නිවේදන
◼ අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. සිහි කිරීමට හෝ වෙනත් රැස්වීමකට පැමිණි අය ඇතුළු උනන්දුව දක්වන අයව නැවත ගොස් බලන විට බයිබලයේ ඉගැන්වීම් පොත දෙන්න. වෑයම් කළ යුත්තේ පාඩමක් පටන්ගැනීමටයි. ජූනි: බයිබලයේ ඉගැන්වීම් පොත. නිවැසියන් ළඟ එය ඇත්නම් 1995ට පෙර පළ කළ පිටු 192කින් යුත් පොත් ඉදිරිපත් කරන්න. ජූලි සහ අගෝස්තු: සභාවේ ගොඩගැසී තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඔවුහු කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද? නමැති විවරණිකාව වැනි ඕනෑම විවරණිකාවක් ඉදිරිපත් කරන්න.
◼ දිස්ත්‍රික් සමුළුව, චාරිකා හා විශේෂ එක්දින එක්රැස්වීම් පැවැත්වෙන සතිවලදී සභා බයිබල් පාඩම, දිව්‍යාණ්ඩු සේවා පාසැල හා සේවා රැස්වීම පවත්වන්නේ නැහැ. එමනිසා එම රැස්වීම්වල අඩංගු තොරතුරු පවුලේ නමස්කාරය සඳහා වෙන් කළ රාත්‍රියේදී වැනි අවස්ථාවකදී පෞද්ගලිකව සලකා බලන්න කියා සියල්ලන්ට දිරිගන්වන්න කැමතියි.
◼ වර්ෂ 2010 සිහි කිරීමේ කාලයේදී ඉදිරිපත් කරන විශේෂ කතාවේ තේමාව “සැබෑ සාමය හා සුරක්ෂිතභාවය ලැබෙන්නේ කවදාද” යන්නයි.