ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w20 මාර්තු 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • පොලිස් ආරක්ෂාව—බලාපොරොත්තු හා විවිධාකාර භය
    2002 පිබිදෙව්!
  • ‘සැන්හෙඩ්‍රිනය රැස් වුණා’
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පොලිස් නිලධාරීහු—ඔවුන් අත්‍යවශ්‍ය වන්නේ මන්ද?
    2002 පිබිදෙව්!
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w20 මාර්තු 31 පි.
ආගමික නායකයන්ගේ අණ පරිදී යුදෙව් දේවමාලිගාවේ ආරක්ෂක භටයන් මිනිසුන් දෙන්නෙක්ව අත් අඩංගුවට ගන්නවා.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යුදෙව් දේවමාලිගාවේ හිටපු ආරක්ෂක භටයන්ගේ වගකීම් මොනවාද?

පූජකයන් විදිහට සේවය කළේ නැති ලෙවීවරුන්ට වෙනත් වගකීම් තිබුණා. ඒවාවලින් එකක් තමයි දේවමාලිගාවේ ආරක්ෂක භටයන් විදිහට සේවය කරන එක. එයාලා හිටියේ දේවමාලිගාවේ වැඩකටයුතු බලා කියා ගත්ත ප්‍රධානියා යටතේ. ආරක්ෂක භටයන්ගේ වගකීම්වලට අයත් වුණ දේවල් ගැන යුදෙව් ලේඛකයෙක් වන ෆිලෝ මෙහෙම විස්තර කරනවා. “ඒ ආරක්ෂක භටයන්ගෙන් සමහරදෙනෙක් දේවමාලිගාව තිබුණ ස්ථානයට ඇතුල් වෙන දොරටු අසල හිටියා. තවත් පිරිසක් ශුද්ධස්ථානය ඉදිරිපිට හිටියා. ශුද්ධස්ථානයට ඇතුල් වෙන්න අවසර තිබුණේ නැති කෙනෙක් වැරදීමකින් හරි ඒකට ඇතුල් වෙන්න ගියොත් ඒක වළක්වන එක එයාලගේ වගකීමක් වුණා. තවත් කණ්ඩායමක් දේවමාලිගාව අවට නිතරම ගමන් කරමින් අවශ්‍ය ආරක්ෂාව දුන්නා. එක කණ්ඩායමක් වැඩ අවසන් කරද්දී තව කණ්ඩායමක් වැඩ භාරගත්තා. ඒ විදිහට දිවා රෑ දෙකේම එයාලා දේවමාලිගාව ආරක්ෂා කළා.”

ඒ ආරක්ෂක භටයන්ගේ උදව් ඕනෙම වෙලාවක ලබාගන්න යුදෙව් මන්ත්‍රණ සභාවට පුළුවන්කම තිබුණා. ආයුධ ඇතුව ඉන්න රෝම පාලනයෙන් ඉඩ දීලා තිබුණේ ඒ යුදෙව් කණ්ඩායමට විතරයි.

විශාරදයෙක් වන යෝකිම් යෙරෙමියස් පැහැදිලි කරන විදිහට නිලධාරීන් යේසුස්ව අත්අඩංගුවට ගත්ත අවස්ථාවේදී ඔහු එයාලගෙන් ඇහුවා ‘මං දිනපතාම දේවමාලිගාවේ උගන්වමින් ඉද්දී ඔබ මාව අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි’ කියලා. එහෙම ඇහුවේ ඒ නිලධාරීන් යුදෙව් දේවමාලිගාවේ ආරක්ෂක භටයන්ට අයිති අය නිසයි. (මතෙ. 26:55) ඊට කලින් අවස්ථාවකදීත් යේසුස්ව අත්අඩංගුවට ගන්න ආවේ දේවමාලිගාවේ ආරක්ෂක භටයන් වෙන්න ඕනෙ කියලා ඒ විශාරදයා හිතනවා. (යොහ. 7:32, 45, 46) පස්සේ කාලෙක යේසුස්ගේ නියෝජිතයන්ව යුදෙව් මන්ත්‍රණ සභාව ඉදිරියට ගේන්න යැව්වෙත් ආරක්ෂක භටයන්ව සහ එයාලගේ ප්‍රධානියාවයි. පාවුල්ව දේවමාලිගාවෙන් පිටතට ඇදගෙන ආවෙත් දේවමාලිගාවේ ආරක්ෂක භටයන් කියලා හිතන්න පුළුවන්.—ක්‍රියා 4:1-3; 5:17-27; 21:27-30.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න