Maremagnum/Corbis Documentary via Getty Images
සෝදිසියෙන් ඉන්න!
හර්–මගෙදොන් පටන්ගන්නේ ඊශ්‍රායෙලයෙන්ද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
බයිබලයේ හර්–මගෙදොන් කියලා යුද්ධයක් ගැන කතා කරනවා. ඒක රටකට, දෙකකට බලපාන එකක් නෙවෙයි. ඒ වෙනුවට බයිබලයේ කියන්නේ ඒ යුද්ධය මේ මුළු ලෝකෙම තියෙන ආණ්ඩු සහ දෙවියන් අතර ඇති වෙන එකක් කියලා.
‘එම පණිවිඩ පැමිණෙන්නේ භූතයන්ගෙනි. එම පණිවිඩ මුළු ලොව පුරාම සිටින රජුන්ට ලැබෙන්නේය. ප්‍රතිඵලයක් ලෙස සියලු බලැති දෙවිගේ මහත් දවසේදී සිදු වන යුද්ධය සඳහා ඔවුහු රැස් වන්නෝය. එම පණිවිඩ ලැබූ පසු ඔවුහු, හෙබ්‍රෙව් බසින් හඳුන්වනු ලබන හර්–මගෙදොන් නමැති ස්ථානයට රැස් වූහ.’—එළිදරව් 16:14, 16.
“හර්–මගෙදොන්” කියන වචනය ඇවිත් තියෙන්නේ “හර් මෙගිද්·දොන්” කියන හෙබ්‍රෙව් වචනයෙන්. ඒකේ තේරුම “මෙගිද්දෝ කන්ද” කියන එක. මෙගිද්දෝ කියන්නේ අතීත ඊශ්‍රායෙලයේ තිබුණ නගරයක්. ඒ නිසා සමහර අය හිතන්නේ හර්–මගෙදොන් යුද්ධය ඇති වෙන්නේ ඊශ්‍රායෙලයේ කියලා. හැබැයි බයිබලයේ කියන විදිහට “මුළු ලොව පුරාම සිටින රජුන්” සහ එයාලාගේ හමුදා මේ යුද්ධයට රැස් වෙනවා. ඒ හැමෝටම රැස් වෙන්න පුළුවන් තැනක් මෙගිද්දෝවල තියා මැදපෙරදිගවත් නැහැ.
එළිදරව් පොත ලියලා තියෙන්නේ “සංකේත” පාවිච්චි කරලා. (එළිදරව් 1:1) ඒ නිසා හර්–මගෙදොන් කියන්නෙත් ඇත්තම තැනක් නෙවෙයි. ඒ වෙනුවට ඒකෙන් අදහස් කරන්නේ සියලුම ජාතීන් දෙවියන්ට විරුද්ධව යුද්ධ කරන්න රැස් වෙන අවස්ථාව. ඒක එක තැනක සිද්ධ වෙන දෙයක් නෙවෙයි, ලෝකේ හැම තැනම වෙන දෙයක්.—එළිදරව් 19:11-16, 19-21.