යහපත් ක්‍රිස්තියානීන් වෙමු
මුල් තැන ක්‍රීඩාවටද දෙවියන්ටද?
ක්‍රීඩා කරන එකෙන් ප්‍රයෝජන ලැබෙනවාද? ඔව්. හැබැයි දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න වෑයම් කරන එකෙන් ඊට වඩා හුඟක් ප්‍රයෝජන ලැබෙනවා. (1තිමෝ 4:8) ඒ නිසා අපි ක්‍රීඩා කරන එක ගැන සමබර ආකල්පයක් ඇතුව ඉන්න ඕනේ.
‘බලාගෙනයි සෙල්ලම ලෙල්ලම වෙයි!’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
1. ක්‍රීඩා කරන එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?
2. ක්‍රීඩාවක් හානිකරද කියලා තීරණය කරන්න උදව් වෙන්නේ මොන කරුණු තුනද?
3. බලන්නත් සෙල්ලම් කරන්නත් සුදුසු මොන ක්‍රීඩාද කියලා තීරණය කරන්න ගීතාවලිය 11:5 උදව් වෙන්නේ කොහොමද?
4. ක්‍රීඩා කරද්දී තියෙන්න ඕන ආකල්පය තේරුම්ගන්න ෆිලිප්පි 2:3 සහ හිතෝපදේශ 16:18 උදව් වෙන්නේ කොහොමද?
5. ක්‍රීඩාවක් බලන්න නැත්නම් කරන්න අනවශ්‍ය කාලයක් යොදවන එකෙන් වැළකිලා ඉන්න ෆිලිප්පි 1:10 උදව් වෙන්නේ කොහොමද?