ජනවාරි 9-15
යෙසායා 29-33
ගීතිකා අංක 123 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“‘ධර්මිෂ්ඨකමින් පාලනය කිරීමට රජෙකුව පත් කරයි’”: (විනා. 10යි)
යෙසා 32:1—ධර්මිෂ්ඨකමින් පාලනය කරන රජු තමයි යේසුස් ක්‍රිස්තුස් (w14 2/15 6 13¶)
යෙසා 32:2—රජ හැටියට යේසුස් ඔහුගේ රැළ රැකබලා ගන්න “පාලකයන්ව” ලබා දෙනවා (ip-1 332-334 7-8¶)
යෙසා 32:3, 4—ධර්මිෂ්ඨව ඉන්න මඟ පෙන්වීම් සහ පුහුණුව දෙවි ලබා දෙනවා (ip-1 334-335 10-11¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
යෙසා 30:21—යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟ එක්ක කතා කරන්නේ කොහොමද? (w14 8/15 21 2¶)
යෙසා 33:22—යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට විනිශ්චයකරුවෙක්, නීතිදායකයෙක් සහ රජ කෙනෙක් වුණේ කොහොමද, කවදා ඉඳලද? (w14 10/15 14 4¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?
සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙසා 30:22-33
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) wp17.1 මුල් පිටුවෙන්—කේන්තිගන්න නිවැසියෙකුට ප්‍රතිචාරය දක්වන විදිහ.
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) wp17.1 මුල් පිටුවෙන්—ෆෝන් එකකින් හරි ටැබ් එකකින් හරි බයිබල් පද කියවන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) lv 35-36 12-13¶—හිතට කාවදින විදිහට උගන්වන හැටි පෙන්වන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“සුළඟින් මුවා වීමට ස්ථානයක්” (යෙසා 32:2): (විනා. 9යි) වීඩියෝ එක පෙන්වන්න.
‘රැස්වීමේදී හොඳට අහගෙන ඉන්න’: (විනා. 6යි) වීඩියෝ එක පෙන්වන්න. වේදිකාවේදී මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න දරුවන් කීපදෙනෙක්ව සූදානම් කරගන්න. රැස්වීම්වලදී උගන්වන දේවල් අහගෙන ඉන්නේ නැති වෙන්න හේතු වෙන්නේ මොන වගේ දේවල්ද? නැව හදන්න ඕන විදිහ ගැන දෙවි කියද්දී නෝවා අහගෙන හිටියේ නැත්නම් මොනවා වෙන්න තිබුණද? රැස්වීම්වලදී උගන්වන දේවල් හොඳට අහගෙන ඉන්න එක වැදගත් වෙන්නේ ඇයි?
සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 6 පරි. 16-24¶ සහ “දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?” කියන කොටුව
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 40 සහ යාච්ඤා