ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 ජූලි 3 පි.
  • අපේ අයිතිය නීත්‍යනුකූලව තහවුරු කිරීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපේ අයිතිය නීත්‍යනුකූලව තහවුරු කිරීම
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ශුභාරංචිය නීතිමය ලෙස සුරැකීම
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ප්‍රශ්න පෙට්ටිය
    2009 අපගේ රාජ්‍ය සේවාව
  • යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
    2025-2026 චාරිකා සමුළු වැඩසටහන - චාරිකා සේවක
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 ජූලි 3 පි.
පින්තූරවල අදහස: 1. ගැතී සහ මරී බානෙට්. 2. සහෝදර කොකිනාකිස් සහ අනිත් අය මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයේදී. 3. සාක්ෂිකරුවන් රුසියාවේ රොස්ටොෆ් ප්‍රාදේශීය උසාවියේදී. 4. දකුණු කොරියාවේ ව්‍යාවස්ථාධිකරණය ඉදිරිපිට ඉන්න සහෝදරයන් කණ්ඩායමක්.

Kokkinakis v. Greece: Droit réservé

ඉහළ වමේ සිට දකුණට: ‘බටහිර වර්ජිනියාවේ අධ්‍යාපන මණ්ඩලය එදිරිව බානෙට්’ නඩුව; ‘කොකිනාකිස් එදිරිව ග්‍රීසිය’; ‘ටැගන්රොග් LRO සහ වෙනත් අය එදිරිව රුසියාව’; ‘චා සහ වෙනත් අය එදිරිව දකුණු කොරියාව’

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

අපේ අයිතිය නීත්‍යනුකූලව තහවුරු කිරීම

දේවමාලිගාව හදන වැඩ නවත්තන්න විරුද්ධවාදීන් හදද්දී ඒ වැඩ දිගටම කරගෙන යන්න අවශ්‍ය නීත්‍යානුකූල අයිතිය තහවුරු කරගන්න එදා ඊශ්‍රායෙල්වරු මහන්සි වුණා. (එස්රා 5:11-16) අපිත් මහන්සි වෙන්නේ ‘ශුභාරංචිය වෙනුවෙන් කතා කරන්න, ඒක ප්‍රකාශ කරන්න තියෙන අයිතිය නීත්‍යනුකූලව තහවුරු කරගන්න.’ (ෆිලි 1:7) ඒකට උදව්වක් විදිහට 1936දී ලෝක මූලස්ථානය නීතික අංශයක් පිහිටෙව්වා. ලෝකේ පුරාම කෙරෙන දේවරාජ්‍යයේ වැඩවලට එන බාධා ජය ගන්න මේ අංශය අවශ්‍ය සැලසුම් සංවිධානය කරනවා. අපේ ප්‍රයෝජනය වෙනුවෙන් මේ අංශය මොනවාද කරලා තියෙන්නේ?

‘ලෝක මූලස්ථානයේ නීතික අංශයේ චාරිකාවක්’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • සාක්ෂිකරුවන්ට මූණ දෙන්න වෙලා තියෙන අභියෝග මොනවාද?

  • ලබලා තියෙන නීතික ජයග්‍රහණ මොනවාද? උදාහරණයක් දෙන්න.

  • ශුභාරංචිය කියන්න තියෙන අයිතිය නීත්‍යනුකූලව තහවුරු කරන්න අපිට මොනවාද කරන්න පුළුවන්?

  • සාක්ෂිකරුවන්ට බලපාන නීතික තොරතුරු සහ විශ්වාසය නිසා සිරදඬුවම් විඳින සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුව අපේ වෙබ් අඩවියේ කොහේද තියෙන්නේ?

ඔයා සේවේ කරකර ඉද්දී බලධාරියෙක් කිව්වොත් ඔයා නීති කඩනවා කියලා එයාත් එක්ක අයිතිවාසිකම් ගැන සාකච්ඡා කරලා ප්‍රශ්නේ විසඳගන්න යන්න එපා. ඒ වෙනුවට ඉක්මනින්ම, ගෞරවනීයව එයා කියන දේට සහයෝගය දක්වන්න. සේවය කරන එක නවත්තන්න කියන්නේ පොලිස් නිලධාරියෙක් නම්? පුළුවන් නම් ගෞරවනීය විදිහට එයාගේ බැජ් අංකය සහ පොලිස් ස්ථානය ගැන අහලා දැනගන්න. ඊටපස්සේ ඉක්මනින්ම වැඩිමහල්ලන්ට දන්වන්න. එයාලා ශාඛා කාර්යාලයට කතා කරලා මඟ පෙන්වීම් ලබාගනියි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න