සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ දෙසැම්බර් 1
“නත්තල් කාලේදි හුඟදෙනෙක් ජේසු බිළිඳගේ උපත දක්වන්න ගවමඩුව වගේ දේවල් හදනවා. යේසුගේ උපත ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. [මතෙව් 2:1, 11 කියවන්න.] ඒත් අද ඔබට දකින්න ලැබෙන්නේ බයිබලයේ තියෙන දේමද? [ප්රතිචාරයට ඉඩහරින්න.] එදා ඇත්තටම සිද්ධ වුණේ මොකක්ද කියලා මේ ලිපියේ විස්තර කරලා තියෙනවා.” එහි 31වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
පිබිදෙව්! දෙසැම්බර්
“යේසුස් කිව්ව මේ දේ ගැන ඔබ මොනවද හිතන්නේ? [මතෙව් 5:3 කියවන්න.] අද ආගම් හුඟක් තියෙන නිසා අපි දෙවිට නමස්කාර කරන්නේ ඔහු කැමති විදිහටමද කියලා දැනගන්න එක වැදගත් නැද්ද? [ප්රතිචාරයට ඉඩහරින්න.] යෙහෝවා දෙවි සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගැනීමෙන් ලැබෙන සැබෑ ‘සන්තෝෂය’ ගැන මේ ලිපියේ පෙන්වනවා.” දොළොස්වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
මුරටැඹ ජනවාරි 1
“මත්පැන් භාවිතය ගැන එක් එක් ආගම්වල විවිධ අදහස් තිබෙනවා. කෙනෙක් මත්පැන් පානය කරනවා නම් දෙවි ඒ ගැන කොහොම හිතයිද? [ප්රතිචාරයට ඉඩහරින්න.] යේසු එක් අවස්ථාවක වතුර වයින් කළා කියලා බයිබලයේ සඳහන් වෙලා තිබුණත් බයිබලයේ මේ විදිහටත් කියනවා. [හිතෝපදේශ 23:20 කියවන්න.] බයිබලයේ තිබෙන සමබර අදහස මේ සඟරාවේ පෙන්වනවා.”
පිබිදෙව්! ජනවාරි
“කරදරවලින් පිරි මේ කාලයේ හුඟදෙනෙක් අධික වැඩ නිසා වෙහෙසට පත් වෙනවා. ඔබට හැඟෙන්නේ කොහොමද? [ප්රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ මේ විදිහේ සාධාරණ උපදෙසක් දෙනවා. [දේශනාකාරයා 4:6 කියවන්න.] වැඩ, පවුලේ කාරණා සහ විවේකය සම්බන්ධයෙන් සමබර වෙන්නේ කොහොමද කියලා මේ සඟරාවේ පැහැදිලි කරලා තියෙනවා. රැකියාවක් සොයන අයටත් යෝජනා දීලා තියෙනවා.”