අධ්‍යයනයට යෝජනාවක්!
බයිබල් සිද්ධි හිතින් මවාගන්න
අපිට පාඩම් ඉගෙනගන්න පුළුවන් ඉතිහාස සිද්ධිවලින් බයිබලේ පිරිලා. ඒ සිද්ධීන් හිතින් මවාගද්දී කියවන දේ තව හොඳින් තේරුම්ගන්නත් ඒවායින් තව ප්‍රයෝජන ගන්නත් පුළුවන්. සිද්ධීන් හිතින් මවාගන්න උදව් වෙන යෝජනා කීපයක් අපි බලමු.
ශබ්ද නඟලා කියවන්න. එහෙම කරද්දී කියවන දේ හිතින් මවාගන්න ලේසියි. පවුලේ අය එකතු වෙලා බයිබලේ කියවද්දී චරිත බෙදාගෙන කියවන එකෙන් ඒ චරිතවලට පණ දෙන්න පුළුවන්.
ඒ සිද්ධියට යන්න. ඒ සිද්ධියේ ඉන්න චරිතවලට හැඟුණ විදිහ, එයාලා හිතපු විදිහ තේරුම්ගන්න උත්සාහ කරන්න. ඒකට මේ වගේ ප්‍රශ්න ගැන හිතන්න. ‘එයා ඒ විදිහට කතා කළේ, වැඩ කළේ ඇයි? මං එතන හිටියා නම් මට කොහොම දැනෙයිද? මට මොනවා හිතෙයිද?’
චිත්‍රයට නඟන්න. ඔයාට හොඳට චිත්‍ර අඳින්න බැරි වුණත් පුළුවන් විදිහට ඒ සිද්ධිය චිත්‍රයට නඟද්දී ඒක හිතින් මවාගන්න, තව හොඳට මතක තියාගන්න ඔයාට ලේසියි.