යහපත් ක්‍රිස්තියානීන් වෙමු
අගහිඟකම්වලට බය නැතුව මූණ දෙමු
අපි ඉන්නේ ප්‍රශ්න පිරුණු ලෝකෙක. විනාශය ළං වෙන්න, වෙන්න ප්‍රශ්න වැඩි වෙනවා මිසක් අඩු නම් වෙන්නේ නැහැ. අපිටත් එක එක විදිහේ අගහිඟකම්වලට මූණ දෙන්න වෙයි. (හබ 3:16-18) ආර්ථික ප්‍රශ්නත් එක්ක එන අභියෝගවලට බය නැතුව මූණ දෙන්න අපි මොනවාද කරන්න ඕනේ? යෙහෝවා අපිට උදව් කරනවා කියන එක ගැන එක දශමයක්වත් සැක කරන්න එපා! ඔහු ආදරේ කරන අයව රැකබලා ගන්නවා කියලත් මොන ප්‍රශ්න තිබුණත් අපිට අවශ්‍ය දේවල් ලබා දෙනවා කියලත් ඔහු පොරොන්දු වෙනවා.—ගීතා 37:18, 19; හෙබ්‍රෙ 13:5, 6.
ඔයාට කරන්න පුළුවන් මොනවාද?
මඟ පෙන්වීම්, ප්‍රඥාව, උදව් ඉල්ලලා යෙහෝවාගෙන් අයදින්න.—ගීතා 62:8
කලින් කරලා නැති දෙයක් වුණත් කරන්න කැමති වෙන්න.—g 1/10 8-9, කොටු
හැමදාම බයිබලය කියවන්න. දිගටම රැස්වීම් යන්න. සේවය අතපසු කරන්න එපා
‘කවදාවත් බිඳින්න බැරි නිවසක් ගොඩනඟන්න - තියෙන දේවලින් සෑහීමට පත් වෙන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
ඒ පවුල්වල අය මූණ දුන්නේ මොන වගේ අභියෝගවලටද?
ජීවිතේ වැදගත්ම දේ මොකක්ද?
ආර්ථික ප්‍රශ්නවලට මූණ දෙන අයට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?