යහපත් ක්‍රිස්තියානීන් වෙමු
නිර්මාණවලින් හෙළි වෙන යෙහෝවාගේ ප්‍රඥාව
අපිට හොඳම දේ මොකක්ද කියලා දන්නේ යෙහෝවා දෙවියන්. ඒකයි අපි ඔහුගේ මඟ පෙන්වීම් පිළිපදින්නේ. (හිතෝ 16:3, 9) ඒත් අපි හරියි කියලා හිතන දේට වඩා වෙනස් දෙයක් ඔහු කියද්දී ඒක පිළිගන්න ලේසි වෙන එකක් නැහැ. ඒ නිසා ඔහුගේ නිර්මාණ ගැන හොඳට හිතමු. ප්‍රඥාවන්තම මඟ පෙන්වීම් දෙන්න පුළුවන් ඔහුටයි කියන විශ්වාසය ඒකෙන් තව වැඩි වෙයි.—හිතෝ 30:24, 25; රෝම 1:20.
‘නිර්මාණයක්ද? තදබදයක් නැතුව ගමන් කරන කුහුඹුවන්’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
හුඟක් කුහුඹුවන්ගේ දවස ගෙවෙන්නේ කොහොමද?
තදබදයක් ඇති වෙන එක උන් වළක්වගන්නේ කොහොමද?
කුහුඹුවන් තැනින් තැනට ගමන් කරන විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
‘නිර්මාණයක්ද? මීමැසි ලොවේ දක්ෂ ගුවන් නියමුවා’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
ගුවන් යානයක් කුඩා වෙන තරමට තියෙන අභියෝගය මොකක්ද?
තද හුළං මැද වුණත් බම්බල්බී කිසිම ප්‍රශ්නයක් නැතුව පියාඹන්නේ කොහොමද?
බම්බල්බීට තියෙන අපූරු හැකියාව පාවිච්චි කරලා මිනිස්සු කරන්න හදන්නේ මොනවාද?
යෙහෝවාගේ ප්‍රඥාව පේන මොන වගේ නිර්මාණද ඔයා ඉන්න පැත්තේ තියෙන්නේ?