ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 ජනවාරි 11 පි.
  • දෙවියන් හිතන විදිහ ඉගෙනගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන් හිතන විදිහ ඉගෙනගන්න
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා සතුටු වෙන විදිහේ තීරණ ගන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • හැමදාම බයිබලය කියවලා ප්‍රඥාව හොයමු!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දෙමව්පියෙනි, යෙහෝවාගේ හිත සතුටු කරන්න දරුවන්ට කියා දෙන්න
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 ජනවාරි 11 පි.
“අපි විඳදරාගනිමින් දුවන්න ඕනේ - පෝෂ්‍යදායී ආහාර ගන්න” වීඩියෝ එක මත පදනම් පින්තූරයක්. රෙබෙකා “ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු” කියන සඟරාවෙන් තොරතුරු ගවේෂණය කරනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

දෙවියන් හිතන විදිහ ඉගෙනගන්න

කියන කරන හැම දේකදීම යෙහෝවා දෙවියන්ව සතුටු කරන්නයි අපිට ඕනේ. (හිතෝ 27:11) කරන්න ඕනෙ දේ කෙළින්ම කියලා නැති අවස්ථාවකදී වුණත් එහෙම කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් වෙන්නේ අපි යෙහෝවා හිතන විදිහට හිතලා තීරණ ගත්තොත් විතරයි. ඒකට අපිට උදව් වෙන්නේ මොනවාද?

බයිබලේ අධ්‍යයනය කරන එක පුරුද්දක් කරගන්න. බයිබලේ කියවන වාරයක් ගාණේ අපි කරන්නේ යෙහෝවා එක්ක කාලේ ගත කරන එකයි. ඔහුගේ සෙනඟ එක්ක ඔහු වැඩ කරපු විදිහ ගැන සහ බයිබලේ තියෙන ආදර්ශ, අවාදර්ශ ගැන කල්පනා කරද්දී යෙහෝවා හිතන විදිහ ඉගෙනගන්න අපිට පුළුවන්. තීරණයක් ගන්න වෙද්දී දෙවියන් ඔහුගේ බලය මාර්ගෙන් සහ දේවවචනෙන් අපි ඉගෙනගත්ත වටිනා පාඩම් වගේම ප්‍රතිපත්ති අපිට මතක් කරලා දෙනවා.—යොහ 14:26.

ගවේෂණය කරන්න. ඔයාට තීරණයක් ගන්න වෙද්දී මෙහෙම හිතන්න. ‘මේ කාරණේ ගැන යෙහෝවාට හිතෙන විදිහ තේරුම්ගන්න මට උදව් වෙන්නේ මොන බයිබල් පදද, මොන බයිබල් සිද්ධීන්ද?’ උදව් ඉල්ලලා යාච්ඤා කරන්න. ඒ ගැන අපේ පොත් පත් පෙරළලා තව ගවේෂණය කරන්න. එහෙම කරන එක ඔයාගේ ප්‍රශ්නෙට ගැළපෙන බයිබල් ප්‍රතිපත්ති හොයාගන්නත් ඒවා අදාළ කරගන්න පුළුවන් පැති තේරුම්ගන්නත් ඔයාට උදව් වෙයි.—ගීතා 25:4.

‘අපි විඳදරාගනිමින් දුවන්න ඕනේ - පෝෂ්‍යදායී ආහාර ගන්න’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • රෙබෙකා මූණ දුන්නේ මොන වගේ පීඩනවලටද?

  • ඒ වගේ ප්‍රශ්නවලට ඔයා මූණ දෙද්දී ගවේෂණය කරන එක උදව් වෙන්නේ කොහොමද?

  • හොඳ තීරණ ගන්න උදව් වෙන විදිහට කාලේ අරන් ගවේෂණය කරන එකෙන් සහ පෞද්ගලික අධ්‍යයනය කරන එකෙන් අපිට ප්‍රයෝජන ලැබෙන්නේ කොහොමද?—හෙබ්‍රෙ 5:13, 14

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න