ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 12/09 23 පි.
  • බස්සාගේ පියාපත්වල රහස

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බස්සාගේ පියාපත්වල රහස
  • 2009 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • කුරුලු ලොවේ නිහඬ පියාපත් සලන්නා
    නිර්මාණයක්ද?
  • “වන වදුලේ සුන්දරයා”
    2000 පිබිදෙව්!
  • කුරුලු පිහාටු විශිෂ්ට නිර්මාණයක්
    2007 පිබිදෙව්!
  • පටුන
    2009 පිබිදෙව්!
තව තොරතුරු
2009 පිබිදෙව්!
g 12/09 23 පි.

නිර්මාණයක්ද?

බස්සාගේ පියාපත්වල රහස

◼බස්සා පියාසර කරන ආකාරය ගැන ගුවන් යානා ඉන්ජිනේරුවරුන් තම මවිතය පළ කරනවා. ඒ ඇයි? ඌ පියාසර කරන විට පියාපත්වලින් කිසිම ශබ්දයක් නිකුත් නොවීමයි. ඒ ගැන නැෂනල් ජියෝග්‍රෆික් වෙබ් අඩවියේ පළ වුණේ ‘වෙන කිසිම පක්ෂියෙක් මෙයාකාරයට පියාසර කරන්නේ නැහැ’ කියායි. ඇත්තටම එහි රහස කුමක්ද?

මේ ගැන සිතා බලන්න: බොහෝ කුරුල්ලන් පියාසලද්දී උන්ගේ පියාපත් සුළං සමඟ ගැටෙන විට යම් ශබ්දයක් ඇති වෙනවා. නමුත් බස්සාගෙන් එවන් ශබ්දයක් නිකුත් වන්නේ නැහැ. ඊට හේතුව උගේ පියාපත්වල ඇති පිහාටුවල දාරයේ පිහිටා තිබෙන පනාවක දැති ආකාරයේ ස්වභාවය නිසයි. ඌ පියාසර කරන විට පියාපත් උඩින් හමා යන සුළං මගින් ශබ්ද තරංග ඇති වන අතර ඌ තටු ගසන විට පිහාටුවල ඇති දැතිවලින් එම ශබ්ද තරංග කඩනවා. ඉන්පසු ඉතුරු ශබ්ද තරංග උගේ තටු යට සහ ශරීරයේ තිබෙන ඉතා සිනිඳු වෙල්වට් බඳු පිහාටු මගින් උරා ගන්නවා.

ගුවන් යානා ඉන්ජිනේරුවන් එම ක්‍රියාවලිය ගැන අත්හදා බලා ශබ්දය අඩුවෙන් නිකුත් කරන ගුවන් යානා නිපදවීමට බලාපොරොත්තු වෙනවා. එවිට මධ්‍යම රාත්‍රියේ හා අලුයම් කාලයේදී වුණත් අධික ශබ්දයකින් තොරව යානා ගුවන් ගත කිරීමට හා ගොඩ බැස්සවීමට අවස්ථාව සැලසෙයි. ඒ සඳහා ඔවුන් දැනටමත් යම් සැලසුම් යොදා තිබෙනවා. ඒ ගැන ගුවන් යානා නිෂ්පාදනය හා සම්බන්ධ එංගලන්තයේ සවුත්හැම්ටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වූ ජෙෆ්රි ලිලේ මෙසේ පැවසුවා. “එම තාක්ෂණය ගුවන් යානා සඳහා යොදාගන්නේ කෙසේද කියා අපි දැන් අධ්‍යයනය කරන්න පටන් ගෙන තිබෙනවා.” දශක කිහිපයක් තුළදී ශබ්දය අඩු ගුවන් යානා නිපදවීමට හැකි වෙයි කියාද ඔහු සඳහන් කළා.

කල්පනා කර බලන්න: ශබ්දයක් නිකුත් කිරීමෙන් තොරව පියාසර කරන බස්සාට එම පිහාටු ලැබුණේ අහම්බෙන්ද? නැත්නම් එය බුද්ධිමත් නිර්මාණයක්ද?

[23වන පිටුවේ පින්තූරය]

වම්පස තිබෙන බස්සෙකුගේ පිහාටුවත් දකුණුපස තිබෙන උකුස්සෙකුගේ පිහාටුවත් සසඳා බලන්න

[23වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Long-eared owl: © Joe McDonald/​Visuals Unlimited; barn owl sequence: © Andy Harmer/​Photo Researchers, Inc.; feather comparison: Courtesy of Eike Wulfmeyer/​Wikimedia/​GFDL

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න