ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g05 8/8 13 පි.
  • බියෙන් වෙළුණු ජීවිතයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බියෙන් වෙළුණු ජීවිතයක්
  • 2005 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • “මේ වතාවේදී නම් ඔහු වෙනස් වෙයි”
    2001 පිබිදෙව්!
  • හුඟදෙනෙක් බියෙන් ජීවත් වෙන්නේ ඇයි?
    2005 පිබිදෙව්!
  • යෙහෝවාට භය වන පිණිස ඔබේ හෘදය ගොඩනඟා ගන්න
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවඃවහන්සේට භයවීම තුළ ප්‍රීතිය ලැබීමට ඉගෙනගැනීම
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2005 පිබිදෙව්!
g05 8/8 13 පි.

බියෙන් වෙළුණු ජීවිතයක්

රොක්සානාa අර්ධ කාලීන රැකියාවක් කරන්න කැමති වුණත් ඒ ගැන තම සැමියාට කියන්න බයයි. කලින් දවසක ඇය තම මව බලන්න යන්න බස් ගාස්තු ඉල්ලූ විට වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට සිදු වන තරමටම දරුණු ලෙස ඔහු ඇයට පහර දුන්නා. දැන් ඇය ජීවත් වෙන්නේ බියෙන්.

රොලාන්ඩෝගේ බිරිඳ සාමාන්‍යයෙන් වැඩ ඇරිලා රාත්‍රියේදී ගෙදර ආවේ බස් එකෙන් නැත්නම් දුම්රියෙන්. නමුත් දැන් ඔහු ඇයව තම වාහනයෙන් රැගෙන එනවා. ඔවුන් වෙසෙන ප්‍රදේශයේ සිදු වන බොහෝ අපරාධ ගැන අහන්න ලැබෙන නිසා ඔහු ඇගේ ආරක්ෂාව ගැන බියෙන් සිටිනවා.

අයිඩේ වැඩ කරන්නේ අගනුවරකයි. දවසක්දා ඇය ගෙදර යන විට පෙළපාළියක් යන පාරකයි ඇයට යන්න සිදු වුණේ. ඒ පෙළපාළියේ ගිය අය ප්‍රචණ්ඩකාරී දේවල් කරන්න පටන්ගත්තා. දැන් පෙළපාළියක් යනවා කියලා ඇහෙන හැම අවස්ථාවකදීම ඇය තැතිගන්නවා. “මට ලොකු බයක් දැනෙනවා. පුළුවන් නම් රස්සාවෙන් හරි අයින් වෙනවා. ඒත් ඒක කරන්නත් බැහැනේ” කියා ඇය පවසනවා.

රොක්සානා, රොලාන්ඩෝ සහ අයිඩේට දැනෙන බිය හදිසියේ ඇති වන එකක් නොව නිරතුරුව පවතින දෙයක්. බියෙන් ජීවත් වීමට සිදු වන විට තමන් සිටින්නේ අසරණ තත්වයකයි කියා කෙනෙකුට හැඟෙන්න පුළුවන්. තමන් කැමති ලෙස ජීවිතය ගත කරන්න එය බාධාවක් වන අතර කෙනෙකුගේ ජීවිතයේ සතුට සොරාගන්නත් එය හේතුවක් වෙනවා. බිය නිසා කෙනෙකුගේ මුළු ජීවිතයම වුණත් අවුල් විය හැකියි.

බියෙන් ජීවත් වීම මනසට ලොකු පීඩනයක්. හේතුව එය මානසික අවපීඩනය ඇති කරනවාට අමතරව කෙනෙකුව රෝගියෙකු බවටත් පත් කළ හැකි නිසයි. සෞඛ්‍යය පිළිබඳ සඟරාවක මෙවැන්නක් සඳහන් වුණා. “මානසික පීඩනය පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපාන නිසා නොයෙකුත් රෝගවලට එය හේතුකාරකයක් විය හැකියි. කාලාන්තරයක් පුරා බියෙන් ජීවත් වීම නිසා කෙනෙකුගේ ශරීරයට හානි සිදු විය හැකියි. විශේෂයෙන්ම ඉන්ද්‍රියයන්ට එය බලපෑ හැකියි. අධික රුධිර පීඩනය, හෘද රෝග, වකුගඩු ආබාධ, උදරාබාධ, තුවාල, හිසරදය, නින්ද නොයෑම, මානසික අවපීඩනය සහ කාංසාව වැනි රෝග ඇති විය හැකියි. දීර්ඝ කාලයක් බියෙන් ජීවත් වීම නිසා කෙනෙකුව සම්පූර්ණයෙන්ම දුර්වල තත්වයට වැටෙන්න පුළුවන්.”

අද දින මනුෂ්‍යයන් බියෙන් ජීවත් වීම සාමාන්‍ය දෙයක් වුවත් අපට ඉන් මිදිය හැකිද? බිය සැක නැතුව ජීවිතය භුක්ති විඳීමට කවදා හෝ හැකි වේවිද?

[පාදසටහන]

a සමහර නම් වෙනස් කර ඇත.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න