ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwwd 43 පරි.
  • මව්කිරි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මව්කිරි
  • නිර්මාණයක්ද?
  • සමාන තොරතුරු
  • මව්කිරිවල ගුණයට පක්ෂව සාක්ෂි
    1994 පිබිදෙව්!
  • මව්කිරි-දීමේදී දැනගත යුතු මූලික දේ
    1994 පිබිදෙව්!
  • වසු පැටවෙකුගේ ආමාශයේ විස්මය!
    2008 පිබිදෙව්!
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
නිර්මාණයක්ද?
ijwwd 43 පරි.
අම්මා කෙනෙක් එයාගේ අතේ නිදාගෙන ඉන්න දරුවා දිහා බලාගෙන ඉන්නවා.

නිර්මාණයක්ද?

මව්කිරි

වින්නඹුවන්ට ලියවුණ එක පොතක මෙහෙම කියනවා. “ළදරුවන් වෙනුවෙන් හදලා තියෙන කිසිම කිරි වර්ගයක් මව්කිරිවලට සම කරන්න බැහැ.” දරුවාගේ අවශ්‍යතාවට අනුව මව්කිරිවල ස්වභාවය වෙනස් කරන්න අම්මාගේ ශරීරයට හැකියාව තියෙනවා. දරුවෙක්ට දෙන්න මව්කිරිවලට වඩා හොඳ දෙයක් තව නැහැ කියන්න ඒක එක හේතුවක්.

මේ ගැන හිතන්න: අම්මා දරුවාට කිරි දෙන හැම වතාවකම දරුවා කිරි බොන්න පටන්ගද්දී තියෙන කිරිවලට වඩා බීලා ඉවර වෙද්දී තියෙන කිරි වෙනස්. මුලදී එන කිරිවල ප්‍රෝටීන්, විටමින්, ඛනිජ ලවණ සහ වතුර වැඩියි. ඉවර වෙද්දී එන කිරිවල මේදය වැඩි නිසා බඩ පිරුණා කියන හැඟීම දරුවාට දැනෙනවා. දරුවාගේ වයස සහ අවුරුද්දේ ඍතුව අනුවත් අම්මාගේ කිරි වෙනස් වෙනවා.

අම්මාගේ කිරිවල තියෙන මෙලටොනින් වගේ සමහර හෝමෝන රෑට වැඩි වෙනවා. තවත් හෝමෝන දවල්ට වැඩි වෙනවා. ඉතින් දවසේ වෙලාව අනුව ඒ ඒ හෝමෝන දරුවාගේ නිදිමත වැඩි කරන්න හරි එයාව අවදියෙන් තියන්න හරි උදව් වෙනවා. ඒ නිසා යම් රටාවකට අනුව දරුවා නිදාගන්න, ඇහැරෙන්න හුරු වෙනවා.

දරුවා ඉපදිලා දවස් කීපයක් යන කල් අම්මාගෙන් එන කිරි කහ පාටට හුරුයි. ඒකට කියන්නේ කොලොස්ට්‍රම් කියලා. කොලොස්ට්‍රම් දරුවාට ජීර්ණය කරගන්න පහසුයි වගේම ඒකේ ගොඩක් පෝෂ්‍ය පදාර්ථ තියෙනවා. ඒ නිසා ඒකෙන් චුට්ටක් හරි දරුවාගේ චූටි බඩට වැටුණාම එයාට ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා. කොලොස්ට්‍රම්වල තියෙන ප්‍රතිදේහ නිසා ආසාදනවලින් දරුවාව ආරක්ෂා වෙනවා. ඊට අමතරව ඒක උදව් වෙනවා දරුවාට ලේසියෙන් මලපහ පිට කරන්න. ඒ නිසා දරුවාගේ ආහාර ජීර්ණ පද්ධතිය පිරිසිදු වෙනවා.

නිවුන්නු හම්බ වුණත් කිරි මදි වෙයි කියලා අම්මා කෙනෙක් බය වෙන්න ඕන නැහැ. මොකද අවශ්‍යතාවට අනුව කිරි ප්‍රමාණය ඉබේම වැඩි වෙනවා.

ඔයාගේ නිගමනය මොකක්ද? මව්කිරිවල තියෙන මේ විශේෂ හැකියාව ලැබුණේ පරිණාමයෙන්ද? නැත්නම් ඒක නිර්මාණයක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න