සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ ජූලි 1
“සියලු බලැති දෙවි සමඟ කිට්ටු මිත්රත්වයක් ඇති කරගන්න පුළුවන් කියා ඔබ සිතනවාද? [ප්රතිචාරයට ඉඩහැර ක්රියා 17:27 කියවන්න.] අප දෙවි සමඟ කිට්ටු මිත්රත්වයක් ඇති කරගන්නවාට දෙවි කොතරම් කැමතිද කියා මේ ලිපිය කියවීමෙන් ඔබට දැනගන්න පුළුවන්.” දහවෙනි පිටුවේ ලිපිය පෙන්වන්න.
පිබිදෙව්! ජූලි
“අද බොහෝදෙනෙක් භූතවාදය හා සම්බන්ධ දේවල් ඇතුළත් චිත්රපටි හා විනෝදාංශවලට වැඩි කැමැත්තක් දක්වන බව පෙනෙන්න තිබෙනවා. භූතවාදය හා බැඳී දේවල් සම්බන්ධයෙන් ඔබ හිතන්නේ මොකක්ද?[ප්රතිචාරයට ඉඩහැර ද්විතීය කතාව 18:10-12 කියවන්න.] භූතවාදය ගැන බයිබලයේ පවසන්නේ මොකක්ද කියලා මේ ලිපියෙන් දැනගන්න පුළුවන්. දහවෙනි පිටුවේ ලිපිය පෙන්වන්න.
මුරටැඹ අගෝ. 1
“අද පරිසරයට සිදු වන හානිය නිසා අනාගතයේදී පෘථිවියේ ජීවත් විය හැකි තත්වයක් තිබේද කියා මිනිසුන් තුළ බියක් තිබෙනවා. ඔබ ඒ ගැන සිතන්නේ කුමක්ද? [ප්රතිචාරයට ඉඩහැර ගීතාවලිය 37:11 කියවන්න.] අපට අනාගතය දෙස ශුභවාදී ලෙස බැලීමට බයිබලයේ සඳහන් වී තිබෙන හේතු කිහිපයක් මේ සඟරාවේ ඇතුළත් වෙනවා.”
පිබිදෙව්! අගෝ.
“ගෝලීය උෂ්ණත්වය නිසා අද මිනිස් ජීවිත තර්ජනයට ලක් වී තිබෙන බවයි බොහෝදෙනා සිතන්නේ. මෙයට විසඳුමක් තිබෙනවාද? [ප්රතිචාරයට ඉඩහැර යෙසායා 11:9 කියවන්න.] අපට දිගටම මේ පෘථිවියේ ජීවත් වීමට හැකි බව පැවසීමට තිබෙන හේතු ගැන මේ සඟරාවේ සාකච්ඡා කර තිබෙනවා.”