ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 12/07 28 පි.
  • අපගේ පාඨකයන්ගෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපගේ පාඨකයන්ගෙන්
  • 2007 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • මොවුන් කවුද? අවුරුදු දහසක ඉපැරණි ඉතිහාසයක්
    2006 පිබිදෙව්!
  • පටුන
    2006 පිබිදෙව්!
  • යුග දිවිය ප්‍රහාරයකට ලක් වී ඇද්ද?
    2006 පිබිදෙව්!
  • ඔයාගේ විවාහය රැකගන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2007 පිබිදෙව්!
g 12/07 28 පි.

අපගේ පාඨකයන්ගෙන්

යුග දිවිය ප්‍රහාරයට ලක් වී ඇද්ද? (ජූලි 2006) සෑම මාසයකම පළ වන පිබිදෙව්! කලාප මම කියනවා. මම කතෝලික භක්තිකයෙක් වුණත් මෙම සඟරාව සලකන්නේ ඉතාමත් රසවත් මෙන්ම වටිනා අදහස් ඇතුළත් ඒවා ලෙසයි. කොහොමවුණත් “කතෝලික බැතිමතුන්ට පහසුවෙන් දික්කසාදය ලබාගැනීමට හැකි වන පරිදි කතෝලික සභාව 1983දී නීති ලිහිල් කළා” කියන එකට නම් මම එකඟ වෙන්නේ නැහැ.

සැම්බියාවේ ජී. වී. එම්

“පිබිදෙව්!” පිළිතුරු දෙයි: පිබිදෙව්! මෙහිදී යොමු දැක්වූයේ 1983දී කතෝලික පල්ලිය විසින් පනවන ලද නීති සංග්‍රහයේ (ධර්මවෛධික නීතිය) සිදු කළ වෙනස්කම් ගැනයි. මෙම වෙනස්කම් එක්සත් ජනපදයේ සිටින බැතිමතුන්ට ප්‍රබල බලපෑමක් වුණා. රෝමානු කතෝලික බිෂොප්වරයෙක් වන මාක් ඒ. පිවාරුනස් පවසන පරිදි 1968දී එක්සත් ජනපදයේ තම විවාහය අවලංගු කළ අයගේ සංඛ්‍යාව 338 වුණා. නමුත් 1990 වන විට එය 62,824ක් දක්වා ඉහළ ගියා. මෙම වැඩිවීමට හේතුව කුමක්ද?

එම නීතිය පිළිබඳ ප්‍රවීණයෙක් වන නීතීඥ එඩ්වඩ් පීටර්ස් මෙසේ පවසනවා. “පසුගිය වසර 30 පුරා මෙම නීති සංග්‍රහයේ සැලකිය යුතු වෙනස්කම් ගණනාවක් කරනු ලැබුවා. මේ නිසා විවාහයන් අවලංගු කරන ලෙස ඉල්ලා පෙත්සම් ඉදිරිපත් කිරීමත් එමෙන්ම ඒවා සාධාරණයි කියා ඔප්පු වීමට තිබුණු ප්‍රවණතාවත් වැඩි වුණා.” පල්ලියේ නීති සංග්‍රහයේ යම් වෙනස්කම් ගැන සඳහන් කිරීමෙන් පසු පීටර්ස් මෙසේ පැවසුවා. “පල්ලියේ මේ සෑම නීතියක්ම විවාහ අවලංගු කිරීමට දායක වී තිබෙන බවට නම් කිසිම සැකයක් නැහැ.” කතෝලික සභාවේ නීති ලිහිල් කිරීම තුළින් එහි ‘බැතිමතුන්ට පහසුවෙන් දික්කසාදය ලබාගැනීමට හැකි වුණා’ කියා පිබිදෙව්! යොමු දැක්වූයේ ඔවුන් එම අරමුණින් එය නොකළත් එසේ කිරීම තුළින් එක්සත් ජනපදයේ සිදු වූ අහිතකර ප්‍රතිඵල නිසයි.

සියල්ලේ නිර්මාතෘ කවුද? (සැප්තැම්බර් 2006) මෙම විශේෂ කලාපය නම් හරිම අනර්ඝයි. එහි ඉදිරිපත් කර තිබූ තර්ක ඉතාමත් සරල, ප්‍රබල, සාධාරණ මෙන්ම තර්කානුකූල ඒවායි. විවිධ ආකාරයට එකම මාතෘකාව ඔස්සේ විෂයන් කතා කර තිබූ ආකාරය ඇත්තෙන්ම මගේ සිත්ගත්තා.

ස්පාඤ්ඤයේ ඒ. බී

ඒ අගනා මෙන්ම ආකර්ෂණීය සඟරාව ලබා දුන්නාට හුඟක් ස්තුතියි. එහි සඳහන් වූ විවිධ තර්ක සහ උපහැරණ මගින් යෙහෝවා දෙවිට මහත් ගෞරවයක් ගෙන දුන්නා. එවැනි ප්‍රශංසාවක් ලබන්න දෙවි ඇත්තෙන්ම වටිනවා.

ස්විට්සර්ලන්තයේ ආර්. බී

මැවීම ඔප්පු කිරීමට එහි දී තිබූ සරල සාක්ෂි ගැන හොඳින් අවබෝධ කරගන්න මට හැකි වුණා. පරිණාමවාදය කියන්නේ පදනමක් නැති ඉගැන්වීමක් බව එහි ඉතාමත් සාධාරණව, තර්කානුකූලව මෙන්ම විද්‍යාත්මක සාධක ඇතුව පැහැදිලි කර තිබුණා.

ප්‍රංශයේ එල්. ජී

මොවුන් කවුද? අවුරුදු දහසක ඉපැරණි ඉතිහාසය (ඔක්තෝබර් 2006) මම රෝමාවරුන්ට හුඟක් ආසයි. ඒත් ඔවුන්ව පහත් අය ලෙස සැලකීම ඇත්තෙන්ම කනගාටුදායකයි. නමුත් මෙම ලිපිය බොහෝදෙනෙකුට ඔවුන් ගැන සිතා බලන්න උපකාර වෙයි කියලා මට ස්ථිරයි. යෙහෝවා දෙවි කිසිම කෙනෙකුව පහත් කර සලකන්නේ නැති බවත් ඔහුගේ නමස්කාරකයන් අතර රෝමාවරුන් සිටින බවත් දැනගැනීම මොන තරම් සතුටක්ද!

ප්‍රංශයේ බී. බී

අපි රෝමා ජාතිකයන්. මගේ තාත්තා තවමත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නෙවෙයි. සාමාන්‍යයෙන් පොත් කියවන්න තාත්තා එතරම් කැමති නැහැ. ඒත් මේ සඟරාව කියවන්න ඔහු කැමති වුණා. දැන් ඒක තියෙන්නේ තාත්තාගේ මේසේ උඩයි!

ෆින්ලන්තයේ ඒ. ජී

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න