ජීවිතයකට මඟ පාදන විශ්වාසය
  • දෙන්නාගේ ලෝකෙට කිරිකැටියෙක් එක් වුණාම
    ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!
  • මව් සෙනෙහස තුළින් හෙළි වන දෙවිගේ ප්‍රේමය
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
ප්‍රීතිමත් ජීවිතයකට මඟ පාදන විශ්වාසය
rk 1 කොටස 3 පි.

1වන කොටස

දෙවියන්ට අපේ දුක දැනෙන්නේ නැද්ද?

අද මුළු ලෝකෙම ප්‍රශ්න ගැටලුවලින් පිරිලා. යුද්ධ, ස්වාභාවික විපත්, අසනීප, දුගීකම, අපරාධ වැනි හේතු නිසා මිනිසුන් ගොඩක් දුක් විඳිනවා. සමහරවිට ඔබත් යම් ප්‍රශ්නයක් නිසා දුක් විඳිනවා ඇති. එහෙමනම් අපේ දුක හොඳින්ම දැනෙන, අපට උපකාර කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද?

අම්මා කෙනෙක් එයාගේ බබාව වඩාගෙන ඉන්නවා

මවක් තම බිලිඳාට දක්වන සෙනෙහසටත් වඩා වැඩි සෙනෙහසක් දෙවියන් අපිට පෙන්වනවා

ඔව්. දෙවියන් මෙහෙම සහතික වෙනවා. “මවකට තම කිරි බොන දරුවාව අමතක කළ හැකිද? තම කුසේ දරා මෙලොවට බිහි කළ පුතාට ඇය අනුකම්පා නොකර සිටියිද? මවක තම දරුවාව අමතක කළත් මම කිසිදා ඔබව අමතක නොකරන්නෙමි.”a

ඒක අපිට මොන තරම් සහනයක්ද! මවක් තම බිලිඳාට දක්වන සෙනෙහසටත් වඩා වැඩි සෙනෙහසක් දෙවියන් අපිට පෙන්වනවා. ඔහු කවදාවත් අපිව අත්හරින්නේ නැහැ. දෙවියන් ගැන සැබෑ විශ්වාසයක් තියෙන අයට සතුටින් ජීවත් වෙන්න පුළුවන් කොහොමද කියලා දෙවියන් අපිට කියා දී තියෙනවා.

දෙවියන් ගැන සැබෑ විශ්වාසයක් තිබෙනවා නම් ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දෙන්නත් බොහෝ ප්‍රශ්න මඟහරවා ගන්නත් පුළුවන්. ඒ වගේම මිත්‍රයෙක් වගේ කිට්ටු බැඳීමක් දෙවියන් එක්ක ඇති කර ගත හැකි නිසා, හිතේ සාමය හා සහනය අද්දකින්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අනාගතයේදී ලස්සන උයනක හැමදාම ජීවත් වීමේ ආශීර්වාදයත් හිමි වෙනවා!

සැබෑ විශ්වාසය කියන්නේ මොකක්ද? එය වර්ධනය කරගන්න පුළුවන් කොහොමද?

a ශුද්ධ ලියවිල්ල වන බයිබලයේ යෙසායා 49:15 බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න