ඉන්දුනීසියාව
කීකරු වුණ නිසා ජීවිත බේරුණා!
බ්ලසියස් ද ගෝමස්
ඉපදුණේ 1963
බව්තීස්ම වුණේ 1995
තොරතුරු මාලුකු දූපතේ ඇම්බොන්වල ආගමික ගැටුම් ඇති වුණ කාලයේ සභාවේ අයව ආදරෙන් රැක බලාගත්ත වැඩිමහල්ලෙක්.
1999 ජනවාරි 19වෙනිදා මුස්ලිම් අයයි ක්රිස්තියානි අයයි අතර ගැටුම් ඇති වුණා. අපේ ගෙදරට කිලෝමීටර් 3ක් විතර ඈතින් ගොඩක් කලබල තිබ්බා. මුළු පළාතම අවුල් ජාලාවක් වුණා.a
මං මගේ පවුලේ අයට ආරක්ෂාව සලස්වලා සභාවේ අය ගැනත් හොයලා බැලුවා. කලබල වෙන්න එපා කියලත් ගැටුම් තියන පැතිවලට යන්න එපා කියලත් මං එයාලට කිව්වා. පස්සේ වැඩිමහල්ලෝ එයාලව බලන්න ගිහින් එයාලව දිරිගැන්නුවා. ඒ වගේම පුංචි කණ්ඩායම් විදිහට එකතු වෙලා රැස්වීම් තියන්නත් එයාලව උනන්දු කළා.
ගැටුම් තියෙන පැතිවලින් සහෝදරයන්ව ඉවත් කරන්න කියලා ශාඛා කාර්යාලයෙන් අපිට කිව්වා. අපි ඒක ඒ පැතිවල සහෝදරයන්ට දැනුම් දුන්නා. මඟ පෙන්වීමවලට කීකරු වුණ හැමෝගෙම ජීවිත බේරුණා. ඒත් ඒක ගණන්ගත්තේ නැති සහෝදරයෙක්ගේ ජීවිතේ නැති වුණා.
a අවුරුදු 2කට වැඩි කාලයක් මාලුකු පළාතේ ගැටුම් තිබ්බා. ඒ නිසා මිනිස්සු දහස් ගාණකට තමන්ගේ ගෙවල් අත්හැරලා යන්න සිද්ධ වුණා.