ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w22 මාර්තු 13 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • ප්‍රශ්න ආවත් එයා කලකිරුණේ නැහැ
    දෙවියන් එක්ක ධෛර්යවන්තව ගමන් කරන්න
  • අනික් අය ඔයාට වෙනස් විදිහට සලකනවාද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බය නැතුව වැඩ කරපු හොඳ යාළුවෙක්
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • ඔහු පණට මෙන් තම මිතුරාට ආදරය කළා
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
තව තොරතුරු
2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w22 මාර්තු 13 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

2 සාමුවෙල් 21:7-9 කියන විදිහට දාවිත් ‘මෙෆිබොෂෙත්ට අනුකම්පා කළා’ නම් පස්සේ එයාව මරන්න භාර දුන්නේ ඇයි?

කෙනෙක් ඒ වාර්තාව උඩින් පල්ලෙන් කියවගෙන ගියොත් දාවිත් එහෙම කළේ ඇයි කියලා හිතාගන්න බැරි වෙයි. හැබැයි හොඳට බලද්දී අපිට තේරෙනවා එතන කතා කරන්නේ මෙෆිබොෂෙත් කියන නමින් හිටපු දෙන්නෙක් ගැන කියලා. දැන් අපි ඒ සිද්ධිය ගැනත් ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම ගැනත් ටිකක් බලමු.

සාවුල්ට පුත්තු හත්දෙනෙක් සහ දුවලා දෙන්නෙක් හිටියා. යොනාතාන් තමයි එයාගේ පළවෙනි පුතා. යොනාතාන් ඉපදිලා ටික කාලෙකට පස්සේ උපභාර්යාවක් වුණ රිෂ්පාගෙන් සාවුල්ට පුතෙක් ලැබුණා. ඒ පුතාගේ නම මෙෆිබොෂෙත්. යොනාතාන්ටත් මෙෆිබොෂෙත් කියලා පුතෙක් හිටියා. ඒකෙන් තේරෙනවා මෙෆිබොෂෙත් කියන නමින් සාවුල්ට පුතෙක් වගේම මුනුපුරෙකුත් හිටියා කියලා.

එක අවස්ථාවකදී සාවුල් ගිබියොන්වරුන්ව සමූල ඝාතනය කරන්න හැදුවා. පේන විදිහට ඒකෙන් ගොඩක් අය මැරුණා. ඒක හරිම දුෂ්ට දෙයක්. ඇයි ඒ? මොකද ඊට අවුරුදු ගාණකට කලින් ඒ කියන්නේ යොෂුවාගේ කාලෙදී ඊශ්‍රායෙල්වරු ගිබියොන්වරුන් එක්ක ගිවිසුමක් ඇති කරගෙන තිබ්බා. ඒ එයාලව කවදාවත් විනාශ කරන්නේ නැහැ කියලා.—යොෂු. 9:3-27.

සාවුල් රජගේ කාලය වෙද්දී ඒ ගිවිසුම අහෝසි වෙලා තිබුණේ නැහැ. හැබැයි සාවුල් ඒ ගිවිසුමට පොඩ්ඩක්වත් ගෞරව කරපු නැති නිසා තමයි ගිබියොන්වරුන්ව විනාශ කරන්න හැදුවේ. ඒ නිසා ‘සාවුල් සහ ඔහුගේ පවුලේ අය ඔවුන්ගේ ලේවලට වග කියන්න’ වුණා. (2 සාමු. 21:1) දාවිත් රජ වුණාට පස්සේ එයා සාවුල්ගෙන් බේරුණ ගිබියොන්වරුන් එක්ක කතා කළා. දාවිත් එයාලගෙන් ඇහුවා, ‘ඊශ්‍රායෙල් දේශයට ආයෙත් යෙහෝවාගේ ආශීර්වාදය ලැබෙන්න නම් මං මොනවාද කරන්න ඕනේ? වන්දියක් විදිහට ඔයාලට ඕනෙ මොනවාද’ කියලා. ඒ වෙලාවේ ගිබියොන්වරු දාවිත් රජගෙන් රන් රිදී ඉල්ලුවේ නැහැ. ඒ වෙනුවට එයාලා කිව්වා ‘අපිව මරන්න කුමන්ත්‍රණය කරපු මනුෂ්‍යයාගේ පුත්තු හත්දෙනෙක්ව අපිට භාර දෙන්න’ කියලා. (ගණන්. 35:30, 31) දාවිත් එයාලගේ ඉල්ලීම ඉටු කළා.—2 සාමු. 21:2-6.

ඒ සිද්ධිය වෙද්දී සාවුල් සහ යොනාතාන් මැරිලයි හිටියේ. හැබැයි යොනාතාන්ගේ පුතා වුණ මෙෆිබොෂෙත් ජීවතුන් අතර හිටියා. පොඩි කාලෙදී වුණ අනතුරක් නිසා මෙෆිබොෂෙත්ගේ කකුල් කොර වෙලයි තිබුණේ. පේන විදිහට සාවුල් ගිබියොන්වරුන්ට විරුද්ධව යද්දී මෙෆිබොෂෙත් ඒකට හවුල් වෙලා නැහැ. අනිත් අතට දාවිත් එයාගේ යාළුවා වුණ යොනාතාන් එක්ක ගිවිසුමක් ඇති කරගෙන තිබුණා. ඒ ගිවිසුම නිසා යොනාතාන්වත් යොනාතාන්ගේ දරුවන්වත් ආරක්ෂා කරනවා කියලා දාවිත් පොරොන්දු වෙලයි තිබුණේ. (1 සාමු. 18:1; 20:42) ඒ නිසයි බයිබලයේ මෙහෙම කියන්නේ. “රජ, තමා සාවුල්ගේ පුත් යොනාතාන් සමඟ යෙහෝවා දෙවිගේ නමින් ඇති කර ගත් ගිවිසුම සිහි කළේය. එබැවින් යොනාතාන්ගේ පුත්‍රයා වන මෙෆිබොෂෙත්ට ඔහු අනුකම්පා කළේය.”—2 සාමු. 21:7.

ඒ කොහොම වුණත් ගිබියොන්වරු දාවිත්ගෙන් ඉල්ලුවේ හරිම බරපතළ දෙයක්. හැබැයි එහෙමයි කියලා දාවිත් එයාලගේ ඉල්ලීම ඉටු නොකර හිටියේ නැහැ. පොරොන්දු වුණ විදිහටම එයා සාවුල්ගේ පුතාලා දෙන්නෙක්වයි මුනුපුරන් පස්දෙනෙක්වයි ගිබියොන්වරුන්ට භාර දුන්නා. එහෙම භාර දුන්න සාවුල්ගේ පුතාලා දෙන්නා අතරින් එක් කෙනෙක්ගේ නමත් මෙෆිබොෂෙත්. (2 සාමු. 21:8, 9) දාවිත් එහෙම කරපු නිසා දේශය පිටට ආපු ශාපය අයින් වුණා.

මේක නිකම්ම නිකම් ඉතිහාස කතාවක් විතරක්ම නෙවෙයි. ඒකෙන් අපිටත් වැදගත් දෙයක් ඉගෙනගන්න තියෙනවා. නීතියේ පැහැදිලිවම මෙහෙම කියලා තිබුණා. “පියෙක් කරන වරදක් නිසා ඔහුගේ දරුවාව මරා නොදැමිය යුතුයි.” (ද්වි. 24:16) හිතන්න, දාවිත් ගිබියොන්වරුන්ට භාර දීපු හත්දෙනා නිර්දෝෂ අය නම් යෙහෝවා දෙවියන් ඒ ගැන කීයටවත් සතුටු වෙන්නේ නැහැ. ඒ වගේම නීතියේ තිබුණා “මරණ දණ්ඩනය දිය යුත්තේ වරද කළ තැනැත්තාට පමණයි” කියලා. පේන විදිහට සාවුල් කරපු වරදට ඒ හත්දෙනාත් මොන විදිහකින් හරි හවුල් වෙලා තියෙනවා. ඒකෙන් පැහැදිලි වෙනවා එයාලා දඬුවම් ලැබුවේ එයාලා කරපු වරද නිසයි කියලා.

මොකක්ද පාඩම? වරදක් කළාට පස්සේ ‘එයානෙ එහෙම කරන්න කිව්වේ. ඒකයි මං ඒක කළේ’ කියලා නිදහසට කරුණු කියන්න අපෙන් කිසිම කෙනෙක්ට බැහැ. ඒ නිසයි බයිබලේ මේ වගේ උපදෙසක් අපිට දීලා තියෙන්නේ. “ඔබ යන මාවත සකසාගන්න. ඔබේ සියලු මාර්ග ස්ථිරව පිහිටුවාගන්න.”—හිතෝ. 4:24-27; එෆී. 5:15.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න