ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 1/15 16 පි.
  • ආගම ගැන විපරමක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ආගම ගැන විපරමක්
  • 2015 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ලොව වටා
  • එංගලන්තය
  • ඕස්ට්‍රේලියාව
  • සත්‍ය ආගම මොකක්ද කියලා මම දැනගන්නේ කොහොමද?
    බයිබලයෙන් උත්තර
  • ඕනෑ ම ආගමක් හොඳට ම ප්‍රමාණවත් ද?
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මිනිස්සුන්ට ආගම් එපා වෙලාද?
    2015 පිබිදෙව්!
  • බේරී ජීවත්වීම සඳහා නිර්මල ආගම පිළිපැදීම
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2015 පිබිදෙව්!
g 1/15 16 පි.
පල්ලියක උඩ කොටසක්

දස දෙසින්

ආගම ගැන විපරමක්

ආගම මිනිසුන්ව එක්සත් කරවන දෙයක් වෙන්න ඕනේ. ඒත් මිනිස්සු අතර ගැටුම් හා අවිශ්වාසය පතුරුවන්න ගොඩක් වෙලාවට ආගම හේතුවක් වෙලා තියෙනවා.

ලොව වටා

ලෝකයේ හතරෙන් තුනක් පෙන්වන රූපයක්

ලෝක ජනගහනයෙන් 75%කට වඩා ජීවත් වෙන්නේ රජයේ නීති නිසා හෝ සමාජයෙන් එල්ල වන විරෝධතා නිසා ආගම අදහන්න දැඩි ලෙස බාධා තියෙන රටවලයි. මෑත අවුරුදු 5ක කාලයක් තුළ සුළු ආගමික කණ්ඩායම්වලට කරන කෙනහිලිකම් ගැන වාර්තා වුණ රටවල් ගණන දෙගුණ වෙලා.

ටිකක් හිතන්න. සමහර අය ආගම්වලට විරුද්ධ වෙන හේතු දෙක ගැන ඔබ හිතුවාද?—මතෙව් 23:27, 28; යොහන් 15:19.

එංගලන්තය

මෑත කාලයේදී ගොඩක් ත්‍රස්තවාදී ක්‍රියාවලට “ආගම අතකොළුවක් කරගෙන තියෙනවා. පහුගිය සියවසේදී ගොඩක් සටන් ඇති වුණේ අන්තවාදී දේශපාලනික මත භේද මුල් කරගෙනයි. ඒත් මේ සියවසේදී ජාතිය හෝ ආගම මුල් කරගෙන හරිම ඉක්මනින් ගැටුම් ඇති කරගන්නවා” කියලා හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයා කියනවා.—Observer පුවත්පත.

ටිකක් හිතන්න. මිනිස්සු අතර බෙදීම් ඇති වෙන්න හුඟක් වෙලාවට ආගම හේතු වෙලා තියෙන්නේ ඇයි?—මාක් 7:6-8.

ඕස්ට්‍රේලියාව

පස්දෙනෙක්ගෙන් එක්කෙනෙක් අකමැත්ත පෙන්වනවා. හතර දෙනෙක් කැමැත්ත ප්‍රකාශ කරනවා

සංඛ්‍යා ලේඛනවලට අනුව රටේ ජනගහනයෙන් පස්දෙනෙක්ගෙන් එක්කෙනෙක් කිසිම ආගමක් අදහන්නේ නැහැ කියලා වාර්තා වෙනවා. “කෙනෙක් ආගමක් අදහපු පලියට එයා ක්‍රියාශීලී සාමාජිකයෙක් කියලා කියන්න බැහැ” කියලත් ඒකේ කියනවා. ආගමක් අදහනවා කියලා කියන අය අතරිනුත් ක්‍රියාශීලී සාමාජිකයන් වන්නේ පිරිමි 15%ක් සහ ගැහැනු 22%ක් විතරයි.

ටිකක් හිතන්න. එහෙම වෙලා තියෙන්නේ ආගම්වල තියෙන මොන දුර්වලකම් නිසාද?—මතෙව් 7:15-20.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න