ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwwd 15 පරි.
  • පූසාගේ දිව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පූසාගේ දිව
  • නිර්මාණයක්ද?
  • සමාන තොරතුරු
  • වැලි කතරේ ඤාව්වා
    2013 පිබිදෙව්!
  • බළල් රැවුල
    2015 පිබිදෙව්!
  • චීටා බළලුන්ගෙන් ජවසම්පන්නයා
    1997 පිබිදෙව්!
  • රස දැනෙන්නේ කොහොමද?
    2008 පිබිදෙව්!
තව තොරතුරු
නිර්මාණයක්ද?
ijwwd 15 පරි.
පූසෙක් උගේ අතක් ලෙව කනවා.

නිර්මාණයක්ද?

පූසාගේ දිව

ගෙදරදොරේ හුරතලේට ඇති කරන පූසන් තමන්වම පිරිසිදු කරගන්න විදිහ හරිම අපූරුයි. ඌ දවසේ ඇහැරිලා ඉන්න වෙලාවෙන් කාලක් විතරම කරන්නේ ඌවම පිරිසිදු කරගන්න එකයි. ඒ දේ හොඳින් කරන්න උගේ දිවේ තියෙන සුවිශේෂී සැකැස්ම ඌට උදව් වෙනවා.

මේ ගැන හිතන්න: පූසාගේ දිවේ පිටිකා 290ක් තියෙනවා. පිටිකා කියලා කියන්නේ උගේ දිවේ පිහිටලා තියෙන පිටුපසට නෙරපු පුංචි කටු වගේ දේකට. ඒවා අපේ නියපොතු තරම්ම ශක්තිමත්. හැම පිටිකාවක්ම ඇතුල් පැත්තේ කට්ටයක් තියෙන නිසා පූසෙක් උගේ දිව කට ඇතුළට ගත්තාම ඉක්මනින්ම දිවේ කෙළ රැඳෙනවා. පූසෙක් උගේ ලොම් ලෙව කද්දී උගේ දිවේ තියෙන පිටිකා රෝම කූප අතරින් යන නිසා උගේ දිවේ තියෙන කෙළ ටික හමේ තැවරෙනවා.

විශාල කරන ලද පිටිකාවල පින්තූරයක්

සාමාන්‍යයෙන් පූසෙක් දවසකදී උගේ හම සහ මවිල් පිරිසිදු කරගන්න කෙළ මිලිලීටර් 48ක් (අවුන්ස 1.6ක්) විතර යොදාගන්නවා. ඒ කෙළවල විෂබීජ විනාශ කරන එන්සයිම තියෙනවා. ඒ වගේම උගේ කෙළ වාෂ්ප වෙද්දී උගේ ශරීරයේ උෂ්ණත්වය අඩු වෙනවා. සාමාන්‍යයෙන් පූසන්ට ස්වේද (දහඩිය) ග්‍රන්ථි වැඩිය නැති නිසා ඒ විදිහට උෂ්ණත්වය පාලනය වෙන එක ඌට හරිම ප්‍රයෝජනවත්.

පූසෙක් උගේ දිවෙන් මවිල් පිරිමදිද්දී උගේ දිවේ තියෙන පිටිකා, මවිල් ඇතුලටම ගිහිල්ලා ගැට ගැහිලා තියෙන මවිල් ලිහනවා. ඒ වගේම පූසෙක් උගේ දිවෙන් ඇඟ පිරිසිදු කරද්දී පිටිකාවල තුඩවල් ඇඟේ වැදිලා උගේ හම උත්තේජනය වෙනවා. පර්යේෂකයන් පූසාගේ දිවේ සැකැස්ම අනුකරණය කරලා පනාවක් නිර්මාණය කරලා තියෙනවා. තාම පර්යේෂණ මට්ටමේ තියෙන මේ පනාවෙන් වැඩි අයාසයක් දරන්නේ නැතුව කොණ්ඩයක තියෙන ගැට ලිහන්න පුළුවන්. ඒ වගේම ඒ පනාව පිරිසිදු කරන්නත් ලේසියි. පර්යේෂකයන් විශ්වාස කරනවා පූසාගේ දිවේ සැකැස්ම අනුකරණය කරලා ලොම් හෝ කෙඳි සහිත ඕනම මතුපිටක් පිරිසිදු කරන්න පුළුවන් නිෂ්පාදනවල අලුත් පිටුවක් පෙරළන්න එයාලට පුළුවන් වෙයි කියලා. ඒ වගේම රෝමවලින් වැහිලා තියෙන හමකට බෙහෙත් සහ ක්‍රීම් වගේ දේවල් ආලේප කරන්න උදව් වෙන අලුත් ක්‍රම හොයාගන්න පුළුවන් වෙයි කියලා එයාලා හිතනවා.

ඔයාගේ නිගමනය මොකක්ද? අපූරු හැකියාවක් තියෙන මේ දිව පූසාට ලැබුණේ පරිණාමයෙන්ද? නැත්නම් ඒක නිර්මාණයක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න