ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb14 112-113 පි.
  • ගුප්ත ආගමික කණ්ඩායම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ගුප්ත ආගමික කණ්ඩායම්
  • 2014 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
2014 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb14 112-113 පි.

සියරා ලියොන් සහ ගිනියාව

ගුප්ත ආගමික කණ්ඩායම්

විවිධ ගෝත්‍ර, සංස්කෘති සහ භාෂාවලට අයත් සාමාජිකයන් සිටින මෙම කණ්ඩායම් බටහිර අප්‍රිකාව පුරාම දකින්න ලැබෙනවා. ඔවුන්ගේ ජීවිතයේ සෑම දෙයක්ම බැඳී තිබෙන්නේ ගුප්ත ආගමික විශ්වාසයන් මතයි. මෙම කණ්ඩායම් අතරින් විශාලතම කණ්ඩායම් දෙක “පෝරෝ” සහ “සන්ඩීයි.”a පිරිමි අය “පෝරෝ” කණ්ඩායමටත් ගැහැණු අය “සන්ඩී” කණ්ඩායමටත් අයිති වුණා. “පෝරෝ” “කණ්ඩායම නිතරම භූතයන්ව පාලනය කරමින් ඔවුන්ගේ රැකවරණය ලබාගන්න විවිධ චාරිත්‍ර වාරිත්‍ර සිදු කළා” කියා එක් පොතකත් සඳහන් වෙනවා.—Initiation,1986.

“පෝරෝ” කණ්ඩායමේ අලුත් සාමාජිකයන්ට භූතයන් ගැන සහ මායා බන්ධන ක්‍රියාවල යෙදෙන විදිහ ගැන උගන්වන අතර ශරීරය තුවාල කර කැළැල් ඇති කිරීමේ චාරිත්‍රයක්ද සිදු කරනවා. “සන්ඩී” කණ්ඩායමේ කාන්තාවන්ටද ආත්ම බන්ධන ක්‍රියා උගන්වන අතර ස්ත්‍රී ලිංගේන්ද්‍රය සුන්නත් කිරීමත් සිදු කරනවා.

අනෙකුත් ගුප්ත ආගමික කණ්ඩායම් තම සාමාජිකයන්ගේ ලිංගික හැසිරීම් පාලනය කළ අතර උමතුව වැනි ලෙඩ රෝග භූතයන්ගේ උපකාරයෙන් සුව කරනවා. සියරා ලියොන්වල යුද්ධය පැවති කාලයේදී තම සාමාජිකයන්ට වෙඩි වදින්නේ නැහැ කියා විශ්වාස කළ කණ්ඩායමක්ද සිටියා.

එක් එක් කණ්ඩායමේ රහස් සහ චාරිත්‍ර වාරිත්‍ර ගැන වෙනත් අයට පැවසීම තහනම්. එසේ කරන අයට ලැබෙන දඬුවම මරණයයි.

a සමහර ප්‍රදේශවල “සන්ඩී” කණ්ඩායම හඳුන්වන්නේ “බොන්ඩෝ” කියලයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න