අප කළ සේවය
වර්ෂ 2010 සේවා වසර අවසන් වූ අගෝස්තු මාසයේදී ප්‍රචාරකයන්ගේ මුළු සංඛ්‍යාව 5,029ක් ලෙස වාර්තා වුණා. අවුරුදු 100ක් සම්පූර්ණ වන මේ වසරේදීම ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව 5,000ක් ඉක්මවීම මොන තරම් ප්‍රීතියක්ද! එම සේවා වසර තුළ ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව සියයට හතරකින් වර්ධනය වී තිබෙනවා. ඔක්තෝබර් මාසයේදී සහෝදරයන් තිදෙනෙක් පිලිපීනයේ පැවැත්වූ දේවසේවා පුහුණු පාසැලට සහභාගි වුණා. මේ වන විට 19දෙනෙක් එම පාසැලට සහභාගි වී තිබෙනවා. මේ කාලයේදී අපේ සේවයට බොහෝ විරුද්ධවාදීකම් එල්ල වුණත් අපි සියලුදෙනාම සතුටින් දෙවිගේ කැමැත්ත කරමු!—ෆිලි. 1:27-30.