ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 3/11 4 පි.
  • 1—පෝෂ්‍යදායි ආහාර

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 1—පෝෂ්‍යදායි ආහාර
  • 2011 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • සෞඛ්‍යසම්පන්න ආහාර රටාවක් තේරීම
    1997 පිබිදෙව්!
  • කන බොන දේ ගැන ආයෙත් හිතලා බලන්න!
    තවත් ලිපි
  • තරවීම එතරම් හොඳ දෙයක් නොවන විට
    1997 පිබිදෙව්!
  • මට බර අඩුකර ගත හැක්කේ කෙසේද?
    1994 පිබිදෙව්!
තව තොරතුරු
2011 පිබිදෙව්!
g 3/11 4 පි.

1—පෝෂ්‍යදායි ආහාර

“කන්න, ඒත් හුඟක් නෙවෙයි. ශාකමය ආහාර වැඩිපුර කන්න” කියා එක් කතුවරයෙක් පැවසුවා. ඔහු ඉන් අදහස් කළේ කුමක්ද?

හොඳ ආහාර. ඇසුරුම් කරන ලද බොහෝ ක්ෂණික ආහාරවල විවිධ රසකාරක මෙන්ම සීනි, ලුණු සහ තෙල් ප්‍රමාණය ඉතා අධිකයි. මේවා හෘද රෝග, පිළිකා, අංශභාගය වැනි දරුණු රෝග ඇති කිරීමට හේතු වෙනවා. ඒ නිසා සුදුසු වන්නේ නිවසේම ආහාර පිසගැනීමයි. ඒ වගේම මස් මාළු වැනි ආහාර හොඳින් පිසින්න. හැකි තාක් දුරට තෙල් හා ලුණු භාවිතය අඩු කරන්න. ඔබ භාවිත කරන රම්පා, කරපිංචා සහ කුළු බඩුවලින් ඔබේ ආහාර වේලට හොඳ රසයක් එකතු වෙන නිසා අනවශ්‍ය ලෙස ආහාරවලට ලුණු එක් කරන්න එපා. කිසිවිටක පරණ ආහාර කෑමට ගන්නත් එපා.

සීමා කරන්න. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ සීමාව ඉක්මවා ආහාර ගැනීම නිසා තරබාරු අයගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බවයි. අප්‍රිකාවේ පවා සමහර ප්‍රදේශවල, කෑම නොමැති අයට වඩා තරබාරු අය සිටින බව සොයාගෙන තිබෙනවා. ඒ වගේම තරබාරුකම නිසා දරුවන්ද දියවැඩියාව වැනි රෝගී තත්වයන්ට ගොදුරු වෙනවා. ඒ නිසා ආහාර ගන්නා ප්‍රමාණය සම්බන්ධයෙන් දෙමාපියන් තම දරුවන්ට හොඳ ආදර්ශයක් තැබීම අවශ්‍යයි.

ශාකමය ආහාර. මස් මාංස හෝ පිෂ්ඨය අධික පාන් හා සුදු බත් වැනි දේවල් ආහාරයට ගැනීමෙන් ශරීරයට එතරම් පෝෂණයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අලුත් එළවළු, පලතුරු, ධාන්‍ය හා රතු බත් ආහාරයට ගන්න. හැකි නම් මස් වෙනුවට මාළු භාවිත කරන්න. දෙමාපියන්ට කළ හැකි දෙයක් වන්නේ කුඩා කල සිටම දරුවන්ව පෝෂ්‍යදායි ආහාරවලට හුරු කිරීමයි. උදාහරණයකට ටොෆි හා චොක්ලට් වැනි ආහාර වෙනුවට පලතුරු හෝ රටකජු වැනි දෙයක් දිය හැකියි.

දියර වර්ග. දිනපතාම ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න. උෂ්ණාධික දිනවල සහ වෙහෙස මහන්සි වී වැඩ කරන දිනවලදී ඒ ප්‍රමාණය තවත් වැඩි කරන්න. වැඩිපුර ජලය පානය කිරීමෙන් ආහාර ජීර්ණය හොඳින් සිදු වෙන අතර ශරීරයේ අපද්‍රව්‍ය බැහැර කිරීමටත් බර අඩු කරගැනීමටත් නිරෝගී සමක් ලබාගැනීමටත් හැකි වෙනවා. පැණි රස බීම වර්ග අවම කරන්න. උදාහරණයකට කෙනෙක් සෑම දිනකම පැණි රස බීමක් බොනවා නම් වසරකදී ඔහුගේ බර කිලෝ හතකින් පමණ වැඩි වෙනවා. එමෙන්ම අධික ලෙස මත්පැන් පානයෙන්ද වළකින්න.

සමහර රටවල පිරිසිදු ජලය ලබාගැනීම අපහසුයි. ඒ වගේම ඒ සඳහා අධික මුදලක් වැය කිරීමටත් සිදු වෙනවා. කෙසේවෙතත් හොඳ සෞඛ්‍යයකට පිරිසිදු ජලය අත්‍යවශ්‍යයි. ජලය පිරිසිදු කිරීමට විවිධ ක්‍රම තිබෙන අතර ජලය උණු කර නිවාගැනීම ඔබට වඩාත් පහසු විය හැකියි. අපිරිසිදු ජලය පානය කිරීම නිසා දිනකට දරුවන් 4,000ක් පමණ මිය යනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ බිලිඳුන්ට මුල් මාස හය තුළ මව් කිරි පමණක් දෙන්න කියායි. ඒ වගේම අවුරුදු දෙකක් යන තුරු වෙනත් ආහාර සමඟ මව් කිරිද දෙන්න කියාත් ඔවුන් පවසනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න