ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 12/08 5 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2008 අපගේ රාජ්‍ය සේවාව
2008 අපගේ රාජ්‍ය සේවාව
km 12/08 5 පි.

නිවේදන

◼ දෙසැම්බර්: ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පොත ඉදිරිපත් කරන්න. තමන්ට දරුවන් සිටින බව ගේහිමියා පැවසුවොත් උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු යන පොත ඉදිරිපත් කරන්න. ජනවාරි: බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කරන්න. දැනටමත් ඒ පොත ගේහිමියා ළඟ තිබෙනවා නම් දැනුම පොත හෝ 1992ට පෙර මුද්‍රණය කළ වෙනත් පොතක් ඉදිරිපත් කළ හැකියි. පෙබරවාරි: පහත සඳහන් පොත් තිබේ නම් ඒවා ඉදිරිපත් කරන්න. පවුලේ සන්තෝෂයට රහස, මැවුම්කරු හෝ දැනුම පොත. මාර්තු: බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කරන්න. බයිබල් පාඩම් පටන්ගැනීමට විශේෂ වෑයමක් දරන්න. අප්‍රියෙල්: මුරටැඹ හා පිබිදෙව්! සඟරා. සිහි කිරීමට හා වෙනත් විශේෂ රැස්වීමකට පැමිණි අය ඇතුළුව උනන්දුව දක්වන අයව නැවත බැලීමට යන විට බයිබල් පාඩමක් පටන්ගැනීමේ අරමුණ ඇතිව බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කරන්න.

◼ මුලසුන භාර අවේක්ෂක හෝ ඔහු පත් කරන කෙනෙක් සැප්තැම්බර්, ඔක්තෝබර් හා නොවැම්බර් මාස සඳහා සභා ගිණුම් විගණනය කළ යුතුයි. එකම පුද්ගලයාව එක දිගටම විගණනය කිරීමට යොදා නොගත යුතුයි. ඉන්පසු සභාවේ ඊළඟ ගිණුම් වාර්තාව ඉදිරිපත් කරන විට ගිණුම් විගණනය කර තිබෙන බව නිවේදනය කරන්න.—සභා ගිණුම් තැබීම සඳහා උපදෙස් (S-27) බලන්න.

◼ තමන් ලබා තිබෙන දිරිගන්වනසුලු අද්දැකීම් ගැන ශාඛා කාර්යාලයට ලියා එවන්න කියා සහෝදර සහෝදරියන්ට ආරාධනා කරන්න කැමතියි. ක්ෂේත්‍ර සේවයේ හෝ විවිධ පරීක්ෂා මැද දෙවිට තිබෙන පක්ෂපාතකම රැකගෙන තිබෙන ආකාරය ගැන අද්දැකීම් ඔබට එවිය හැකියි. එම අද්දැකීම් සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂා යන ඕනෑම භාෂාවකින් එවන්න පුළුවන්. අද්දැකීමට සම්බන්ධ සහෝදරයන්ගේ හා සහෝදරියන්ගේ සම්පූර්ණ නම් සඳහන් කරනවා නම් හොඳයි. ඔබේ අද්දැකීම් ලියා එවන්න නොහැකි නම් එය ශාඛා කාර්යාලයට දුරකථනයෙන් පවසන්න පුළුවන්. එවිට එය අපට ලියාගත හැකියි. දිරිගන්වනසුලු අද්දැකීම්වලින් අන් අය යහපත කිරීමට පෙලඹෙන බවත් ඇතැම් බයිබල් ප්‍රතිපත්ති ගැන ඉගෙනගන්නා බවත් මතක තබාගන්න. එවැනි අද්දැකීම් වාර්තා කර තබාගැනීමට අප කැමතියි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න