නිවේදන
◼ මාර්තු සහ අප්‍රියෙල්: ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ සඟරා. මැයි සහ ජූනි: ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත. නැත්නම් ‘බයිබලය ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?’ ‘අනාගතයේදී මොනවා වෙයිද?’ ‘පවුලක් විදිහට සතුටින් ඉන්න පුළුවන් කොහොමද?’ ‘මේ ලෝකය පාලනය කරන්නේ කවුද?’ ‘දුක් වේදනා කවදා හරි අවසන් වෙයිද?’ හෝ ‘මරණයෙන් වෙන් වුණ අය යළි අප හා එක් වෙයිද?’ යන පත්‍රිකාවලින් එකක්.
◼ සිහි කිරීම තියෙන්නේ 2015 අප්‍රියෙල් 3වෙනි සිකුරාදා. ඔබේ සභාවේ රැස්වීම් තියෙන්නේ සිකුරාදා නම් ඒ සතියේ වෙන දවසකට ඒවා යොදාගන්න. තවත් සභාවන් ඒ ශාලාව පාවිච්චි කරන නිසා එහෙම කරන්න බැරි නම් සභාවට වැදගත් සේවා රැස්වීමේ කොටස් වෙනත් සතියක සේවා රැස්වීමකදී කරන්න සැලසුම් යොදන්න සම්බන්ධීකාරකට පුළුවන්.