ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g95 6/8 11 පි.
  • එහි රහස් හෙළි කිරීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • එහි රහස් හෙළි කිරීම
  • 1995 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ජීවිතේ මැදිවිය පසු කරන කාන්තාවන්ගේ ගැටලුව
    2013 පිබිදෙව්!
  • ආර්තවාභාවය සමඟ සාර්ථකව කටයුතු කිරීම
    1995 පිබිදෙව්!
  • වඩා හොඳ අවබෝධයක් ලබාගැනීම
    1995 පිබිදෙව්!
  • අපගේ පාඨකයන්ගෙන්
    1996 පිබිදෙව්!
තව තොරතුරු
1995 පිබිදෙව්!
g95 6/8 11 පි.

එහි රහස් හෙළි කිරීම

ස්ත්‍රීන් වයසට යනවාත් සමඟම, ආර්තවාභාවය (ඔසප් චක්‍රය නැවතීම) ඔවුන්ගේ ජීවිත තුළ එක් සිදුවීමකි. එහෙත්, එය බොහෝ සේ වරදවා තේරුම්ගෙන තිබේ. ද සයිලන්ට් පැසෙජ්—මෙනපෝස්, නමැති පොතට අනුව, ආර්තවාභාවය මගින් “ස්ත්‍රියෙකුගේ ස්නායු පද්ධතිය අස්ථිර කරනු ලබන අතර, එමගින් ස්ත්‍රීන්ට ඔවුන්ගේ පෞද්ගලික ආකර්ෂණීයභාවය අහිමි වන,” බව 19වන-ශතවර්ෂයේ ප්‍රසව විශේෂඥයෝ විශ්වාස කළහ.

එබඳු වැරදි වටහාගැනීම් තවමත් පවතී. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ආර්තවාභාවය ගැන බොහෝ ස්ත්‍රීහු බියෙන් හෝ සැක සහිත භාවයෙන් පසු වෙති. නැචුරල් මෙනපෝස්—ද කම්ප්ලීට් ගයිඩ් ටු ඒ වුමන්ස් මෝස්ට් මිස්අන්ඩර්ස්ටුඩ් පැසෙජ් නමැති පොතේ ඊට සම්බන්ධ වන මනෝවිද්‍යාත්මක ගැටලුවලින් ජයගැනීමට යොමු දක්වනු ලැබුවේ, “ස්ත්‍රියෙකුගේ ජීවිතයේ වඩාත්ම දුෂ්කර කටයුතුවලින් එකක්,” වශයෙනි.

තරුණභාවය හා තරුණ පෙනුම මත අවධානය යොමු කරනු ලබන සමාජවල, ආර්තවාභාවයේ ලකුණු මෙම වැරදි හැඟීමට තුඩු දිය හැකිය: එනම් එය තරුණභාවයේ හදිසි අවසානයක් බවත්, මහලු වියේ ආරම්භය බවත්ය. එබැවින් ඇතැම් ස්ත්‍රීන් ආර්තවාභාවය ගැන බියවීමට පටන්ගෙන ඇත, මන්දයත් එය නව, නමුත් ජීවිතයේ එතරම් ප්‍රසන්න නොවන අලුත් අවදියක ආරම්භය නියෝජනය කරන බවට පෙනෙන බැවිනි. ඇතැම් අය විසින් “අඩ මරණය” යනුවෙන් පවා එය සලකා තිබේ.

නවීන දින ස්ත්‍රීන්, ජීවිතයේ මෙම අවදිය පසු කරන විට නොදැනුවත්කමින් පීඩා විඳීමට අවශ්‍ය නැත. ආර්තවාභාවයේ රහස් හෙළි වෙමින් පවතී. වැඩිපුර පර්යේෂණ කරනු ලබන අතර, මෙම වෙනස වඩාත් පහසු කිරීම සඳහා ප්‍රතිකාර ක්‍රම සකස් කරනු ලැබේ. සඟරා, පුවත්පත් සහ පොත් එම කරුණ අවධාරණය කරන අතර, කලක ඇතැම් අය ඇසීමට ලජ්ජා වූ ප්‍රශ්නවලට පැහැදිලි කිරීම් ඒවායේ අඩංගු වේ. ස්ත්‍රීන් මුහුණ දිය හැකි ගැටලු පිළිබඳව වෛද්‍ය වෘත්තියටද වඩා හොඳින් තොරතුරු ලැබී ඇත.

මෙම විෂයට මෙතරම් අවධානය යොමු කරනු ලබන්නේ මන්ද? මන්දයත් බොහෝ ස්ත්‍රීන්ට තිබෙන බිය, මිථ්‍යා විශ්වාසයන් හා බලාපොරොත්තු සුන් තත්වයන් ආර්තවාභාවය පිළිබඳ වඩාත් හොඳ අවබෝධයක් මගින් ඉවත් කළ හැකි නිසාය. බොහෝ රටවල සිටින ස්ත්‍රීන් දිගු කලක් ජීවත්වන අතර, එම විෂය සම්බන්ධයෙන් නිහඬභාවයේ කුමන්ත්‍රණයක් මෙන් පෙනෙන්ට තිබෙන දෙය ඉවත් කොට විස්තර දැන සිටීමට ඔවුහු කැමැත්තෙන් සිටිත්. ඔවුන්ට ඕනෑ වන්නේ සරල ඍජු පිළිතුරුය. එය සාධාරණ දෙයකි, මන්දයත් ඔවුන්ගෙන් බොහෝදෙනෙකුට ආර්තවාභාවයෙන් පසුව තම ජීවිතවලින් තුනෙන් එකක් පමණ තවමත් ගත කිරීමට තිබෙන නිසාය.

ඊළඟ දශකය තුළ ආර්තවාභාවයට පත්වන වයසේ සිටින ස්ත්‍රීන්ගේ සියයට 50ක වැඩිවීමක් තිබෙන්ට යන බව එක්සත් ජනපදයේ ජන විකාශන රටාවන් මගින් පෙන්වනු ලැබේ. එමගින් ඇති විය හැකි සෞඛ්‍ය ගැටලු, හිටිහැටියේ ඇඟට රස්නය දැනීම, චිත්ත ස්වභාවයන් විගස වෙනස්වීම, අපහසුතා හා ශාරීරික මෙන්ම චිත්තවේගීය විපර්යාස ගැන එබඳු ස්ත්‍රීහු දැනගැනීමට ආශා වෙත්. මේ දේවල් සිදුවන්නේ මන්ද? ස්ත්‍රියකගේ ඵලදායී ජීවිතය ආර්තවාභාවයත් සමඟ අවසන් වෙනවාද? ආර්තවාභාවය ස්ත්‍රියකගේ පෞද්ගලිකත්වය වෙනස් කරයිද? ඊළඟ ලිපිවල මෙම ප්‍රශ්න සලකා බලනු ලැබේ. g95 2/22

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න