මාර්තු 14-20
1 සාමුවෙල් 14-15
ගීතිකා අංක 89 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“පූජාවලට වඩා කීකරුකම වටිනවා”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
1සාමු 15:24—සාවුල් අතින් වුණ වරදින් අනුකම්පාව පෙන්වන එක ගැන ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? (it-1-E 493)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) 1සාමු 15:1-16 (th 2වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘නැවත බැලීම: යේසුස්—මතෙ 20:28’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්‍රශ්න අහන්න.
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඉගැන්වීම් කට්ටලයෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 3වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා අහන්න. ‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 11වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
මාර්තු 19වෙනි සෙනසුරාදා සිට හැමෝටම සිහි කිරීමට ආරාධනා කරමු: (විනා. 10යි) සාකච්ඡාවක්. සිහි කිරීමේ ආරාධනා පත්‍රයේ තියෙන දේවල් කෙටියෙන් මතක් කරන්න. සභාවට අයිති ප්‍රදේශය ආවරණය කරන්න යොදලා තියෙන සැලසුම් ගැන කියන්න. සාකච්ඡාවකට යෝජනා වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
‘යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - යෙහෝවා දෙවි කියන දේ අහන්න’: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න.
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 10 සහ යාච්ඤාව