ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 12/08 26-27 පි.
  • හිරු උදා නොවන කාලයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හිරු උදා නොවන කාලයක්
  • 2008 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • මැදියම් රැයෙත් හිරු බබළයි විය හැකි දෙයක්ද?
    2005 පිබිදෙව්!
  • ආක්ටික් බිම් ලේනාගේ මොළේ
    නිර්මාණයක්ද?
  • ලොව මුදුන හරහා ගිය නාවිකයෝ
    2010 පිබිදෙව්!
  • ‘ග්‍රීෂ්ම කාලය හා ශීත කාලය කිසිදා පහ නොවෙයි’
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2008 පිබිදෙව්!
g 12/08 26-27 පි.

හිරු උදා නොවන කාලයක්

ෆින්ලන්තයේ පිබිදෙව්! ලේඛක විසින්

“හිරු උදා වෙයි. හිරු බැස යයි. යළි උදා වන පිණිස නියමිත ස්ථානය කරා වේගයෙන් එය ගමන් කරයි” කියා බයිබලයේ පවසා තිබෙනවා. (දේශනාකාරයා 1:5, නව ලොව පරිවර්තනය) හිරු නැඟීම සහ බැසීම සෑම දවසකම සිදු වුණත් ආක්ටික් වෘත්තයෙන් උතුරට වෙන්න පිහිටා තිබෙන බොහෝ රටවල වෙසෙන අයට නොවැම්බර් මැද සිට ජනවාරි අග දක්වා එය දකින්න ලැබෙන්නේ නැහැ. එම නිසා ඔවුන්ට ශීත ඍතුවේදී දවසේ වැඩි කාලයක් විසීමට සිදු වෙන්නේ අඳුරෙයි.

ආක්ටික් වෘත්තයේ සිට දකුණු දෙසට වෙන්න පිහිටා තිබෙන රටවල ජනයාටත් යම්තාක් දුරකට දවසේ වැඩි කාලයක් අඳුරේ විසීමට සිදු වෙනවා. උදාහරණයකට ආක්ටික් වෘත්තයේ සිට කිලෝමීටර් 800කට අඩු දුර ප්‍රමාණයකින් දකුණට වෙන්න පිහිටා තිබෙන ශාන්ත පීටර්ස්බර්ග්, රුසියාව, හෙල්සින්කි, ෆින්ලන්තය, ස්කොට්හෝම්, ස්වීඩනය, ඔස්ලෝ සහ නෝර්වේ යන රටවල වෙසෙන ජනයාට ශීත ඍතුවේදී හිරු එළිය දකින්න ලැබෙන්නේ පැය හයක් වැනි කෙටි කාලයකට පමණයි.

ආක්ටික් වෘත්තයෙන් උතුරට වෙන්න පිහිටා තිබෙන රටවල දකින්න ලැබෙන අඳුරු කාලය ගැන සමහරු අදහස් දැක්වූයේ මෙසේයි. ස්වීඩනයේ උතුරට වෙන්න පිහිටා තිබෙන කිරුනා ප්‍රදේශයේ තම ළමා කාලය ගත කළ ආරි පැවසුවේ “එහි වෙසෙන්නන්ට ශීත ඍතුව ඝන අන්ධකාරයෙන් පිරි කාලයක් නෙවෙයි. ඒ කාලයේදී දකින්න ලැබෙන්නේ දවසක් අවසානයේදී අඳුර වැටීගෙන එන විට තිබෙන එළිය හා සමාන එළියක්” කියායි. ෆින්ලන්තයේ උතුරට වෙන්න පිහිටා තිබෙන ප්‍රදේශයක ජීවත් වන පවුලා නම් චිත්‍ර ශිල්පිනියක් මෙසේ පවසනවා. “මෙම ප්‍රදේශය හිමෙන් වැසී තිබෙන විට එහි පරිසරය දිස් වන්නේ දම් හා නිල් පැහැයෙන් වර්ණවත් වූ දර්ශනයක් ලෙසයි.”

ශීත ඍතුවේ පවතින අන්ධකාරය එහි වෙසෙන ජනයා කෙරෙහි අහිතකර බලපෑම් ඇති කර තිබෙනවා. “දේශගුණයේ යම් වෙනස්කම් ඇති වෙද්දී මට එය තදින්ම බලපානවා. ශීත කාලයේදී දවසේ වැඩි හරියක්ම අඳුරෙන් වැසී තියෙද්දී ඒක මගේ මනසට හුඟක් බලපානවා” කියා ෆින්ලන්තයේ ප්‍රසිද්ධ ගීත රචකයෙකු වන ජීන් සිබිලිස් පැවසුවා. මේ කාලයේදී එවැනි මානසික පීඩනයක් දැනෙන එකම තැනැත්තා ඔහු පමණක් නොවෙයි. ග්‍රීක වෛද්‍යවරයෙක් වන හිපොක්‍රටීස් පවා පිළිගත්තේ දේශගුණික වෙනස්කම් කෙනෙකුගේ ජීවිතයට බලපාන බවයි.

කෙසේවෙතත් ශීත කාලයේදී දැනෙන එම මානසික පීඩනය යම් අක්‍රමිකතාවක් (seasonal affective disorder) කියා 1980 වන තුරුත් හඳුනාගෙන තිබුණේ නැහැ. අධ්‍යයනවලින් සොයාගෙන තිබෙන පරිදි ආක්ටික් වෘත්තයෙන් උතුරට වෙන්න පිහිටා තිබෙන රටවල වෙසෙන්නන්ගෙන් කුඩා සංඛ්‍යාවක් එවැනි අක්‍රමිකතාවකින් පෙළෙනවා. ඒත් ඊට වඩා හුඟක් අඩු බලපෑමක් තිබෙන අයගේ සංඛ්‍යාව අක්‍රමිකතාවෙන් පෙළෙන අයගේ සංඛ්‍යාව මෙන් තුන් හතර ගුණයකින් වැඩියි. මෙවැනි තත්වයක් සිය දහස් ගණනකට බලපාන බව විශ්වාස කෙරෙනවා.

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ ජීවත් වන එන්ඩ්‍රා පවසන්නේ “මට දවස පුරාම නිදාගන්න හිතෙනවා” කියායි. ෆින්ලන්තයේ වෙසෙන ආනිකාට ශීත කාලය ළං වන විට මහත් දුකක් දැනෙන බව පැවසුවා. “අඳුරෙන් බේරෙන්න බැරි නිසා සමහර අවස්ථාවලදී මට හිතෙනවා මම කොටු වෙලා කියලා.”

ශීත කාලයේදී ඇති වන මානසික පීඩනය සමඟ කටයුතු කළ හැකි ආකාර ගැන ප්‍රවීණයන් විවිධ අදහස් පළ කර තිබෙනවා. ඉන් එකක් වන්නේ දහවල් කාලයේදී එළිමහනේ වැඩිපුර කාලයක් ගත කිරීමයි. එය අත්හදා බලා තිබෙන අය පවසන්නේ එළිමහනේ වැඩවල යෙදීමෙන් ඔවුන්ගේ මානසික පීඩනයට සහනයක් ලැබී තිබෙන බවයි.

ෆින්ලන්තයේ උතුරු සහ දකුණු ප්‍රදේශයේ ශීත ඍතුව අද්දැක තිබෙන යාර්මෝ පවසන්නේ මෙසේයි. “වඩාත් අඳුරු වෙලාවලදී අපි වැඩිපුර ඉටි පන්දම් සහ විදුලි බල්බ දල්වනවා.” සමහරුන්ට විශේෂ දීප්තිමත් විදුලි ආලෝකයක් ලබාගැනීමෙන් සහනයක් ලැබී තිබෙනවා. තවත් අය නිවාඩු ගත කිරීමට එවැනි කාලවලදී වෙනත් රටවලට යනවා. නමුත් එවැනි නිවාඩුවක් ගත කර නැවත පැමිණි විට අන්ධකාර තත්වය පෙරට වඩා වැඩියෙන් ඔවුන්ට බලපාන බවට අනතුරු අඟවා තිබෙනවා.

මානසික පීඩනය සමඟ කටයුතු කිරීම සඳහා තමන් ගන්නා ආහාර ගැනද සැලකිලිමත් විය යුතුයි. මන්ද අපේ ශරීරයේ විටමින් D නිපදවීමට හිරු එළිය උපකාරවත් වෙනවා. හිරු එළිය නොලැබෙන විට විටමින් Dවල ඌනතාවක් ඇති විය හැකියි. ඒ නිසා ශීත කාලයේදී වැඩි පුර විටමින් D අඩංගු ආහාර වන මාළු, පීකුදු හා කිරි ආහාර ගන්නා ලෙස යෝජනා කර තිබෙනවා.

පෘථිවිය තම කක්ෂය වටා කරකැවෙන නිසා මෙම ශීත රටවල් හිරු එළියට නිරාවරණය වන කාලයක්ද පැමිණෙනවා. එම නිසා ශීත ඍතුවේදී වැඩිපුර අඳුර පවතින කාලයක් වගේම ගිම්හාන කාලයේදී වැඩිපුර එළිය තිබෙන කාලයක් පැමිණෙනවා. මෙලෙස ගිම්හාන කාලයේදී ආක්ටික් වෘත්තයේ උතුරු ප්‍රදේශයේ හිරු එළිය මධ්‍යම රාත්‍රියේදී පවා දැකගත හැකියි.

[27වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අඳුර වැටීගෙන එන විට ඇති ආලෝකය හා සමාන ආලෝකයක් දවසේ වැඩි කාලයක් දැකිය හැකියි

[26වන පිටුවේ පින්තූරය]

ආක්ටික් වෘත්තයේ උතුරු ප්‍රදේශයේ ශීත ඍතුවේදී දහවල් කාලය

[හිමිකම් විස්තර]

Dr. Hinrich Bäsemann/​Naturfoto-Online

[26වන පිටුවේ පින්තූරය]

හිරු එළිය නොලැබීම නිසා බොහෝදෙනෙකුට මානසික පීඩනයක් ඇති විය හැකියි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න