ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w26 මාර්තු 32 පි.
  • බෙනායා වගේ ධෛර්යයෙන්, විශ්වාසවන්තව වැඩ කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බෙනායා වගේ ධෛර්යයෙන්, විශ්වාසවන්තව වැඩ කරන්න
  • 2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • දෙවිට ළැදිව හිටපු අයව ආදර්ශයට ගමු
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “ඔබේ කැමැත්ත කිරීමට මට උගන්වන්න”
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සාදොක් වගේ එඩිතර වෙන්න
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘දෙවිව අත් නොහරින කෙනෙකුව දෙවිත් අත් නොහරියි’
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w26 මාර්තු 32 පි.

බයිබල් චරිතයක්

බෙනායා වගේ ධෛර්යයෙන්, විශ්වාසවන්තව වැඩ කරන්න

බෙනායා කියන්නේ දාවිත් සහ සලමොන් යටතේ සේවේ කරපු නිර්භීත රණශූරයෙක්. එයා පූජකයෙක්ගේ පුතෙක්. සාමාන්‍යයෙන් පූජකයන් ආයුධ අරන් යුද්ධ කරන්නේ නැහැ. හැබැයි බෙනායා යෙහෝවාගේ හතුරන්ට විරුද්ධව කරපු සටන්වලට හවුල් වුණා. එයා හරිම නිර්භීත කෙනෙක්. දවසක් එයා වළකට බැහැලා ඒක ඇතුළේ හිටපු සිංහයෙක්ව මැරුවා. එයා යෝධයෙක්වත් මරලා දැම්මා. දාවිත් බෙනායාව කොච්චර විශ්වාස කළාද කියනවා නම් එයාව තමන්ගේ ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා විදිහට පත් කළා.—2 සාමු. 23:20-23.

අබ්සලොම් සහ අදොනියා දාවිත්ට විරුද්ධව කැරලිගහපු වෙලාවලදී බෙනායා දාවිත් එක්කම හිටියා. (2 සාමු. 8:18; 15:18; 1 රාජා. 1:8) දාවිත් මහලු වයසේ ඉද්දී සලමොන්ව ඊළඟ රජ විදිහට අභිෂේක කරපු අවස්ථාවටත් බෙනායා උදව් කළා. (1 රාජා. 1:32-40) කවුරු ද්‍රෝහි වුණත් බෙනායා යෙහෝවාටයි, ඔහු පත් කරපු අයටයි දිගටම විශ්වාසවන්තව හිටියා.

අපේ සතුරා වන සාතන් ගොඩක් බලවත්. සාතන්ටත් එයාගේ පැත්තේ ඉන්න අයටත් විරුද්ධව ඉන්න අපිටත් ලොකු ධෛර්යයක් ඕනේ. ඒ වගේම යෙහෝවාගේ ප්‍රමිති කඩන්නේ නැතුව ජීවත් වෙන්න අපි අදිටන් කරගන්නත් ඕනේ. (එෆී. 6:11; 1 පේතෘ. 5:8, 9) සමහරු යෙහෝවාව අත්හැරලා යන්න තීරණේ කළත් අපි දිගටම ඔහුට විශ්වාසවන්තව ඉන්නවා. ඔහුව අත්හරින්නේ නැති අයට ඔහු ආශීර්වාද කරනවා කියලා අපිට කිසිම සැකයක් නැහැ.—2 සාමු. 22:26.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න