Chris McGrath/Getty Images
යුද්ධවලට දේවරාජ්‍යයෙන් විසඳුමක්!
ලෝකේ හතර වටේම ඇවිළෙන යුධ ගිනි නිසා හුඟක් ජීවිත විනාශ වෙලා! මේ වාර්තා බලන්න.
“පහුගිය අවුරුද්දේ යුද්ධ නිසා හුඟක් අයගේ ජීවිත නැති වුණා. විශේෂයෙන්ම ඉතියෝපියාවේ සහ යුක්රේනයේ ඇති වුණ යුද්ධවලින්. 1994න් පස්සේ මේ තරම් විනාශයක් කවදාවත් වෙලා නැහැ.”—Peace Research Institute Oslo, 2023 ජූනි 7.
“යුක්රේන යුද්ධය කියන්නේ 2022දී ඇති වුණ භයානක යුද්ධ අතරින් එකක් විතරයි. දේශපාලනික හේතූන් මත ඇති වුණ ඒ වගේ ප්රචණ්ඩ ක්‍රියා කලින් අවුරුද්දට වඩා 27%කින් ඉහළ ගිහින් තියෙනවා. ගණන් බලලා තියෙන විදිහට ඒ දේවල් නිසා බිලියන 1.7ක් විතර පීඩා විඳිනවා.”—The Armed Conflict Location & Event Data Project (ACLED), 2023 පෙබරවාරි 8.
හැබැයි බයිබලයේ අපිට බලාපොරොත්තුවක් දෙනවා. ඒකේ කියනවා ළඟදීම “ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවනවා” කියලා. (දානියෙල් 2:44) ඒ රාජ්‍යය මාර්ගයෙන් දෙවියන් ‘පොළොවේ සිද්ධ වෙන සියලුම යුද්ධ නවත්වලා දානවා.’—ගීතාවලිය 46:9.