අධ්‍යයනයට යෝජනාවක්!
බයිබලේ තියෙන උදාහරණ තේරුම්ගන්නේ කොහොමද?
බයිබලේ යම් අදහසක් පැහැදිලි කරන්න උදාහරණ පාවිච්චි කරපු හුඟක් අවස්ථා තියෙනවා. ඒත් බයිබලේ කියවන හුඟක් අයට ඒවා තේරුම්ගන්න අමාරුයි. (මතෙ. 13:13) බයිබලේ තියෙන උදාහරණ තේරුම්ගන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද? මේ දේවල් කරලා බලන්න.
ප්‍රධාන අදහසයි, උදාහරණෙයි අඳුරගන්න. ප්‍රධාන අදහස මොකක්ද කියලත් ඒක සමාන කරලා තියෙන්නේ මොකකටද කියලත් අඳුරගන්න. උදාහරණෙකට, එළිදරව් 3:3 යේසුස් ආපහු එන එක (ප්‍රධාන අදහස) හොරෙක් ගෙට පනින එකට (උදාහරණය) සමාන කරලා තියෙනවා.
ප්‍රධාන අදහසෙයි, උදාහරණෙයි අතර තියෙන සමානකම් ගැන හිතන්න. ඒ දෙක සමාන කරලා තියෙන්නේ ඇයි කියලා හිතන්න.
හරි නිගමනයට එන්න. ප්‍රධාන අදහසෙයි, උදාහරණෙයි තියෙන සමහර සමානකම් නිසා කෙනෙක් වැරදි නිගමනයකට එන්න පුළුවන්. කලින් කතා කරපු උදාහරණේ ගැන ටිකක් හිතන්න. ඒකෙන් කියන්න හදන්නේ යේසුස් හොරකම් කරන්න එනවා කියලා නෙවෙයි. ඒ වෙනුවට හොරෙක් වගේ කවුරුත් හිතන්නේ නැති වෙලාවක යේසුස් එනවා කියලයි.