“බයිබලයෙන් උත්තර” දෙන්න සේවයේදී අපේ වෙබ් අඩවිය පාවිච්චි කරමු
jw.org/si වෙබ් අඩවියේ “බයිබල් ඉගැන්වීම්” යටතේ “බයිබලයෙන් උත්තර” කියලා කොටසක් තියෙනවා. ඒකේ උත්තර දීලා තියෙන ප්රශ්න ගැන අපි දන්නවා නම් අපෙන් ප්රශ්න අහන අයට බයිබලයෙන්ම උත්තර දැනගන්න අපේ වෙබ් අඩවියට යොමු කරන්න පුළුවන්. සාකච්ඡා පටන්ගන්නත් ඒ ප්රශ්න යොදාගන්න පුළුවන්. ප්රදේශයේ අය උනන්දු වෙන ප්රශ්නයක් තෝරගෙන නිවැසියාගෙන් ඒක අහන්න. ඔහුගේ අදහස දැනගත්තාට පස්සේ වෙබ් අඩවියේ කරුණු යොදාගෙන ඔහුට බයිබලයෙන්ම උත්තර දෙන්න පුළුවන්. ඊටපස්සේ අපි කරුණු හොයාගත්ත විදිහ පැහැදිලි කරන්න හෝ පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් වෙබ් අඩවියේ තියෙන දේ ඔහුට කියවන්න දෙන්නත් පුළුවන්. උදාහරණයකට මෙහෙම කියන්න පුළුවන්. “‘දුක් වේදනාවලට වග කියන්න ඕනේ දෙවියන්ද’ කියලා හුඟක් අය හිතනවා. ඒකට උත්තරේ දැනගන්න ඔයා කැමතිද?” එහෙම කියලා ඔබේ ෆෝන් එකෙන් හරි ටැබ් එකෙන් හරි නිවැසියාට උත්තරේ පෙන්වන්න. ඊටපස්සේ ‘බයිබලයේ ඉගැන්වීම්’ පොතේ 11වෙනි පරිච්ඡේදය හඳුන්වලා දෙන්න.