නිවේදන
◼ මාර්තු: බයිබලයේ ඉගැන්වීම් පොත. මුල් හමු වීමේදීම බයිබල් පාඩමක් ආරම්භ කිරීමට උත්සාහ කරන්න. දැනටමත් නිවැසියා ළඟ මෙම පොත තිබෙනවා නම් හා බයිබල් පාඩමක් කිරීමට ඔහු අකමැති නම් ඔහුට ගැළපෙන, පසුගිය මාසයක පළ වූ සඟරාවක් හෝ මාසික නොවන සඟරාවක් ඉදිරිපත් කළ හැකියි. අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද නමැති පත්‍රිකාව උනන්දුව දැක්වූ කෙනෙකුට ඉදිරිපත් කර බයිබල් පාඩමක් ආරම්භ කිරීමට උත්සාහ කරන්න. සිහි කිරීමට හෝ වෙනත් විශේෂ අවස්ථාවලදී පමණක් රැස්වීම්වලට පැමිණෙන අය ඇතුළු උනන්දුව දක්වන අයව නැවත ගොස් බලන විට, බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කර පාඩමක් පටන්ගැනීමට වෑයම් කරන්න. ජූනි: බයිබලයේ ඉගැන්වීම් පොත. මුල් හමු වීමේදීම බයිබල් පාඩමක් ආරම්භ කිරීමට උත්සාහ කරන්න. දැනටමත් නිවැසියා ළඟ මෙම පොත තිබෙනවා නම් හා බයිබල් පාඩමක් කිරීමට ඔහු අකමැති නම් ඔහුට ගැළපෙන, පසුගිය මාසයක පළ වූ සඟරාවක් හෝ මාසික නොවන සඟරාවක් ඉදිරිපත් කළ හැකියි. ජූලි: පහත සඳහන් මාසික නොවන සඟරා ඉදිරිපත් කරන්න. සතුට හා සැනසුම සොයා, සියල්ල ඇති වුණේ අහම්බෙන්ද, බයිබලය—එහි පණිවිඩය කුමක්ද සහ සතුටින් පිරි ජීවිතයකට මඟ. නැවත බැලීම් කිරීමේදී බයිබලයේ ඉගැන්වීම් පොතෙන්, එහෙමත් නැත්නම් ගෙහිමියාගේ අවශ්‍යතාවට අනුව, දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න හෝ දෙවිට සවන් දෙන්න යන මාසික නොවන සඟරාවකින් බයිබල් පාඩමක් ආරම්භ කිරීමට උත්සාහ කරන්න.
◼ යේසුස්ගේ මරණය සිහි කිරීම පවත්වන්නේ 2012 අප්‍රියෙල් 5වන බ්‍රහස්පතින්දායි. ඔබේ සභාව සාමාන්‍යයෙන් රැස්වීම් පවත්වන්නේ බ්‍රහස්පතින්දාට නම් එම රැස්වීම් ඒ සතියේ වෙනත් දවසකට යොදාගත යුතුයි. තවත් සභාවන් එම ශාලාව භාවිත කරන නිසා එසේ කළ නොහැකි නම් සේවා රැස්වීමේ කොටස්, විශේෂයෙන්ම ඔබේ සභාවට වැදගත් වන කොටස් වෙනත් සතියක පවත්වන සේවා රැස්වීමේදී පියවීමට සැලසුම් කරන්න.