නොවැම්බර් 12-18
ක්‍රියා 1-3
ගීතිකා අංක 104 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“ක්‍රිස්තියානි සභාවට දෙවිගේ බලය ලැබුණා”: (විනා. 10යි)
[‘ක්‍රියා පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]
ක්‍රියා 2:1-8, 14, 37, 38, 41—දෙවිගේ බලය ලැබුණු ගෝලයන් සාක්ෂි දරපු එකේ ප්‍රතිඵලයක් විදිහට 3,000ක් විතර බව්තීස්ම වුණා
ක්‍රියා 2:42-47—යේසුස්ගේ ගෝලයන් වෙනත් ප්‍රදේශවලින් ඇවිත් අලුතින් බව්තීස්ම වුණු අයට කැමැත්තෙන්ම ආගන්තුක සත්කාරය පෙන්නුවා. ඒ නිසා ඒ ආපු අයට යෙරුසලමේ වැඩි කාලයක් නතර වෙලා ඉන්නත් විශ්වාසය ශක්තිමත් කරගන්නත් පුළුවන් වුණා (w08 5/15 30 5¶; w86-E 12/1 29 4-5, 7¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
ක්‍රියා 3:15—යේසුස්ව “ජීවනය ලබා දීමට පත් කර ඇති ප්‍රධාන තැනැත්තා” විදිහට හඳුන්වන්නේ ඇයි? (it-2-E 61 1¶)
ක්‍රියා 3:19—පව් කරන අයට යෙහෝවා දෙවි සමාව දෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? (cl 265 14¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ක්‍රියා 2:1-21
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.
පළවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
දේශනයක්: (විනා. 6ක් හෝ අඩුවෙන්) it-1-E 129 2-3¶—තේමාව: යූදස් මැරුණාම එයා වෙනුවට වෙන නියෝජිතයෙක්ව තෝරාගත්තේ ඇයි?
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“විවිධ භාෂා කතා කරන අය ඉන්න ප්‍රදේශයක සේවය කිරීම”: (විනා. 15යි) සේවා සංවිධායක මෙහෙයවන සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න. විවිධ භාෂා කතා කරන අයට සාක්ෂි දරන්න සභාවෙන් යොදලා තියෙන සැලසුම් ගැන කියන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 43 පරි. 1-7¶
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 68 සහ යාච්ඤාව