Ismail Sen/Anadolu Agency via Getty Images
සෝදිසියෙන් ඉන්න!
තුර්කිය සහ සිරියාව කම්පා කරපු භූමිකම්පා - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
2023 පෙබරවාරි 6වෙනි සඳුදා තුර්කියේ සහ සිරියාවේ භයානක භූමිකම්පා කීපයක්ම ඇති වුණා.
“සඳුදා තුර්කියට සහ වයඹදිග සිරියාවට භයානක භූමිකම්පාවක් ආවා. ඒකෙන් මිනිස්සු 3,700කට වඩා මැරුණා. ඒ මදිවට භූමිකම්පාවෙන් තුවාල ලබපු අය, ගෙවල් අහිමි වුණ අය අධික සීතල නිසා තවත් පීඩා විඳිනවා. සුන්බුන් අතර හිර වුණ අයව බේරගන්න එකත් මේ සීතල නිසා ලේසි නැහැ.”—Reuters, 2023 පෙබරවාරි 6.
මේ වගේ හද කම්පා කරවන දේවල් ඇහෙද්දී අපේ හිතටත් දැනෙන්නේ කියාගන්න බැරි වේදනාවක්. හැබැයි මේ වගේ වෙලාවට අපි බලාපොරොත්තු තියන්නේ “සියලු සැනසිල්ලේ දෙවි” වන යෙහෝවා මතයි. (2 කොරින්ති 1:3) මොකද ඔහු අපිට ‘ශුද්ධ ලියවිල්ලෙන් සැනසිල්ල වගේම බලාපොරොත්තුවකුත්’ දීලා තියෙනවා.—රෝම 15:4.
බයිබලයෙන් අපිට මේ දේවල් ගැනත් දැනගන්න පුළුවන්.
භූමිකම්පා ගැන කලින්ම කියලා තියෙන දේවල්.
සහනයක් සහ බලාපොරොත්තුවක් ලබාගන්න පුළුවන් විදිහ.
දෙවියන් හැම දුක් වේදනාවක්ම නැති කරන විදිහ.
ඒ ගැන බයිබලයේ කියන දේ දැනගන්න මේ ලිපි බලන්න.
a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි.—ගීතාවලිය 83:18.