අප කළ සේවය
මාර්තු මාසයේදී සියයට 47ක් යම් ආකාරයක පූර්ණකාලීන සේවයේ නිරත වෙලා තියෙනවා. සමහර ප්‍රදේශවල විරුද්ධවාදිකම් තිබුණත් අපේ සහෝදර සහෝදරියන් දිගටම උද්‍යෝගයෙන් සේවය කරනවා. මාර්තු මාසයේදී වැඩිම ප්‍රචාරක සංඛ්‍යාවක් වන 5,472ක් වාර්තා වීම ගැන අපි දැනුම් දෙන්නේ හරිම සතුටින්. ස්ථාවර පුරෝගාමින්ගේ සංඛ්‍යාවද 438ක් දක්වා වැඩි වී තිබෙනවා.