ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g20 අංක 2 10-11 පි.
  • 3. හොඳ මිනිසුන් දුක් විඳින්නේ ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 3. හොඳ මිනිසුන් දුක් විඳින්නේ ඇයි?
  • 2020 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඒ ගැන හිතලා බලන්න ඕන ඇයි?
  • මේ ගැන හිතන්න
  • බයිබලයේ කියන දේ
  • 4. දෙවියන් අපිව නිර්මාණය කළේ දුක් විඳින්නද?
    2020 පිබිදෙව්!
  • දුක් වේදනා
    2015 පිබිදෙව්!
  • බයිබලයේ කියන්නේ මොනවාද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • පටුන
    2020 පිබිදෙව්!
තව තොරතුරු
2020 පිබිදෙව්!
g20 අංක 2 10-11 පි.
ඉස්පිරිතාලේ ඇඳක ඉන්න අතක කොටසක් අයින් කරලා තියෙන තමන්ගේ දරුවා දිහා දුකින් බලන් ඉන්න මවක් සහ පියෙක්.

3. හොඳ මිනිසුන් දුක් විඳින්නේ ඇයි?

ඒ ගැන හිතලා බලන්න ඕන ඇයි?

හොඳ මිනිසුන්ට දුක් විඳින්න වෙන එක හරිම අසාධාරණ දෙයක්. හොඳ මිනිසුනුත් දුක් විඳිනවා නම් මොකටද අපි හොඳ ජීවිතයක් ගත කරන්නේ කියලා සමහරු හිතනවා.

මේ ගැන හිතන්න

සමහරු විශ්වාස කරනවා මිනිසුන් භවයෙන් භවේ යළි ඉපදෙනවා කියලා. කෙනෙක් දුක් විඳින්නේ හරි සැප විඳින්නේ හරි පෙර ආත්මයකදී එයා කරපු පව් පින් අනුවයි කියලා එයාලා කියනවා. ඒ විශ්වාසයට අනුව මේ ආත්මයේදී යහපත් ජීවිතයක් ගත කරන කෙනෙක් වුණත් “පෙර ආත්මයක” කරපු පාපයක් නිසා දුක් විඳින්න ඉඩ තියෙනවා. ඒත් . . .

  • කෙනෙක් දුක් විඳින්නේ පෙර ආත්මයේදී මොන වරදක් කරපු නිසාද කියලා දන්නේ නැත්නම් එයා ඒක හදාගන්නේ කොහොමද?

  • අපි අසනීප වෙන්නේ, හදිසි අනතුරුවලට ගොදුරු වෙන්නේ පෙර ආත්මයක කරපු පාපයක් නිසා නම් ඒ දේවලින් වැළකිලා ඉන්න වෑයම් කරන එකේ තේරුමක් තියෙනවාද?

    තවත් දැනගන්න

    jw.org වෙබ් අඩවියේ ‘දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?’ කියන වීඩියෝ එක බලන්න.

බයිබලයේ කියන දේ

මිනිසුන් දුක් විඳින්නේ දෙවියන් දඬුවම් කරන නිසා නෙවෙයි.

හුඟක් වෙලාවට මිනිසුන්ට දුක් විඳින්න වෙන්නේ වැරදි වෙලාවේ වැරදි තැන ඉන්න නිසයි.

“වේගවත්ම අය තරඟයෙන් ජය නොගනිති. බලවතුන්ද යුද්ධයෙන් ජය ගන්නේ නැත. ප්‍රඥාවන්තයන්ට කෑම සොයාගැනීමට නොහැකි වෙයි. බුද්ධිමතුන්ට වස්තුව නොලැබෙයි. මනා අවබෝධයකින් කටයුතු කරන අයට නිසි පිළිගැනීමක්ද නොලැබෙයි. මන්ද නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල් ඒ සියලුදෙනාටම සිදු විය හැක.”—දේශනාකාරයා 9:11.

අපිට උරුම වෙලා තියෙන පව්කාර ස්වභාවය නිසා අපි දුක් විඳිනවා.

මිනිසුන් හුඟක් වෙලාවට පාපය කියන වචනය යොදාගන්නේ කෙනෙක් අතින් වෙන වරදක් ගැන කියන්න. හැබැයි බයිබලයේ ඒ වචනය යොදාගන්නේ හොඳ නරක මිනිසුන් හැමෝටම උරුම වෙලා තියෙන තත්වයක් විස්තර කරන්නයි.

“මාගේ මව මහත් වේදනාවකින් මාව බිහි කළේ මට පාපය උරුම කර දෙමිනි. ඇත්තෙන්ම, මව්කුස තුළ මාව පිළිසිඳගත් මොහොතේ සිටම මා තුළ පාපය තිබිණ.”—ගීතාවලිය 51:5.

උරුම වෙලා තියෙන පව්කාර ස්වභාවය නිසා මිනිසුන් හුඟක් අසරණ තත්වයකට පත් වෙලා තියෙනවා.

අපේ නිර්මාතෘ එක්ක අපිට තියෙන බැඳීමට විතරක් නෙවෙයි මිනිසුන් ඇතුළු දෙවියන්ගේ නිර්මාණ සමඟ තියෙන සහජීවනයටත් ඒකෙන් ලොකු හානියක් වෙලා තියෙනවා. තනි තනි පුද්ගලයන්ට වගේම මුළු මිනිස් වර්ගයාටම දුක් විඳින්න වෙලා තියෙන්නේ ඒ නිසයි.

“මා හරි දේ කිරීමට කැමැත්තෙන් සිටියත් මා තුළින් ඉස්මතු වන්නේ වැරදි දේ කිරීමට තිබෙන නැඹුරුවාවයි.”—රෝම 7:21.

“මුළු මිනිස් වර්ගයාම මේ දක්වා එක්ව කෙඳිරිගාමින් හා වේදනා විඳිමින් සිටිනවා.”—රෝම 8:22.

හොඳ මිනිසුන් දුක් විඳින්නේ ඇයි?

හොඳ නරක හැමෝටම උරුම වෙලා තියෙන පව්කාර ස්වභාවය නිසා තමයි අපි හුඟක් වෙලාවට දුක් විඳින්නේ. මිනිසුන්ට ශාරීරික සහ මානසික ආබාධ ඇති වෙන්නෙත් මිනිසුන් අනිත් අයට හානියක් වෙන විදිහේ දේවල් කරන්න පෙලඹෙන්නෙත් පව්කාර ස්වභාවය නිසයි.

මේ විදිහට දුක් විඳින්නද දෙවියන් අපිව නිර්මාණය කළේ?

4වෙනි ප්‍රශ්නය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න