ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w24 අප්‍රියෙල් 31 පි.
  • ඔයා දැනගෙන හිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයා දැනගෙන හිටියාද?
  • 2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • ඉත්තයිගේ විශ්වාසවන්තකම අනුකරණය කරන්න
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ඔබේ කැමැත්ත කිරීමට මට උගන්වන්න”
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ජීවිතයේ වෙනස්කම් සිදු වන විට දෙවිගේ ආත්මය කෙරෙහි රඳා සිටින්න
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ගැලවීම සලසා” දුන් යෙහෝවා දෙවි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w24 අප්‍රියෙල් 31 පි.

ඔයා දැනගෙන හිටියාද?

දාවිත්ගේ හමුදාවේ විදේශිකයන් හිටියේ ඇයි?

දාවිත්ගේ හමුදාවේ හිටපු විදේශිකයන් කීපදෙනෙක් තමයි අම්මොන් ජාතික ෂෙලෙක්, හිත්තී ජාතික උරියා සහ මෝවබ් ජාතික ඉත්මා.a (1 ලේක. 11:39, 41, 46) දාවිත්ගේ හමුදාවේ ‘කෙරෙතිවරු, පෙලෙතිවරු සහ ගාත්වල වැසියනුත්’ හිටියා. (2 සාමු. 15:18) ගාත්වල වැසියන් පිලිස්ති ජාතිකයන්. කෙරෙතිවරු සහ පෙලෙතිවරුත් පිලිස්තිවරු එක්ක කිට්ටුවෙන් ආශ්‍රය කරපු අය.—යොෂු. 13:2, 3; 1 සාමු. 6:17, 18; එස. 25:16.

දාවිත් විදේශිකයන්ව එයාගේ හමුදාවට බඳවගත්තේ ඇයි? මොකද දාවිත්ට විශ්වාසයක් තිබුණා එයාලා දාවිත්ට පක්ෂව ඉඳියි කියලා. ඊටත් වඩා දාවිත් විශ්වාස කළා එයාලා යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉඳියි කියලා. කෙරෙතිවරු සහ පෙලෙතිවරු ගැන බයිබල් ශබ්දකෝෂයක මෙහෙම කියනවා. “දාවිත්ගේ පාලන කාලේ අමාරුම අවස්ථාවලදීත් එයාලා දාවිත්ව අත්හැරලා ගියේ නැහැ.” (The New Interpreter’s Dictionary of the Bible) ඊශ්‍රායෙල්වරු දාවිත් රජව අත්හැරලා ‘කිසි කමකට නැති ෂෙබා’ පස්සේ ගිය වෙලාවේ කෙරෙතිවරු සහ පෙලෙතිවරු දාවිත් එක්කම ඉඳලා ෂෙබාගේ කැරැල්ල පාලනය කරන්න උදව් කළා. (2 සාමු. 20:1, 2, 7) තවත් සැරයක් දාවිත්ගේ පුතෙක් වුණ අදොනියා රජකම බලෙන් ගන්න හැදුවා. ඒ වෙලාවෙත් කෙරෙතිවරු සහ පෙලෙතිවරු දාවිත්ට විශ්වාසවන්තව හිටියා. යෙහෝවා ඊළඟට රජ වෙන්න තෝරගෙන හිටපු සලමොන්ව රජකමට පත් කරන්නත් එයාලා දාවිත්ට උදව් කළා.—1 රාජා. 1:24-27, 38, 39.

දාවිත්ට ගොඩක් විශ්වාසවන්තව හිටපු තව විදේශිකයෙක් තමයි ගාත්වලින් ආපු ඉත්තයි. සැරයක් දාවිත්ගේ පුතෙක් වුණ අබ්සලොම් දාවිත්ට විරුද්ධව කැරලිගහලා එයාගේ පැත්තට ඊශ්‍රායෙල් සෙනඟව නම්මගන්න හැදුවා. ඒ වෙලාවේ ඉත්තයි සහ එයාත් එක්ක හිටපු සෙබළු 600දෙනා දාවිත්ගේ උදව්වට ආවා. ඉත්තයි විදේශිකයෙක් නිසා දාවිත් එයාට කිව්වා ‘ඔයා අපි එක්ක ආවේ නැති වුණාට කමක් නැහැ’ කියලා. එතකොට ඉත්තයි මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, ඔබ යන ඕනෑම තැනකට මාත් ඔබ සමඟ එනවා කියලා ජීවමාන දෙවි වන යෙහෝවා ඉදිරියෙත් ඔබ ඉදිරියෙත් මම දිවුරලා පොරොන්දු වෙනවා. ඔබ සමඟ මැරෙන්න වුණත් මම ලෑස්තියි!”—2 සාමු. 15:6, 18-21.

ඉත්තයි දාවිත් එක්ක සතුටින් කතා කරකර ඉන්නවා.

දෙවියන් අභිෂේක කරපු දාවිත් රජට ඉත්තයි විශ්වාසවන්තව හිටියා

කෙරෙතිවරු, පෙලෙතිවරු සහ ගාත්වල වැසියන් විදේශිකයන් වුණත් එයාලා යෙහෝවාව සැබෑ දෙවියන් කියලා පිළිගත්තා. දෙවියන් අභිෂේක කරපු කෙනා දාවිත් කියලත් පිළිගත්තා. ඒ වගේ විශ්වාසවන්ත පුරුෂයන් එයාත් එක්ක හිටපු එක ගැන දාවිත් කොච්චර සතුටු වෙන්න ඇද්ද!

a ද්විතීය කතාව 23:3-6 කියනවා අම්මොන් සහ මෝවබ් ජාතිකයන්ට දෙවියන් ඉදිරියේ රැස් වෙන සභාව එක්ක එකතු වෙන්න අවසර නැහැ කියලා. පේන විදිහට ඒකෙන් අදහස් කළේ සාමාන්‍ය ඊශ්‍රායෙල් වැසියෙක්ට ලැබෙන හැම අයිතිවාසිකමක්ම එයාලට ලැබෙන්නේ නැහැ කියන එකයි. ඒත් වෙනත් ජාතියකට අයිති කෙනෙක් දෙවියන්ට නමස්කාර කරන්න ගත්තොත් එයාලව ආශ්‍රය කරන එක, එයාලත් එක්ක එක පැත්තේ ජීවත් වෙන එක නීතියෙන් තහනම් කරලා තිබ්බේ නැහැ. ‘ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්’ පොතේ 1වෙනි වෙළුමේ 95වෙනි පිටුව බලන්න. (සිංහලෙන් නැහැ.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න