නිවේදන
◼ නොවැම්බර්: බයිබලය—එහි පණිවිඩය කුමක්ද? යන සඟරාව. එය නැතිනම් ප්‍රදේශයේ අයගේ උනන්දුව ඇති කළ හැකි, සභාවේ ඇති පිටු 32කින් යුත් ඕනෑම මාසික නොවන සඟරාවක් ඉදිරිපත් කළ හැකියි. දෙසැම්බර්: ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පොත. නිවසේ දරුවන් සිටී නම් උතුම් ගුරුවරයා පොත හෝ බයිබල් කතන්දර පොත ඉදිරිපත් කරන්න. ජනවාරි: බයිබලයේ ඉගැන්වීම් පොත. පාඩමක් පටන්ගැනීමට වෑයම් කරන්න. මෙම පොත දැනටමත් නිවැසියා ළඟ තිබුණත් ඔහු බයිබල් පාඩමකට උනන්දුවක් දක්වන්නේ නැත්නම් සඟරා හෝ මාසික නොවන සඟරා ඉදිරිපත් කළ හැකියි. පෙබරවාරි: ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? නමැති පොත හෝ සභාවේ පොත් තොගයේ ඇති එවැනි ඕනෑම පොතක් ඉදිරිපත් කළ හැකියි. මාර්තු: බයිබල් ඉගැන්වීම් පොත. මුල් හමුවේදීම පාඩමක් පටන්ගැනීමට වෑයම් කරන්න. නිවැසියා ළඟ දැනටමත් එම පොත තිබෙන නමුත් ඔහු බයිබල් පාඩමකට කැමැත්තක් දක්වන්නේ නැත්නම් සඟරා හෝ මාසික නොවන සඟරා ඉදිරිපත් කළ හැකියි.