ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 5/11 3 පි.
  • මිනිස් සිරුර විශ්මයක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මිනිස් සිරුර විශ්මයක්!
  • 2011 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • බලශක්ති සංරක්ෂණය ගැන දැනුවත් වෙමු
    2017 පිබිදෙව්!
  • වේගයේ ශූරයා
    1996 පිබිදෙව්!
  • අපව ‘සාදා ඇත්තේ පුදුමාකාර ලෙසයි’
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බලශක්තිය හා සත්ව ලෝකය
    නිර්මාණයක්ද?
තව තොරතුරු
2011 පිබිදෙව්!
g 5/11 3 පි.

මිනිස් සිරුර විශ්මයක්!

කවදා හෝ දවසක ඔබටත් මෙසේ සිතුණාද කියා බලන්න. කුරුල්ලෙකු මෙන් නිල්වන් ආකාසේ පියාඹන්න, මත්ස්‍යයෙකු මෙන් මහ සයුරේ පිහිනන්න, නැත්නම් අශ්වයෙකු මෙන් තණ බිම්වල වේගයෙන් දුවන්න. සමහරවිට ඔබට එසේ සිතෙන්න ඇත්තේ සතෙකුගේ පුදුමාකාර හැකියාවන් ඔබ දුටු නිසා විය හැකියි.

නමුත් මිනිසාට තිබෙන පුදුමාකාර හැකියාවන් ගැන ටිකක් කල්පනා කර බලන්න. ඔහුට සිතීමේ හා අලුත් දේවල් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම නොදන්නා දේවල් සෙවීමේ ආශාවක්ද තිබෙනවා. ඒ හැකියාවන් නිසා මිනිසා කර ඇති දේවල් ගැන ටිකක් සිතන්න. පක්ෂියෙකුට වඩා වේගයෙන් පියාසර කළ හැකි ගුවන් යානා, ගැඹුරු මුහුදේ යාත්‍රා කළ හැකි දැවැන්ත සබ්මැරීන ඔහු නිර්මාණය කර තිබෙනවා. අනික් අතට ඇසට නොපෙනෙන කුඩා සෛලයක ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීමටත් ලෙඩ රෝග ගැන පර්යේෂණය කර ඒවා සුව කිරීම සඳහා ඖෂධ නිපදවීමටත් හැකි වී තිබෙනවා. ඇත්තෙන්ම මේවා පුදුමාකාර හැකියාවන් නොවේද!

අපි, මිනිසා සතු ශාරීරික හැකියාවන් ගැන සලකා බලමු. උදාහරණයකට ඔලිම්පික් ක්‍රීඩකයන් ගැන සිතන්න. ඒ එක් එක් කෙනාට දුවන්න, පනින්න, බර උසුලන්න වැනි ක්‍රීඩාවන් ඉතා පහසුවෙන් කළ හැකියි. ඒ සඳහා ඔවුන් තම ශරීර හොඳින් හැසිරවීමට පුහුණු වෙනවා. ඔවුන්ගේ එම දස්කම්වලින් අප මොන තරම් මවිතයට පත් වෙනවාද කියා සිතා බලන්න!

සමහරවිට ඔබ එවැනි දක්ෂ ක්‍රීඩකයෙක් නොවෙන්න පුළුවන්. නමුත් ඔබටත් විවිධ හැකියාවන් ඇති. ඔබ සතු එම හැකියාවන් හා ඔබේ පුදුමාකාර ශරීරය ඔබ අගය කරනවාද? පුරාණයේ සිටි ගීත රචකයෙක් එසේ කළා. ඔහු තම අගය දෙවිට ප්‍රකාශ කළේ මේ ආකාරයටයි. ‘ඔබ මාව කොතරම් පුදුමාකාර ලෙස සාදා ඇද්ද! මම ඔබට ප්‍රශංසා කරමි.’a (ගීතාවලිය 139:14) මෙතෙක් අපි සලකා බැලූ තොරතුරුවලින් පැහැදිලි වන්නේ මිනිසා සතුන්ට වඩා අද්විතීය බවයි. ඊළඟට අපි අපේ ශරීරය ගැනත් අපටම ආවේණික ගතිගුණ ගැනත් සලකා බලමු.

[පාදසටහන]

a ජීවය ආරම්භ වුණේ කෙසේද කියා දැනගැනීමට කැමති නම් සියල්ල ඇති වුණේ අහම්බෙන්ද? හා ජීවයේ ආරම්භය—වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු යන සඟරා දෙක කියවන්න. ඒවා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් ලබාගත හැකියි.

[3වන පිටුවේ කොටුව]

සාර්ථක නිර්මාණයක්

දෙපයින් සිටගැනීම මිනිසුන්ගේ මාංස පේශීවලට බරක් නොවේ. ‘මිනිසෙක් වැතිරී සිටින විට වැය වන ශක්තියට වඩා දෙපයින් සිට ගෙන සිටින විට වැය වන ශක්තිය සියයට හතකින් වැඩියි’ කියා ස්නායු විද්‍යාව පිළිබඳ පර්යේෂකයෙකු වන ජෝන් ස්කොයිල්ස් පැවසුවා. නමුත් බල්ලෙකු බිම වැතිරී සිටින විට වැය වන ශක්තියට වඩා සිටගෙන සිටින විට වැය වන ශක්තිය සියයට 70කින් පමණ වැඩි බවත් ඔහු පැවසුවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න