සියරා ලියොන් සහ ගිනියාව
සියරා ලියොන් සහ ගිනියාව ගැන තොරතුරු බිඳක්
භූමිය දෙරටම වගුරුබිම්, තණබිම්, වගා කළ සානු හා කඳුවලින් සමන්විතයි. බටහිර අප්‍රිකාවේ ප්‍රධාන ගංගා අතරින් 3ක් වන ගැම්බියා, නයිජ සහ සෙනගාල් යන ගංගා ආරම්භ වන්නේ ගිනියාවෙන්.
ජනයා සියරා ලියොන්හි සිටින ගෝත්‍ර 18න් විශාලම ගෝත්‍ර දෙක වන්නේ මෙන්ඩෙ සහ ටිම්නියි. නිදහස ලැබූ වහලුන්ගෙන් පැවතෙන ගෝත්‍රයක් වන ක්‍රියෝ ගෝත්‍රයේ ජනයා ජීවත් වන්නේ ෆ්‍රීටවුන් නගරය අවටයි. ගිනියාවේ වාර්ගික කණ්ඩායම් 30කට වඩා සිටින අතර ඉන් විශාලතම කාණ්ඩායම් වන්නේ ෆුලානි, මැන්ඩිංගෝ සහ සුසුයි.a
ආගම සියරා ලියොන් වැසියන්ගෙන් සියයට 60ක් පමණ මුස්ලිම් භක්තිකයන් වන අතර ඉතිරි අයගෙන් බොහෝදෙනෙක් තමන්ව හඳුන්වන්නේ ක්‍රිස්තියානීන් ලෙසයි. ගිනියාවේ වැසියන්ගෙන් සියයට 90ක් මුස්ලිම් භක්තිකයන්. මේ රටවල් දෙකේම බොහෝ අය සම්ප්‍රදායික අප්‍රිකානු ආගම්ද අදහනවා.
භාෂාව සෑම වාර්ගික කණ්ඩායමකටම ඔවුන්ට ආවේණික භාෂාවක් තිබෙනවා. සියරා ලියොන්වල ප්‍රධාන භාෂාව ක්‍රියෝ. එය ඉංග්‍රීසි, යුරෝපීය හා අප්‍රිකානු භාෂාවල සම්මිශ්‍රණයක්. ගිනියාවේ ප්‍රධාන භාෂාව ප්‍රංශ භාෂාවයි. රටවල් දෙකේම ජනයාගෙන් සියයට 60කට පමණ ලිවීමේ කියවීමේ හැකියාව නැහැ.
ජීවනෝපාය බොහෝදෙනෙක් ගොවියන්. සියරා ලියොන්වල අපනයන ආදායමෙන් අඩක් ලැබෙන්නේ දියමන්තිවලින්. ලෝකයේ විශාලතම බොක්සයිට් ආකරවලින් එකක් තිබෙන්නේ ගිනියාවේ.
ආහාර ප්‍රධාන ආහාරය බත් නිසා “බත් කෑවේ නැත්නම්, කෑවේ නැහැ වගෙයි” කියා ප්‍රසිද්ධ කියමනක්ද තිබෙනවා. “ෆුෆූ” යනු, මෝලියක් ආකාරයට සකස් කළ තැම්බූ මඤ්ඤොක්කායි. එය මස්, බණ්ඩක්කා සහ සෝස් වර්ගයක් සමඟ ආහාරයට ගන්නවා.
දේශගුණය මුහුදුබඩ ප්‍රදේශවල උණුසුම් සහ කඳුකර ප්‍රදේශවල ශීත දේශගුණයක් තිබෙනවා. වියළි කාලයට දවස් ගණනාවක් හමන දූවිලි සහිත තද සුළං නිසා මුළු පළාතම දූවිල්ලෙන් වැසී යනවා.
a සමහර ගෝත්‍රවලට නම් කිහිපයක් තිබෙනවා.
සියරා ලියොන් |
ගිනියාව |
|
|---|---|---|
භූමිය (වර්ග කිලෝමීටර්) |
71,740 |
2,45,857 |
ජනගහනය |
60,92,000 |
1,17,45,000 |
2013 වසරේ ප්‍රචාරකයන් ගණන |
2,039 |
748 |
අනුපාතය, එක් ප්‍රචාරකයෙකුට |
2,988 |
15,702 |
2013 වසරේ සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව |
8,297 |
3,609 |