සේවා පාසැල් පුනරීක්ෂණය
පහත සඳහන් ප්‍රශ්න 2011 අප්‍රියෙල් 25න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන සේවා පාසැලේදී සලකා බලයි. වර්ෂ 2011 මාර්තු 7වෙනිදා සිට අප්‍රියෙල් 25වෙනිදා දක්වා සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 20කට දිවෙන පුනරීක්ෂණයක් පාසැල මෙහෙයවන්නා විසින් සාකච්ඡා කරයි.
1. ‘යුදෙව් නොවූ ජනයාගෙන් බොහෝදෙනෙක් තමන් යුදෙව්වරුන් බව කියා සිටියේ’ ඇයි? (එස්ත. 8:17) [w06 3/1 11 පි. 3 ඡේ.]
2. තමන් ඉදිරියේ පෙනී සිටීමට යෙහෝවා දෙවි සාතන්ට අවසර දුන්නේ ඇයි? (යෝබ් 1:6; 2:1) [w06 3/15 13 පි. 6 ඡේ.; it-2-E 16 පි. 4 ඡේ.]
3. “[යෝබ්] ඔබට ගරුබිය දක්වන්නේ නිකමටද” කියා ඇසීමෙන් සාතන් ඇඟෙව්වේ කුමක්ද? (යෝබ් 1:9) [w94 11/15 11 පි. 6 ඡේ.]
4. ‘දෙවි ප්‍රඥාවන්තයි, බලයෙන් අතිමහත්’ කියා දැන සිටීම දෙවි කෙරෙහි ඇති අපේ විශ්වාසය තවත් ශක්තිමත් කරන්නේ කොහොමද? (යෝබ් 9:4) [w07 5/15 25 පි. 16ඡේ.; it-2-E 1190 පි. 3 ඡේ.]
5. ‘අධර්මිෂ්ඨකම් කිරීමට ලොල්කමක් දක්වනවා’ යන එලිෆස්ගේ ප්‍රකාශයෙන් සාතන්ගේ ආකල්පය හෙළි වුණේ කොහොමද? (යෝබ් 15:16) [w10 2/15 20 පි. 1-2 ඡේ.]
6. යෝබ් 19:2හි දැඩි සිත් වේදනාවකින් යෝබ් පැවසූ දෙයින් අප ඉගෙනගන්නේ කුමක්ද? [w94 10/1 32 පි. 1-5 ඡේ.]
7. දෙවිට විශ්වාසවන්තව සිටීමට යෝබ්ට උපකාරවත් වුණේ කුමක්ද? (යෝබ් 27:5) [w09 4/15 6 පි. 17 ඡේ.]
8. අවශ්‍යතා ඇති අයට උපකාර කිරීමේදී අපට යෝබ්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? (යෝබ් 29:12, 13) [w02 5/15 22 පි. 19 ඡේ.; w94 9/15 24 පි. 2 ඡේ.]
9. එලිහු යෝබ්ට දුන් උපදෙස අනික් මිතුරන් තිදෙනා දුන් උපදෙස්වලට වඩා වෙනස් වුණේ කොහොමද? (යෝබ් 33:1, 6) [w95 2/15 29 පි. 3 ඡේ.]
10. යෙහෝවා දෙවිගේ විස්මිත ක්‍රියා ගැන කල්පනා කිරීම අපට ප්‍රයෝජනවත් වන්නේ කොහොමද? (යෝබ් 37:14) [w06 3/15 16 පි. 4 ඡේ.]