ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 9/11 4 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2011 අපගේ රාජ්‍ය සේවාව
2011 අපගේ රාජ්‍ය සේවාව
km 9/11 4 පි.

නිවේදන

◼ සැප්තැම්බර්: බයිබලයේ ඉගැන්වීම් පොත. බයිබල් පාඩමක් පටන්ගැනීමට වෑයම් කරන්න. මෙම පොත දැනටමත් නිවැසියා ළඟ තිබෙනවා නම් හෝ ඔහු බයිබල් පාඩමකට උනන්දුවක් දක්වන්නේ නැත්නම් පසුගිය සඟරාවක් හෝ නිවැසියා උනන්දුව දක්වන ඕනෑම මාසික නොවන සඟරාවක් ලබා දිය හැකියි. ඔක්තෝබර්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. නිවැසියා උනන්දුව දක්වයි නම් ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද? යන පත්‍රිකාව දී බයිබල් පාඩමක් ආරම්භ කිරීමට වෑයම් කරන්න. කලාතුරකින් සේවය කරන ප්‍රදේශයක නම් සභාවේ පොත් පත් තොගයේ ඇති සඟරා හෝ මාසික නොවන සඟරා ඉදිරිපත් කළ හැකියි. නොවැම්බර්: බයිබලය—එහි පණිවිඩය කුමක්ද? යන සඟරාව. එය නැතිනම් ප්‍රදේශයේ අයගේ උනන්දුව ඇති කළ හැකි, සභාවේ ඇති පිටු 32කින් යුත් ඕනෑම මාසික නොවන සඟරාවක් ඉදිරිපත් කළ හැකියි. දෙසැම්බර්: ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පොත. නිවසේ දරුවන් සිටී නම් උතුම් ගුරුවරයා පොත හෝ බයිබල් කතන්දර පොත ඉදිරිපත් කරන්න. ජනවාරි: බයිබලයේ ඉගැන්වීම් පොත. පාඩමක් පටන්ගැනීමට වෑයම් කරන්න. මෙම පොත දැනටමත් නිවැසියා ළඟ තිබෙනවා වුණත් ඔහු බයිබල් පාඩමකට උනන්දුවක් දක්වන්නේ නැත්නම් සඟරා හෝ මාසික නොවන සඟරා ඉදිරිපත් කළ හැකියි.

◼ වර්ෂ 2012 සිහි කිරීමේ සමයේදී ඉදිරිපත් කරන විශේෂ ප්‍රසිද්ධ කථාව 2012 අප්‍රියෙල් 2න් පටන්ගන්නා සතිය තුළ පැවැත්වෙයි. කතාවේ තේමාව පසුව දැනුම් දෙනු ලැබේ. සිහි කිරීමට පෙර විශේෂ කතාව ඉදිරිපත් නොකළ යුතුයි.

◼ වර්ෂ 2012 මාර්තු මාසයේදී උපකාරික පුරෝගාමි සේවයේ හවුල් වන අයට පැය 30ක් හෝ 50ක් වාර්තා කිරීමට අවස්ථාව තිබෙනවා. ඒ වගේම එම මාසයේදී චාරිකා සතිය යෙදී තිබෙනවා නම් චාරිකා සේවක ස්ථාවර පුරෝගාමීන් සඳහා පවත්වන රැස්වීමට සම්පූර්ණයෙන්ම සහභාගි වීමට පැය 30ක් හා පැය 50ක් වාර්තා කරන අයට හැකියි.

◼ චාරිකා සේවකයන් සැප්තැම්බර් මාසයේ සිට ඉදිරිපත් කරන ප්‍රසිද්ධ කථාවේ තේමාව වන්නේ “දෙවිගේ ප්‍රීතිමත් ජනයා සමඟ එක් වන්න” යන්නයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න