ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w23 පෙබරවාරි 31 පි.
  • අන්ධ වුණත් එයාලා ආදරේ දැක්කා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අන්ධ වුණත් එයාලා ආදරේ දැක්කා
  • 2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • හිත්වලට කතා කරන තිත්
    ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
  • අන්ධ අයට එළිය දුන් ලුවී බ්‍රේල්
    2000 පිබිදෙව්!
  • අවංක සෙනඟක් යෙහෝවා දෙවිට ප්‍රශංසා ගෙනෙයි
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඇස් නොපෙනුණත් සතුටින්
    2015 පිබිදෙව්!
තව තොරතුරු
2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w23 පෙබරවාරි 31 පි.

[වමේ සිට දකුණට] මාර්සෙලෝ, යොමාරා සහ අයිවර්. තුන්දෙනාගෙම අතේ ස්පාඤ්ඤ බ්‍රේල් ‘නව ලොව පරිවර්තනය’ තියෙනවා

අන්ධ වුණත් එයාලා ආදරේ දැක්කා

යොමාරා සහ එයාගේ මල්ලිලා දෙන්නා මාර්සෙලෝ සහ අයිවර් ඉන්නේ ග්වාතමාලාවේ පුංචි ගමක. යොමාරා සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තා. ඊට ටික කාලෙකට පස්සේ එයාගේ මල්ලිලා දෙන්නාත් ඒකට එකතු වුණා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තිබ්බා. මේ තුන්දෙනාටම ඇස් පේන්නේ නැහැ. ඒ මදිවට බ්‍රේල් කියවන්නත් බැහැ. ඒ නිසා බයිබලේ උගන්නපු සහෝදරයාට තමයි හැම දේම කියවලා පැහැදිලි කරලා දෙන්න වුණේ.

එයාලට තිබ්බ අනිත් අභියෝගය තමයි රැස්වීම් යන එක. මොකද ළඟම තිබ්බ රැස්වීමට යන්නත් විනාඩි 40ක් විතර යනවා. ඉතින් තනියම යන්න බැරි නිසා හැම රැස්වීමකටම එයාලව ගෙනියන්නත් සහෝදරයෝ සැලසුම් කළා. ඒ විතරක් නෙවෙයි සති මැද රැස්වීමේ ශිෂ්‍ය පැවරුම් හම්බ වුණාමත් එයාලා තුන්දෙනා ඒවා කළේ කටපාඩම් කරගෙන. ඒ පැවරුම්වලට ලෑස්ති වෙන්න උදව් කළෙත් සහෝදරයෝ තමයි.

2019 මැයිවල එයාලා හිටපු ගමේ රැස්වීම් තියන්න පටන්ගත්තා. ඔය කාලේදීම තමයි එහෙට ස්ථාවර පුරෝගාමි යුවළක් පදිංචියට ගියේ. ඒ දෙන්නා හිතාගත්තා ‘මෙයාලට කොහොමහරි බ්‍රේල් උගන්වනවා’ කියලා. හැබැයි උගන්වනවා තියා ඒ දෙන්නා බ්‍රේල් අකුරක්වත් දැනන් හිටියේ නැහැ. ඉතින් ඒ දෙන්නා පුස්තකාලෙට ගිහිල්ලා බ්‍රේල් ගැනයි, ඒක උගන්වන විදිහ ගැනයි මුල ඉඳන්ම ඉගෙනගත්තා.

මාර්සෙලෝ රැස්වීමකදී අදහසක් දෙනවා

ඔන්න ඔය විදිහට මාස කීපයක් යද්දී යොමාරාටයි, එයාගේ මල්ලිලා දෙන්නාටයි බ්‍රේල් ඉගෙනගන්න පුළුවන් වුණා.a ඒ නිසා එයාලා ඉක්මනින් සත්‍යය තුළ දියුණු වුණා. දැන් යොමාරායි, මාර්සෙලෝයි, අයිවරුයි ස්ථාවර පුරෝගාමීන්! ඒ විතරක් නෙවෙයි මාර්සෙලෝ සහායක සේවකයෙක්. මේ සහෝදර සහෝදරියන් තුන්දෙනාගේ උද්‍යෝගය අනිත් අයටත් බෝ වෙලා තියෙනවා.

ඇස් පේන්නේ නැතත් එයාලා අනිත් අයගේ ආදරේ දැක්කා. බලන්න ඒ ගැන යොමාරා කියන දේ. “සාක්ෂිකරුවන්ව හම්බ වුණ පළවෙනි දවසේ ඉඳන්ම එයාලාගේ ආදරේ අපිට අඩුවක් නැතුව දැනුණා.” මාර්සෙලෝ මෙහෙම කියනවා. “අපි දැන් ආදරෙන් බැඳුණ ලෝක ව්‍යාප්ත පවුලක්. අපිට දැන් හුඟක් යාළුවෝ ඉන්නවා.” යොමාරායි, එයාගේ මල්ලිලා දෙන්නායි මේ පොළොව පාරාදීසයක් වෙන දවස ඇස් දෙකෙන්ම දැකගන්න ආසාවෙන් බලන් ඉන්නවා.—ගීතා. 37:10, 11; යෙසා. 35:5.

a අන්ධ කෙනෙක්ට බ්‍රේල් කියවන්නයි, ලියන්නයි ඉගෙනගන්න උදව් වෙන වැඩපොතක් (Learn to Read Braille) සංවිධානයෙන් දීලා තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න